(සුජිත් හේවාජුලිගේ)
දැඩි ආර්ථික පීඩනය මත ආතතිය ලෙඩ රෝග වැඩිවීම හේතුවෙන් මේ රටේ පුරවැසියන් දහ දෙනෙකුගෙන් හය දෙනෙකුම අවදානම් කලාපයට ගොස් ඇතැයි ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තාවක සඳහන් වේ.
තව කල් යද්දි දස දෙනකුගෙන් අටක් වශයෙන් එය වැඩි වනු ඇතැයිද එම වාර්තාව පෙන්වා දෙයි.
මේ අතර පිටරටින් ගෙන එන භාණ්ඩ වලින් අතරමැදියන් සියයට තුන්සීයක අධික ලාභයක් ලබා ගන්නා බව ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අනාවරණය විය.
මේ අනුව ඉදිරි සභා වාරයේදී අදාල සියලු අංශ කැඳවා මේ පිළිබඳව සාකච්ඡා කිරීමට තීරණය කළ බව එම කාරක සභාවේ සභාපති පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
භාණ්ඩ මිල අධික ලෙස ඉහළ යාමට මෙය හේතුවක් බව එම කමිටුව පෙන්වා දෙන්නේය. එදින කමිටුව සියලුම මන්ත්‍රීවරුන්ට විවෘත කරන බවද හෙතෙම සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අදූරදර්ශි දුෂිත දේශපාලකයින් විසින් අපේ රටට කල විනාශයට අහිංසක මිනිසුන්ට වන්දි ගෙවීමට සිදුවී ඇත.