IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


යතුරුපැදි සොරාගෙන මස් කළ හතරක් දැලේ

( බී.ජි චතුරංග )

දිවයිනේ විවිධ ප්‍රදේශ වල යතුරු පැදි සොරකම් කර, කෑලි වලට ගලවා එම යතුරු පැදි අමතර කොටස් විකිණීමේ ජාවාරමක නිරත වූ  පුද්ගලයන් හතර දෙනකු, යතුරු පැදි  අංක තහඩු 116ක් සමග අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාශ විමර්ශන  පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අනුරාධපුර ශ්‍රාවස්තිපුර  අලුත් වැව , දඹුල්ල කිතුල් හිටියාව, මිරිස්ගෝනියාව හන්දිය,  හීන් මොරගොල්ල යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 29ත් 44ත් අතර වියේ පසුවන පුද්ගලයන් හතර දෙනකු බව පොලිසිය කියයි.‍

පසු ගියදා රාජාංගනය පහලමාරගහවැව  කෝමාරිකා වගා ව්‍යාපෘති භූමියක පැවති සංගීත ප්‍රසංග මාලාවක් අතරතුරදී  සොරකම් කරන ලද පල්සර් වර්ගයේ යතුරු පැදි දෙකක් සම්බන්ධයෙන් සිදු කල, දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මෙම ජාවාරම සම්බන්ධයෙන්  වැදගත් කරුණු රැසක් හෙලි කර ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි. 

මෙම ජාවාරමේ නිරත ප්‍රධාන සැකකරු සංගීත ප්‍රසංග භූමියේදී යතුරු පැදියක් සොරකම් කර එය රැගෙන යමින් සිටියදී එම යතුරු පැදිය ලොරියක ගැටීමත් සමග එම ස්ථානයේ දමා  නැවතත් සංගීත ප්‍රසංග භූමියට පලා ගොස්  පල්සර් වර්ගයේ තවත් යතුරු පැදියක් සොරකම් කිරිමට අදාළ පැමිණිල්ලක්  සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු  කිරීමේදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 

ෙඅත්අඩංගුවට ගත් සැකකරුවන් හතරදෙනා අතර යතුරු පැදිය සොරකම්  කල ප්‍රධාන සැකකරු , විකිණීමට දායක වූ අතරමැදිකරු , මිලදී ගත් පුද්ගලයා සහ යතුරු පැදි ගලවා අමතර කොටස් විකිණීමේ  නිරත වූ පුද්ගලයාද සිටින බව  පොලිසිය ප්‍රකාශ කළේය. 



අදහස් (0)

යතුරුපැදි සොරාගෙන මස් කළ හතරක් දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 358 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 214 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site