IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අසනීප වූ සරසවි සිසුවා මියයයි

(ලාල් එස් කුමාර)

කැලණිය විශ්ව විද්‍යාලයේ  කන්නන්ගර සිසු නේවාසිකාගාරයේ සිටි සිසුවකුහට ඊයේ (24) රාත්‍රි ඇතිවු හදිසි රෝගී තත්වයක් හේතුවෙන් කිරිබත්ගොඩ රෝහලට ඇතුලත් කිරිමෙදි  මියගොස් ඇත. 

මෙසේ මියගොස් ඇත්තේ කරමැටිය බෝගහපැලැස්ස බඩල්කුබුර පදිංචිව සිටි නිරෝෂන් ලක්මාල් නමැති සිසුවෙක් බවත් එම සිසුවා  04 වන වසරේ (කලා අංශයේ)  අධ්‍යාපනය ලබමින් සිටි බව සිසුවෝ පවසති. 

මෙම සිසුවා මියයාමත් සමග එම විශ්වවිද්‍යාලයේ  ශිෂ්‍යයෝ අද (25) අලුයම් කාලයේ සිට විශ්වවිද්‍යාලයට ඇතුල් වන දොරටු වසා දමා ඒ ඉදිරිපිට වාඩිවී  සිටිති.  

ඔවුන් පවසන්නේ එම ශිෂ්‍ය නේවාසි ගාගාරයේ සිටි සිසුවා රෝගී වී සිටි අවස්ථාවේ පරිපාලනයට දැන්වුවත් වාහනයක් ලබාදීමට විනාඩි හතළිහකට පමණ කාලයක ගතවූ බවත්ය. 

කෙසේ නමුත් අසාධ්‍ය තත්ත්වයේ පසුවු සිසුවා රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇති බවත් ,   මීට විනාඩි කිහිපයකට  පෙර සිසුවා රැගෙන පැමිණියේ නම් ඔහුගේ ජීවිතය බේරා ගත හැකිව තිබු  බව  රෝහල් වෛද්‍යවරුන් පවසා ඇතැයි සිසුවෝ පවසති . 

මේ හේතුවෙන් සිදුවූ ප්‍රමාදයට පරිපාලනය වගකිය යුතු යැයි පවසමින් මේ වන විට සිසුන් විශ්ව විද්‍යාල මාර්ගයේ රැඳී සිටිමින් පරිපාලනයේ ක්‍රියා පිළිවෙතට  විරෝධය පළ කරයි .

මේ වන විට විශ්ව විද්‍යාල  ආචාර්යවරුන්, අනධ්‍යයන  හා  සේවකයන් සිය රාජකාරී කටයුතු සඳහා විශ්ව  විද්‍යාලය තුළට ඇතුළු වීමට නොහැකිව විශ්ව විද්‍යාල මාර්ගයේ රැඳී සිටි .   



අදහස් (9)

අසනීප වූ සරසවි සිසුවා මියයයි

Lal Monday, 25 March 2024 10:27 AM

Art නම් රටට බරක් නොවුණු එක ලොකු දෙයක්...!

:       17       4

රංබොඩ Monday, 25 March 2024 10:30 AM

මෙයාලාට ඉතින් විප්ලව කරන්න පුංචි හේතුවක් ඇතිනේ... රටේ කාලය, ධනය නාස්ති කරන්නේ කිසිම වගකීමක් නැති හිස් මිනිසුන් වගේ...!

:       9       13

Jayasekara Monday, 25 March 2024 10:53 AM

එතකොට කොළඹ ප්‍රධාන පාරවල් වහගෙන, ජන ජීවිතයට අදාළ වන ලෙස... මාර්ගයේ විශාල තදබදයක් නිර්මාණය කරගෙන කරන සිසු ව්‍යාපාරවලදී... කීදෙනෙක් අසරණ රෝගීන් ලෙඩවෙලා අරගෙන යනකොට හිර වෙනවද කියලත් බලන්න. එහෙම කී දෙනෙක් මැරෙනවද කියලත් හොයලා බලන්න...

:       1       27

sumane Monday, 25 March 2024 11:09 AM

වාහනයක් දෙනකම් විනාඩි 40ක් හිටියේ... පාරේ යන වාහනයක් හරි, වීල් එකක හරි යැව්වා නම් ඉවරයිනේ...!

:       0       24

sam Monday, 25 March 2024 11:21 AM

ඒ ළමයාට නිවන් සුව. ලංකාවේ හදිසි අවස්ථා වලදී ලබාගත හැකි ගිලන් රථ සේවය පිළිබඳව වත් දැනුමක් නැති අය විශ්ව විද්‍යාලයේ ඉන්නවා කියලා තමයි හිතන්න වෙන්නේ. දැන් ඉතින් පාරවල් හරස් කරලා තමන්ගේ නොහැදියාව පෙන්නලා වැඩක් නැහැ...

:       0       45

අපිත් කැම්පස් ගියා Monday, 25 March 2024 11:22 AM

ත්‍රීවීල් එකක් කතා කරගන්න බැරිවුණාද මල්ලිලාට? ඒ වගේ සමාජ දැනුමක් වත් ඔයාලට නැද්ද?

:       0       49

Akila Print Monday, 25 March 2024 11:44 AM

අපරාදේ තරුණ ජීවිතයක්.. වාහනයක් මොකටද 1990 සුවසැරියට කතා කරානම් බේරාගන්න තිබුණානේ...

:       1       30

චින්තක Monday, 25 March 2024 12:20 PM

ඉතින් ඔය සිසුන්ට ලංකාවේ ක්‍රියාත්මක ලෝකයේ පවා පැසසුමට ලක්වූ සුවසැරිය ගැන හැඟීමක් තිබුනේම නැද්ද? තිබුණා වුණත් දේශපාලන අතකොලු නිසා නොසලකා හැරියාද කියලා විමර්ශනය කළොත් හොඳයි. ඒ නිසා මෙහෙම පාලනාධිකාරියට දොස් කියලා වැඩක් නැහැ. සිසුන් උද්ඝෝෂණ සඳහා තියෙන උනන්දුව මෙහෙම තත්වයක් ඇති වෙලාවට නොතිබීම මෙයට හේතුවක් වෙන්න පුළුවන්...

:       2       28

ඕෂල Monday, 25 March 2024 04:48 PM

1990 සුවසැරියේ යැව්වොත් unp sjb වලට ලකුණු වැටෙනවා. මරාගත්තොත් සතියක් දෙකක් ජෙප්පන්ට පෙරෙට්ටන්ට විකුණන් කෑව හැකියි...

:       4       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 358 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 214 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site