ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කර ගන්නා පුද්ගලයින් ගණන ඉහළට
මේ වසරේ මුල් මාස 6 තුළදී ඇමෙරිකා පුරවැසියභාවය හිමි පුද්ගලයින් බොහෝ දෙනෙක් එම පුරවැසිභාවය ඉවත්කර ගෙන ඇති බව පර්යේෂණ වාර්තාවක දැක්වේ.මෙම පර්යේෂණය කර ඇත්තේ ’’බැම්බ්රිජ් එකවුන්ට්ස්’’ නම් ආයතනයය. ඉකුත් වසරවලට සාපේක්ෂව පුද්ගලයින් මෙලෙස ඇමෙරිකාවේ පුරවැසිභාවය ඉවත් කර ගැනීම ඉහළ ගොස් ඇතැයිද එම ආයතනය නිකුත් කළ පර්යේෂණ වාර්තාවේ සදහන් වේ.