IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


රක්ෂිතයේ දැව කපා පැටවු හතරක් මාට්ටු

(  සිතුම් චතුරංග)

රක්ෂිත ප්‍රදේශයන්හි නීති විරෝධීව තේක්ක දැව කඳන් කපා ටිපර් රථවලින් ප්‍රවාහනය කළ පුද්ගලයින් සිව්දෙනකු වවුනියාව නගරය ආසන්නයේදී අත්අඩංගුවටගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

වැලි ප්‍රවාහනය කරන මුවාවෙන් රහසිගත ලෙස සිදුකෙරෙන දැව ජාවාරමක් සම්බන්ධයෙන් පුලියංකුලම පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුර වෙත ලැබුණ තොරතුරක් මත සිදුකළ විශේෂ වැටලීමකදී ටිපර් රථ දෙකක් තුල රැගෙන යමින් තිබූ තේක්ක දැව කඳන් 40 ක් සමඟ සැකකරුවන් අත්අඩංගුවටගත් බව විශේෂ කාර්ය බලකාය පැවසීය.

අත්අඩංගුවටගත් තේක්ක දැව කඳන් තොගයේ වටිනාකම රුපියල් මිලියනයකට අධික වන අතර වවුනියාව ප්‍රදේශයේ දැව මඩු සඳහා සැකකරුවන් තේක්ක දැව කඳන් රැගෙනයමින් තිබූ බවට අනාවරණයවූ බවත් සඳහන් කළේය.

 

 



අදහස් (0)

රක්ෂිතයේ දැව කපා පැටවු හතරක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 358 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 214 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site