රංජන් කස්තුරි
දිවයිනේ සියලුම පාසල්වල ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන්ට අද (25) සිට පාසලේ දී ප්‍රධාන ආහාර වේලක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
ද පෝෂණවේදීන්ගේ නිර්දේශසැලකිල්ලට ගෙන සිසුන් අධ්‍යාපන කටයුතුවල නිරත වීමට පෙර පෙරවරු 7.30ත් 8.30ත් අතර කාලය තුළ මෙම උදෑසන ආහාර වේල ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි.
ක්‍රියාශීලී දරු පරපුරක් යන තේමාව යටතේ මෙවර 2024 වර්ෂය සඳහා ක්‍රියාත්මක පාසල් ආහාර වැඩ සටහන මගින් පාසල් සිසුන් අතර පෝෂණ ගැටලු අවම කිරීම, සිසුන්ගේ දෛනික පාසල් පැමිණීම වර්ධනය කිරීම, යහපත් ආහාර පුරුදු හා සෞඛ්‍ය පුරුදු වර්ධනය කිරීම, අධ්‍යාපන සාධන මට්ටම් වර්ධනය සඳහා දායක වීම සහ දේශීය ආහාර සංස්කෘතිය ගොඩනැගීම යන මූලික අරමුණු හතර ඉටු කරගැනීමට අපේක්ෂිත යැයි ද එම අමාත්‍යාංශය කියයි.
රට පුරා රජයේ පාසල් 9134 ක ප්‍රාථමික ශ්‍රේණිවල (1 -5) සියලු සිසුන් හා 100ට අඩු සිසුන් සංඛ්‍යාවක් සිටින සියලු ම පාසල් ද ආවරණය වන පරිදි සිසුන් ලක්ෂ 16 ක් මෙවර පාසල් ආහාර වැඩසටහනේ ප්‍රතිලාභ ලබන අතර ඒ සඳහා රජය රුපියල් කෝටි 16,60 ක් වැය කරන ඛව ද ඵම අමාත්‍යාංශය සදහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
358
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
214
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ප්‍රාථමික පාසල් දරුවන්ට අද සිට දිවා ආහාරය
kumara Monday, 25 March 2024 07:33 AM
කෑම වගේම ක්‍රියාශීලී දරු පරපුරක් (ව්‍යායාම ආදියෙන්) සදහා වැඩ කරන්න පුලුවන් නම් හොදයි.
යෝගා Monday, 25 March 2024 08:22 AM
කවුද මේක පාසල් මට්ටමින් ක්‍රියාත්මක කරන්නේ? කොන්ත්‍රාත්කාරයන් තෝරන්නේ ප්‍රින්සිපල්ලා නම් නියමෙට තියෙයි.
Sara Monday, 25 March 2024 08:51 AM
ඕකේ වියදම කෝටි 1660. නෙලුම් කුලුන රෙන්ට් එකට දීලා කවර් කරන්න පුළුවන්
C.K.Lankaputhra Monday, 25 March 2024 07:03 PM
කෑම දුන්නා කියලා රට කෑ අයට ඡන්දෙ නම් දෙන්නේ නෑ. තේරුණාද?