(අංජුල මහික වීරරත්න)

57 වන අලුත් සහල් මංගල්‍යය අප්‍රේල් මස 6 වැනිදා  පැවැත්වීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

2023 මහ කන්නයේ වී අස්වැන්නෙන් කොටසක් අනුරාධපුර ශ්‍රී මහා බෝධියට පූජා කිරීම සඳහා වාර්ෂිකව අලුත් සහල් මංගල්‍ය පවත්වයි.

අලුත් සහල් මංගල්‍යය සඳහා ගොවි ජනතාව විසින් පරිත්‍යාග කරන 2023 මහ කන්නයේ වී අස්වැන්නෙන් ලබා ගත් අලුත් සහල් බාරගැනීම මෙම දිනවල දිවයිනේ සියලුම ගොවිජන මධ්‍යස්ථානවලින් සිදු කෙරේ. එම සහල් බාර ගැනීමේ අවසන් දිනය මාර්ත මස 25 දිනය බව ද ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කියයි.

ජනාධිපතී රනිල් වික්‍රමසිංහ ,කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහත්වරු ඇතුළු මැති ඇමැතිවරුන් රැසකගේ සහභාගීත්වයෙන් අලුත් සහල් මංගල්‍යය  පැවැත්වේ.