(සුජිත් හේවාජුලිගේ)

රට ආර්ථිකමය වශයෙන් අවදානම් තත්වයෙන් තවමත් මිදී නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.

රටේ ආර්ථිකයේ හැසිරවීමට හැකියාව ඇති පුද්ගලයා සහ දර්ශනයක් ඇති පුද්ගලයා කියන කාරණය ඉදිරි මැතිවරණයේදී තීරණාත්මක කාරණයක් වනු ඇතැයිද ඔහු සඳහන් කළේය.