
(අංජුල මහික වීරරත්න)
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය විසින් රුපියල් මිලියන 356ක වියදමින් වව්නියාව පාලමොටෙයි ප්‍රදේශයේ ඉදි කළ වියළි මිරිස් සැකසුම් හා ඇසුරුම් මධ්‍යස්ථානය කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතින් විවෘත කෙරිණි.
මේ සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ශ්‍රී ලංකා රජය, ලෝක බැංකුව හා යුරෝපා සංගමය විසින් ලබා දී තිබේ.
මෙම ප්‍රදේශයේ ගොවීන් 300ක් විසින් මිරිස් අක්කර 150ක වගා කරන අතර එම වියළි මිරිස් දේශීය වෙළෙඳපලට සරිලන අයුරින් සැකසුම් කිරීම හා ඇසුරුම් කිරීම මෙම මධ්‍යස්ථානය මගින් සිදු කෙරේ.
ලංකාවේ වාර්ෂික වියළි මිරිස් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 52,500කි. නමුත් 2022 වසර වන තෙක් මෙරට වාර්ෂික වියළි මිරිස් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 5000ක් විය. ඉතිරි මෙට්‍රික් ටොන් 48,500ම ආනයනය කරනු ලැබිණි.
2023 වර්ෂයේ මෙරට සමස්ත වියළි මිරිස් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 10,000ක් දක්වා පැවැති ප්‍රමාණයට වඩා දෙගුණයකින් ඉහළ ගිය බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරනවා විතරයි ඒවා යෙන් නිසි පරිදි ප්‍රයොජන ගන්නේ නැ මුදල් නාස්තිය පමනයි රජයෙ නිලධාරීන් කාලකන්නි -5ක්ම නිකමො .