සිංගප්පූරු ගුවන් සමාගම සිය ගුවන් කාර්ය මණ්ඩලයේ පවතින පුරප්පාඩු සඳහා ශ්‍රී ලංකාවෙන්ද පිරිස් බඳවා ගැනීමට සූදානමින් සිටින බව පවසයි. ඒ අනුව ඊට අදාළ සම්මුඛ පරීක්ෂණ ලබන සැප්තැම්බර්/ ඔක්තෝබර් මාසවලදී පැවැත්වීමට සමාගම කටයුතු යොදා තිබේ.

 මේ සඳහා අයැදුම්කරන්නන් වයස අවුරුදු 18ට වැඩි විය යුතු බවත්, මනා ඉංග්‍රීසි දැනුමක් පැවතිය යුතු බවත් සඳහන් වෙයි. එසේම පිළිගත් විශ්වවිද්‍යාලයකින් ලබා ගත් උපාධියක් පැවතිය යුතු බවත් පැවසෙයි. කාන්තාවන් සඳහා උස අවම වශයෙන් මීටර් 1.58ක් සහ පිරිමින් සඳහා මිටර් 1.65ක් පමණ විය යුතුය. මීට අමතරව සිංගප්පුරුවේ සිට රැකියා සිදු කිරීමට බලාපොරොත්තුව තිබිය යුතු බවත් පවසයි. ශ්‍රී ලංකාවට අමතරව මැලේසියාව, හොංකොං, කොරියාව, ඉන්දියාව, ජපානය, තායිවානය සහ තායිලන්තය යන රටවලින්ද ගුවන් කාර්ය මණ්ඩල බඳවා ගැනීමට ගුවන් සමාගම සූදානමින් සිටියි.