IMG-LOGO

2024 අප්‍රේල් මස 29 වන සඳුදා


රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ රැස්වීමකට ජනපති හදිසියේ යයි

(අංජුල මහික වීරරත්න)

නවීන වෛද්‍ය සේවාවන්ට ගැලපෙන පරිදි නව තාක්ෂණය සමඟ අනුගත වෙමින් මෙරට සෞඛ්‍ය සේවාව තුළ සිදු කළ යුතු නව පරිවර්තනයන් පිළිබඳ පුළුල් සංවාදයක් සිදු කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සමඟ පැවති හමුවකදීය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සංවිධානය කළ “නායකත්වය සහ නිපුණතා සංවර්ධන” දෛදින වැඩමුළුවක්  පෙළොන්නරුව සුදු අරලිය හෝටලයේ දී ආරම්භ වූ අතර එහි පැවති වෙනත් නිල වැඩසටහනකට සහභාගීවීමට පැමිණි සිටි ජනාධිපතිවරයා මුණ ගැසුණු අවස්ථාවේ දී තම වැඩමුළුව පැවැත්වෙන ස්ථානයට ද කෙටි වේලාවකට හෝ පැමිණෙන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් හදිසි ඇරයුමක් ලැබිණි

එම හදිසි ඇරයුම පිළිගත් ජනාධිපතිවරයා එම ස්ථානයට පැමිණ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සාමාජිකයන් සමඟ සුහද කතා බහක නිරත විය‍ෙ

යටත් විජිත යුගයේ සිට ගොඩනගාගත් නිදහස් වෛද්‍ය ක්‍රමයක් ශ්‍රී ලංකාව සතු බවත් එය ලෝකයම පිළිගෙන ඇති බවත් මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා එම අතීත අත්දැකීම්ද සමඟ ගුණාත්මක සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් සෞඛ්‍ය සේවාවක් රට තුළ සහතික කළ යුතු බව සඳහන් කළේය.

කෘත්‍රීම බුද්ධිය ඇතුළු  නවීන තාක්ෂණය සෞඛ්‍ය සේවාවට එක් කර ගැනීමේ හැකියාවද පෙන්වා දුන් ජනාධිපතිවරයා ඉදිරි වසර 10-15 තුළ මෙම නව පරිවර්තනයන් සිදු කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කිරීම වෙනුවෙන් ක්ෂේත්‍රයේ සියලුදෙනා සමඟ පුළුල් සංවාදයක් සිදු කිරීමට අපේක්ෂා කරන බවද පැවසීය.

 



අදහස් (2)

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ රැස්වීමකට ජනපති හදිසියේ යයි

nimesh Monday, 25 March 2024 08:26 AM

දේශපාලකයන්ට වැඩියෙන්ම බැන බැන සමාජ ජාලවල කෑගහන්නෙත් දොස්තරලමයි. දේශපාලකයන් තමන්ගෙ දීමනා පමණක් වැඩි කරගන්නකොට වැටුප් පතේ පින්තූරත් එක්කම සමාජ මාද්‍යවල පුදුම විදියට වැලපුනේ. හබැයි දොස්තරලට විතරක් 35,000 ක් වැඩි කලාම මීක් නෑ. එක ඉතාම සාධාරනීයකලා. දැන් තමන්ගෙ රැස්වීම් වලටත් ජනාධිපතිට ආරධනා කරනව. ඕක තමා කියන්නෙ කන්න ඔනි වෙනකොට කබරගොයත් තලගොයා වෙනව කියල.

:       2       15

පිටරටවැසියා Monday, 25 March 2024 01:23 PM

Nimesh, කන්න ඕන වෙනකොට, තුවාලෙත් ලෙවකනවා කියලා කියන්න, අදට ගැලපෙන විදිහට..

:       1       5

ඔබේ අදහස් එවන්න

දියත

උඩරට මන්ත්‍රීවරයකුට ’’බාර්’’ තෑගි
2024 අප්‍රේල් මස 28 102 0

මධ්‍යම පළාතේ විපක්ෂයේ ද්‍රවිඩ ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු රුපියල් කෝටි දෙකකට වැඩි වටිනා මත්පැන් බලපත්‍ර දෙකක් ලබාගෙන එම මත්පැන් බලපත්‍ර දෙක ම


‍කෙල්ල බලන්න ගිය කොල්ලා දවස් 7 ක් තිස්සේ අතුරුදන්
2024 අප්‍රේල් මස 28 427 0

සිය පෙම්වතිය බව කියන තරුණියකගේ කුලියාපිටිය ප්‍රදේශයේ නිවෙසකට ගිය තිස් හැවිරිදි අයකු දින හතක් තිස්සේ අතුරුදන්ව ඇති බව කුලියාපිටිය මූලස්ථාන පොලිසිය ප


වැඩ කරන සැමට විශ්‍රාම වැටුපක්
2024 අප්‍රේල් මස 28 246 0

වැඩ කරන සෑම කෙනකුටම විශ්‍රාම වැටුපක් හෝ ඊටීඑෆ්/ඊපීඑෆ් ලැබෙන ආකාරයේ යෝජනාවක් ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව කම්කරු, හා විදේශ රැකියා අමාත්‍ය


වාහන ආනයන තහනම ඉවත් කිරීමට තීරණයක්
2024 අප්‍රේල් මස 28 841 1

වාහන ආනයනය කිරීමට පනවා තිබෙන තහනම ලබන වසර මුලදී ඉවත් කිරීමට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගනු ඇතැයි භාණ්ඩාගාර ජ්‍යෙෂ්ඨ


කොන්ත්‍රාත්කරුවන්ට පොලු තියලා ව්‍යාපෘති 35 ක් කොටඋඩ
2024 අප්‍රේල් මස 28 159 0

මහා පරිමාණ ව්‍යාපෘති 35 කට සම්බන්ධ කොන්ත්‍රාත් 300කට අධික සංඛ්‍යාවක් පසුගිය වසරේදී අත්හිටුවා ඇති බවත් එලෙස අත්හිටවූ කොන්ත්‍රාත් අතරින් නවයක් සඳහා වන්ද


ටයර් සමාගමකින් කෝටි 26ක බදු පොල්ලක්
2024 අප්‍රේල් මස 28 381 0

මෙරට ප්‍රසිද්ධ ටයර් නිෂ්පාදන සමාගමක් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 26 කට අධික දඩ මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි වාර්තාවේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 374 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1769 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1601 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site