වසර 21කට පසු Rotary Institute සම්මන්ත්‍රණය 2026 ලංකාවේදී
වසර 21ක විරාමයකින් පසු 2026 Rotary Institute සම්මන්ත්‍රණය සඳහා සත්කාරකත්වය දැක්වීමට ශ්‍රී ලංකාව සූදානම් වේ. මෙම සුවිශේෂි සම්මන්ත්‍රණය 2026 දෙසැම්බර් 18 සිට 20 දක්වා පැවැත්වීමට නියමිතය.
රොටරි කලාපීය ආයතනය (Rotary Zonal Institute) යනු, ඉන්දියාව, ශ්‍රී ලංකාව, භූතානය, නේපාලය සහ මාලදිවයන යන රටවල් ඇතුළත් රොටරි ජාත්‍යන්තර 4, 5, 6 සහ 7 කලාපවල වාර්ෂික නායකත්ව හමුවයි. මානුෂීය ගැටලු, නවතම ප්රවණතා සහ කලාපීය හොඳම භාවිතයන් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා වත්මන් හි