(යොහාන් භාසුර)
සංචාරක ශ්‍රී ලංකා පිල සහ බංග්ලාදේශ පිල අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සිලාත්හිදී පැවැත්වෙන පළමු තරගයේ තෙවැනි දිනය වූ අද (24) ක්‍රීඩාව අවසන් කරන විට බංග්ලාදේශ පිල දෙවැනි ඉනිමේදී කඩුලු පහක් දැවී ලකුණු 47 ක් පමණක් රැස්කර අමාරුවේ වැටී සිටියේය.
කඩුලු 5 ක් පමණක් අතැතිව ලකුණු 464 ක් පසු පසින් සිටින සත්කාරක බංග්ලාදේශය පරාජයෙන් ගැලවීමට නම් දින දෙකක් ඉතිරි කඩුලු පහ ආරක්‍ෂා කරගත යුතුය.
තරගයේ දෙවැනි දිනය අවසන් වන විට දෙවැනි ඉනිමේ කඩුලු 5 ක් දැවී 119 ක් රැස්කර සිටි ශ්‍රී ලංකා පිල ලකුණු 418 ක් රැස්කිරීමට සමත් විය. ඒ අනුව ශ්‍රී ලංකා පිල ලකුණු 510 ක වාසියක් ලබාගත්තේය.
පළමු ඉනිමේදී ද ශතක දෙකක් රැස්කරමින් ශ්‍රී ලංකා පිලේ ගැලවුම්කරුවන් වූ නායක ධනංජය ද සිල්වා (108) සහ කමිඳු මෙන්ඩිස් (164) පිට පිටම ශතක දෙකක් රැස්කරමින් හත්වැනි කඩුල්ලට ලකුණු 173 ක සම්බන්ධතාවක් පැවැත්වූහ.
කමිඳු මෙන්ඩිස් රැස්කළ ශතක දෙක ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ අංක 7 හෝ ඊට පහළ පිතිකරුවෙක් ඉනිම දෙකේදීම ශතක රැස්කළ පළමු අවස්ථාව ලෙස ලෝක වාර්තාවක් බවට පත්විය.
ධනංජය ද සිල්වාගේ ශතක දෙක ශ්‍රී ලංකා ටේස්ට් නායකයෙක් ඉනිම දෙකේදීම ශතක රැස්කළ පළමු අවස්ථාව වන අතර ධනංජය ද සිල්වා ඉනිම දෙකේදීම ශතක රැස්කළ හය වැනි සහ කමිඳු මෙන්ඩිස් හත්වැනි ශ්‍රී ලාංකිකයෝ බවට ද පත්වූහ.
ශ්‍රී ලංකා පිල පළමු ඉනිම ඕවර 68 කද සියලු දෙනා දැවී 280 (ධනංජය ද සිල්වා 102, කමිඳු මෙන්ඩිස් 102, කලීඩ් අහමඩ් 72/3, නහීඩ් රනා 87/3) බංග්ලාදේශ පිල පළමු ඉනිම ඕවර 51.3 කදී සියලු දෙනා දැවී 188 (තයිජුල් ස්ලාම් 47, ලින්ටන් දාස් 25, කලීඩ් අහමඩ් 22, විශ්ව ප්‍රනාන්දු 48/4, කසුන් රාජිත 56/3, ළහිරු කුමාර 31/3) ශ්‍රී ලංකා පිල දෙවැනි ඉනිම ඕවර 110.4 කදී සියලු දෙනා දැවී 418 (දිමුත් කරුණාරත්න 52, ඇන්ජලෝ මැතිව්ස් 22, ධනංජය ද සිල්වා 108, කමිඳු මෙන්ඩිස් 164, ප්‍රභාත් ජයසූරිය 25, නහීඩ් රනා 128/2, තයිජුල් ස්ලාම් 75/2, මෙහෙදි හසන් මිරාෂ් 74/4) බංග්ලාදේශ පිල දෙවැනි ඉනිම ඕවර 13 කදී කඩුලු 5 ට 47 (ශකීර් හසන් 19, විශ්ව ප්‍රනාන්දු 13/3)
2025 දෙසැම්බර් මස 18
358
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
214
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බංග්ලාදේශය ලකුණු 464 ක් පසු පසින්
Senarath Monday, 25 March 2024 09:48 AM
ධනංජය සහ කමිදු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කලයුත්තේ කොහොමද කියලා ලෝකෙට කියලා දුන්නා.අපේ උපහාරය ඔබ දෙපලට