IMG-LOGO

2024 මැයි මස 05 වන ඉරිදා


සුපිරි අවන්හල් 12 ක් උසාවියෙන් වහයි

(මනෝප්‍රිය ගුණසේකර)

ඇමරිකාවේ සුප්‍රකට පිසු ආහාර ජාලයක් වන ‘මැක් ඩොනල්ඩ්’ අවන්හල් ජාලයේ මෙරට පවත්වාගෙන යන අවන්හල් 12ක කටයුතු පවත්වාගෙන යෑම වළකාලමින් කොළඹ වාණජ මහාධිකරණ විනිසුරු සුමිත් පෙරේරා මහතා වාරණ නියෝගයක් නිකුත් කළේය.

මෙරට ‘මැක් ඩොනල්ඩ්’ අවන්හල් පිරිසුදුව” සෞඛ්‍ය ආරක්‍ෂිතව හා නිසි තත්වයෙන් යුතුව පවත්වාගෙන නොයන බව සඳහන් කරමින් ‘මැක් ඩොනල්ඩ්’ මව් සමාගම කළ ඉල්ලීමක් පිළිගනිමින් ලබන 12 වැනිදා දක්වා බලපැවැත්වෙන අන්දමට අදාළ වාරණ නියෝගයක් නිකුත් කළේය.

ඇමරිකාවේ සුප්‍රක‍ට පිසූ ආහාර ජාලයක් වන ‘මැක් ඩොනල්ඩ්’ අවන්හල් ජාලයේ මව් සමාගම විසින් පවරා ඇති මෙම නඩුවේ වගඋත්තරකරුවන් වශයෙන් ‘මැක් ඩොනල්ඩ්’ අවන්හල් ජාලයේ මෙරට අවන්හල් 12ක් නම් කර ඇත.

නීතීඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් මත ‘මැක් ඩොනල්ඩ්’ අවන්හල් ජාලයේ මව් සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ආචාර්ය රොමේෂ් ද සිල්වා මහතා කරුණු දක්වමින් මෙරට ‘මැක් ඩොනල්ඩ්’ අවන්හල් පිරිසුදුව” සෞඛ්‍ය ආරක්‍ෂිතව හා නිසි තත්වයෙන් යුතුව පවත්වාගෙන යන ලෙස මව් සමාගම විසින් අවස්ථා ගණනාවකදීම උපදෙස් දී ඇතත් ඔවුන් එම උපදෙස් පිළිපැදීමකින් තොරව කටයුතු කරන්නේ යැයි කීය.

‘මැක් ඩොනල්ඩ්’ අවන්හල් මෙරට පවත්වාගෙන යන්නේ ‘මැක් ඩොනල්ඩ්’ අවන්හල් ජාලයේ මව් සමාගම සමඟ එළැඹි ගිවිසුමකට අනුව බවත් වගඋත්තරකාර මෙරට ‘මැක් ඩොනල්ඩ්’ අවන්හල් එම ගිවිසුමකට අනුව කටයුතු නොකරන්නේ යැයිද එම ගිවිසුම අනුව පිරිසුදුව සෞඛ්‍ය ආරක්‍ෂිතව හා නිසි තත්වයෙන් යුතුව පවත්වාගෙන යන ලෙස ඔවුන්ට අවස්ථා කිහිපයකදීම දැනුම් දුන්නත් ඔවුන් ඒ අනුව කටයුතු නොකිරීම නිසා ගිවිසුම අවංගු කිරීමට මව් සමාගම තීරණය කළේ යැයිද කී ජනාධිපති නීතීඥ ආචාර්ය රෝමේෂ් ද සිල්වා මහතා ගිවිසුම අවලංගු කළ පසුවද වගඋත්තරකාර මෙරට ‘මැක් ඩොනල්ඩ්’ අවන්හල් එලෙසම සිය කටයුතු පවත්වාගෙන යන්නේ යැයිද කීය.

එහෙයින් මෙරට ‘මැක් ඩොනල්ඩ්’ අවන්හල් වල කටයුතු පවත්වාගෙන යෑම වළකාලමින් වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි ආචාර්ය රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයෙන් ඉල්ලීමක් කළේය,

ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව පෙත්සම්කාර ‘මැක් ඩොනල්ඩ්’ මව් සමාගම කළ ඉල්ලීමක් පිළිගනිමින් ලබන අදාළ වාරණ නියෝගයක් නිකුත් කළ අධිකරණය මෙම පෙත්සම ලබන 12 වැනිදා යළි කැඳවීමට නියම කළේය.

 



අදහස් (14)

සුපිරි අවන්හල් 12 ක් උසාවියෙන් වහයි

sachith Sunday, 24 March 2024 09:54 PM

"‘මැක් ඩොනල්ඩ්’ අවන්හල් ජාලයේ මෙරට අවන්හල් 12ක්"නෙමෙයි මෙරට මැක් ඩොනල්ඩ්ස් ජාලයේ නියෝජිත ආයතනයට එරෙහිව නේද නඩුව තියෙන්නේ ?ඇයි ඒ සමාගමේ නම ප්‍රකාශ කරන්න බයද ?

:       1       45

සමන්ත Sunday, 24 March 2024 10:33 PM

යකෝ.මේක මාර වැඩක් නේ. මම දන්න විදිහට ඕක ඉස්සර නම් කලේ අබාන්ස් කියන සමාගම. මොන ආයතනය කලත්, මේ තරම් කාලයක් ලංකාවේ මිනිස්සුන්ටත්, සංචාරකයන්ටත් මුන් විකුනන් කාලා තියෙන්නේ ජරාව. තමන් ගේ මව් සමාගමේ ව්‍යාපාර නාමය භාවිත කරම්න්, එම අණට පයින් ගසමින්, නීතිය අතට ගෙන රටේ ජනයාගේ සෞඛ්‍ය සහ ආරක්‍ෂාව බල්ලට දමා කටයුතු කොට, රටේ කීර්තියද විනාශ කල මෙම ජඩ ආයතනයට විරුද්ධව සාමූහික වන් දි නඩුවක් ජනතාව විසින් ගොනු කල යුතුය​. එයට අමතරව රජය මගින් විශාල දඩයක්ද පනවන ලෙස අදාල ආයතන වෙත ඉල්ලා සිටිමු. මේ සෙල්ලම් කොට ඇත්තේ ජාතියේ දූ දරුවන් ගේ ජීවිත සමගිනි. ​

:       0       48

Srinath priyantha Sunday, 24 March 2024 11:05 PM

ඇමරිකාව කිව්වට අපේ phi මහත්වරු බැලුවම හොඳට තියනවා අප ටු ඩේට් .පාරවල් දිගටම පෙට්ටි කඩ දාලා කෑම විකුනනවා .ඒවාගෙන් කෑවම ප්‍රයිවට් දොස්තරලා කල්ලමරේ .වෙලාවකට හිතෙනවා මේකත් ජාලයක්ද කියලා .phi සහ දොස්තර ජාලය

:       4       21

Bamunuarachchi Monday, 25 March 2024 02:29 AM

මුළු ලංකාවම අපිරිසිදුයි.

:       10       26

Ari Monday, 25 March 2024 03:22 AM

මෙය සිදුවන තුරු අපගේ මහජන සෞඛ්‍ය බලධාරීන් (PHIs සහ MOHs ඇතුළුව) කොහිද? ඔවුන් මීට පෙර මෙය හොඳින් කළ යුතුව තිබුණි.

:       2       27

B Amarasinghe Monday, 25 March 2024 03:37 AM

අහෝ අබාන්ස් නොදිටි මොක්පුර!

:       0       42

සුනිමල් Monday, 25 March 2024 12:01 PM

අමරසිංහ මහතා හරියට හරි වගකීම් සහතික දෙනවා කිව්වාට එම ආයතනයේ කිසිම වගකීමක් බාර ගන්නේ නැහැ අපි මිලට ගන්නා භාණ්ඩ ගැන දත්ත කිසිවක් ඔවුන් ළඟ නැහැ. සමහර ආයතන තියෙනවා පාරිභෝගිකයින්ගේ හැඳුනුම්පත් අංක දුන්නාම ඔවුන්ගෙන් ගත් භාණ්ඩ ගැන සම්පූර්ණ විස්තරයක් ගන්න පුළුවන්. ඒත් මෙහි එහෙම කිසිවක් නැහැ. කොහොම වුණත් පාරිභෝගිකයින් ගැන සැලකිලිමත් නොවුණොත් නුදුරු අනාගතයේම ඔය කියන ආයතනයත් වැසීයන්න පුළුවන් බව පේනවා...

:       0       10

රංබොඩ Monday, 25 March 2024 11:05 AM

මව් සමාගමවත් ඒක දැක්ක එක හොඳයි. නැත්නම් වසයි, කුණුයි, විෂබීජයි සේරම ගිල දමනවා. අපේ කට්ටිය මසට තියෙන පේරේතකමට...!

:       0       17

Nimal Monday, 25 March 2024 11:55 AM

ලංකාවේ හැටියට ඔය අවන්හල් වලට අත තියන්න කවුරුත් බයයි. නිකන් මැරුම් කන්නේ මොකටද කියලා ඉන්නවා.

:       1       13

H H L Priyantha De Silva Monday, 25 March 2024 07:10 PM

කෝකත් ඔච්චර තමයි...

:       0       3

Nihal Monday, 25 March 2024 07:55 PM

ලංකාවේ නගරවල තේ කඩ හෝටල්වල කුස්සි දැක්කා නම්? මෙන්න අසූචි අපාය කියනවාමයි

:       0       3

Abdul Rahman Monday, 25 March 2024 08:00 PM

මේක පිළිගන්න බැහැ... මෙම අවන්හල ලංකාව තුළ දිගින් දිගටම පාඩු ලබන අවන්හලක් වුණා. අපේ මිනිස්සු දේශීය දේට නැඹුරු වීමත් ආර්ථික ප්‍රශ්නත් හේතු කොට ගෙන මෙවැනි අවන්හල් ප්‍රතික්ෂේප කළා. මව් සමාගමේ නම්බු නාම බේරා ගැනීම උදෙසා දැන් බොරු නාට්‍යයක් රඟ දක්වනවා.. යනුවෙන් හැඟෙනවා අපේ රටේ නම්බුවත් කන ගමන්...!

:       8       1

pakeerMonday, 25 March 2024 09:33 PM

උඹ කාපන් පුන්නක්කු

:       0       0

sam Monday, 25 March 2024 09:49 PM

ඇමරිකාවේ සුප්‍රකට පිසු ආහාර ජාලයක් වන ‘මැක් ඩොනල්ඩ්’ අවන්හල් ජාලයේ මෙරට පවත්වාගෙන යන අවන්හල් 12ක කටයුතු පවත්වාගෙන යෑම නවතා ඇත. සෞඛ්‍ය ආරක්‍ෂිතව, අවන්හල් පිරිසුදුව හා නිසි තත්වයෙන් ‘මැක් ඩොනල්ඩ්’ අවන්හල් ජාලයේ අලෙවිකරනා සියල්ල පවත්වාගෙන යාහැකි නම් වෙනත් සමාගමකට ‘මැක් ඩොනල්ඩ්’ නාමය නොව වෙනත් නාමයකින් වෙනත් අවන්හල් ජාලයක් අරඹ කිරීමට අවස්ථව ලැබී ඇත. නීතිමය වසයෙන් එසේ කළහැකිද කියා සොයා බැලීම පළමුව කලයුතුවේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනප්‍රිය රංගන ශිල්පී බර්නාඩ් හිල් සමුගනී
2024 මැයි මස 05 44 0

බ්‍රිතාන්‍ය රංගන ශිල්පී බර්නාඩ් හිල් අද (5) අභාවප්‍රාප්ත විය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහු 79 වියෙහි පසුවුණු බවය.


යතුරු පැදි තරඟයෙන් තරුණ ජීවිත දෙකක් විනාශයි
2024 මැයි මස 05 134 0

තරුණයන් දෙදෙනකු පැද වූ යතුරුපැදි දෙකක් අද (5) අලුයම මිරිහාන නව රෝහල මාර්ගයේ කිඹුලාවල ප්‍රදේශයේදී මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරින් දෙදෙනාම මියගොස් ඇත


ලොව සලිත කළ බෙයිජිං මෝටර් රථ ප්‍රදර්ශනයට මාදිලි 117ක්
2024 මැයි මස 05 27 0

චීනයේ විශාලතම මෝටර් රථ ප්‍රදර්ශනය වන බෙයිජිං මෝටර් රථ ප්‍රදර්ශනය පසුගිය 25 වෙනිදා සිට ඊයේ (04) වැනිදා දක්වා බෙයිජිං නුවරදී පැවැත්විණි.


මෙරට දෙදෙනකුට ජපානයෙන් ඉහළ සම්මාන
2024 මැයි මස 05 452 0

ජපන් ශ්‍රී ලංකා මිත්‍ර සබඳතාවය වැඩිදියුණු කිරීම සඳහා ලබාදුන් දායකත්වය අගයමින් ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු වන කෝසල රෝහණ වික්‍රමනායක සහ අතුල රොබට් ෆ්‍රැන


තද සුළං - මුහුද රළුවීම ගැන අවධානයෙන් ඉන්න
2024 මැයි මස 05 201 0

රටපුරා මුහුදු ප්‍රදේශ රැසක තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව අවධානය යොමුකළ යුතු බවත් එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල නිරතවන ධීවර සහ නාවික ප්‍


අවදානමින් රැගෙන ගිය මිනී පෙට්ටි පොලිසියේ තියා ගනී
2024 මැයි මස 05 1015 0

අනතුරුදායක ලෙස මිනී පෙට්ටි තොගයක් ලොරියක ප්‍රවාහනය කරමින් තිබියදී අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 496 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1946 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1711 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site