එංගලන්තයේ දුම්රියක පිහි ඇනුමක් එංගලන්තයේ කේම්බ්‍රිජ්ෂයර් දුම්රියක ගමන් කරමින් සිටි පුද්ගලයන් පිරිසකට එල්ල වූ පිහි ප්‍රහාරයකින් පුද්ගලයින් 10 දෙනකු රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 02 November 2025
ටැන්සිනියාවේ විරෝධතා ටැන්සානියාවේ දින 3ක් පුරා පැවැත්වෙන මැතිවරණ විරෝධතා හේතුවෙන් 700කට වැඩි පිරිසක් මියගොස් ඇති බව එරට ප්‍රධාන විරුද්ධ පක්ෂය පවසයි. 01 November 2025
චීනයෙන් ගගන මෙහෙයුමක් ටිඇන්ගොන් නමින් නම් කළ චීන අභ්‍යවකාශ නැවතුම්පොළේ තවත් ඉදිකිරීමේ මෙහෙයුමක් ආරම්භ විය. ඒ සඳහා ’ෂෙන්සූ-21’ අභ්‍යවකාශ මෙහෙයුම දියක් කෙරුණු බව පැවැසෙයි. 01 November 2025
ලොව විශාලතම පුරාවිද්‍යා ඊජිප්තුවේ 1992 දී සැලසුම් කරන ලද මෙම කෞතුකාගාරයේ ඉදිකිරීම් 2005 වසරේ දී ආරම්භ කර ඇත. ඇමෙරිකානු ඩොලර් බිලියන 1.2ක මුදලක් වැය කරමින් 2023 වසරේ එහි ඉදිකිරීම් කටයුතු සම්පූර්ණයෙන් අවසන් කර තිබුණි. 01 November 2025
ඉන්දියන් සාගරයේ භූමිකම්පාවක් ඇමෙරිකා එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පැවැසුවේ, දකුණු ඉන්දීය සාගරයේ ගිනිකොනදිග කඳු වැටියේ කිලෝමීටර් 10ක් ගැඹුරින් මෙම භූමිකම්පාවේ අපිකේන්ද්‍රය ඇති බවය. 01 November 2025
එෆ්.බී.අයි අධ්‍යක්ෂකට චෝදනාවක් ඇමෙරිකාවේ නෑෂ්විල් නගරයේ පැවැති රෙස්ලිං ක්‍රීඩා තරඟයකදී ගායනයක් සිදුකළ පෙම්වතිය බැලීමට යාමට අධිකරණ දෙපාර්තමේන්තුවට අයත් ඩොලර් මිලියන 60 ක වටිනාකමින් යුත් ගුවන් යානයක් භාවිත කළ බවට එෆ්.බී.අයි අධ්යක්ෂ කෑෂ් පටෙල්ට චෝදනා එල්ල වී ඇත. 31 October 2025
ඇන්ඩෲ කුමරුන්ගේ ‘කුමරු’ පදවිය අහෝසියි බ්‍රිතාන්‍යයේ ඇන්ඩෲ කුමරුන්ගේ ‘කුමරු’ යන පදවිය ඉවත් කිරීමට තෙවැනි චාල්ස් රජු පියවර ගෙන ඇත. ඒ, 65 හැවිරිදි ඇන්ඩෲ කුමරුන්ට දිගින් දිගටම එල්ල වන චෝදනා සැලකිල්ලට ගනිමිනි. 31 October 2025
ඉන්දීය ජනපති ප්‍රහාරක යානයකට ගොඩවෙලා ඉන්දීය ජනාධිපතිනී ද්‍රෞපදී මුර්මු, එරට ගුවන් හමුදාව සමඟ එක් වී, ගුවන් හමුදාව සතු රෆායල් වර්ගයේ ප්‍රහාරක ජෙට් යානයක නැගී ගුවන් ගමනකට එක් වූවාය. 30 October 2025
ට්‍රම්ප් දකුණු කොරියාවේ ජපාන සංචාරය අවසන් කරමින්, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ දකුණු කොරියාව බලා පැමිණියේය. මෙය ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප්ගේ ආසියානු සංචාරයේ අවසන් නැවතුම ද වෙයි. 29 October 2025
බ්‍රසීලයේ අපරාධ කල්ලි පොලිසිය සමඟ ගැටෙයි බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ නගරයේ උතුරු දෙසින් ක්‍රියාත්මක සන්නද්ධ අපරාධ කල්ලියක් ලෙස ප්‍රසිද්ධ, ‘රෙඩ් කොමාන්ඩ් ගෑන්ග්’ කල්ලියේ සාමාජිකයන්ට එරෙහිව බ්රදීල පොලිසිය දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කළේය. 29 October 2025
සංචාරක ගුවන් යානයක් කඩා වැටෙයි කෙන්යාවේ සංචාරකයන් රැගත් කුඩා ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි සිටි 11 දෙනාම ජීවිතක්ෂයට පත්වුණු බව පැවැසෙයි. 29 October 2025
උතුරු කොරියාව මිසයිල අත්හදා බලයි ජපාන සංචාරය අවසන් කරමින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දකුණු කොරියාවේ සෝල් අගනුවර බලා පැමිණියේය. 29 October 2025
උතුරු කොරියා නායකයා හමුවන්න ට්‍රම්ප් සූදානම් ආසියානු සංචාරය අතරතුරේ, තමන් උතුරු කොරියා නායක කිම් ජොං උන් හමුවීමට කැමැත්තෙන් පසුවන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත. 28 October 2025
ට්‍රම්ප් ජපන් අගමැතිනිය හමුවෙයි ජපානයේ නිල සංචාරයක යෙදෙන ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, එරට නව අග්‍රාමාත්‍යවරිය වන සනෙයි ටකයිචී හමුවිය. ටකයිචී, අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු, ඇය හමුවුණු පළමු රාජ්‍ය නායකයා වන්නේ ඇමෙරිකන් ජනාධිපතිවරයා වීම විශේෂත්වයකි. 28 October 2025
ලිතුවේනියා බෙලරූස් දේශසීමා වසයි ලිතුවේනියාව බෙලරුස් සමඟ ඇති දේශසීමා හරස් මාර්ග වසා දැමීමට සැලසුම් සකස් කර ඇති බව ලිතුවේනියානු අගමැතිනී ඉන්ගා රූගිනියෙනේ පවසයි. 28 October 2025
ලොව වයස්ගතම ජනපතිට තවත් ජන වරමක් කැමරූන් ජනරජයේ ජනාධිපතිවරයා ලෙස පෝල් බීයා අඛණ්ඩව අටවැනි වරටත් තේරී පත් පත්විය. අවුරුදු 92 ක් වයසැති පෝල් බීයා ලෝකයේ වයස්ගතම රාජ්‍ය නායකයා ද වෙයි. 28 October 2025
ඇමෙරිකන් ජනපති ජපානයේ මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවර පැවැති 47 වැනි ‘ආසියාන්’ රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීමෙන් පසු ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජපානයේ ටෝකියෝ අගනුවර බලා පැමිණියේය. 27 October 2025
සාම කතා බිඳ වැටුණොත් ඇෆ්ගනිස්තානයට ගහනවා ඇෆ්ගනිස්තානය සමඟ සාම සාකච්ඡා බිඳ වැටුණහොත්, එරට සමඟ යුද වැදීමට පාකිස්තානය ඕනෑම අවස්ථාවක සූදානම් යැයි පාකිස්තාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසිෆ් අනතුරු අගවා ඇත. 27 October 2025
රුසියන් බැලැස්ටික මිසයිලය සාර්ථකයි ඇමෙරිකාවේ ඉලක්කවලට පහසුවෙන් විදිය හැකි නව බැලස්ටික් මිසයිලයක් සාර්ථකව අත්හදා බැලූ බව රුසියාව පවසයි. 27 October 2025
ඇමෙරිකන් හෙලිකොප්ටරයක් ප්‍රහාරක ජෙට් යානයක් මූදට වැටිලා ඇමෙරිකන් හමුදාවට අයත් හෙලිකොප්ටරයක් සහ ප්‍රහාරක ජෙට් යානයක් දකුණු චීන මුහුදට කඩා වැටුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුරු සිදුවී ඇත්තේ සාමාන්‍ය මෙහෙයුමක් අතරතුරේය. 27 October 2025
ඇමෙරිකන් ජනපති ට්‍රම්ප් බ්‍රසීල ජනපති ලූලා හමුවෙයි මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවර පැවැත්වෙන ‘ආසියාන්’ හෙවත් අග්නිදිග ආසියානු රටවල රාජ්‍ය නායකයන්ගේ සමුළුව අතරතුරේ ඊට සහභාගී වන ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා අතරේ ද සාකච්චා පැවැත්විණි. 27 October 2025
තායිලන්ත - කාම්බෝජ සාම ගිවිසුමට අස්සන් කෙරේ මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවර පැවැත්වෙන 47 වැනි ආසියාන් සමුළුවට සමගාමීව, ඊට සහභාගී වන ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍ර්ම්ප් සහ මැලේසියානු අග්‍රාමාත්‍ය අන්වාර් ඊබ්රහීම්ගේ මැදිහත් වීමෙන් තායිලන්ත කාම්බෝජ සාම වැඩපිළිවෙළට අත්සන් තැබුණි. 27 October 2025
සයිබර් අපරාධ ගිවිසුමක් ගෝලීය ආර්ථිකයට වාර්ෂිකව ඩොලර් ට්‍රිලියන ගණනක් වැය වන අපරාධ මැඩපැවැත්වීමේ අරමුණ ඇතිව එක්සත් ජාතීන්ගේ සයිබර් අපරාධ ගිවිසුමක් අත්සන් කිරීමට නියමිතය. 26 October 2025
කැනඩාවට පැනවූ තීරු බදු වැඩි කරයි කැනඩාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා තීරුබදු වැඩි කරන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඒ, හිටපු ඇමෙරිකන් ජනාධිපති රොනල්ඩ් රේගන්ගේ රුව ඇතුළත්, තීරුබදු විරෝධී වෙළඳ දැන්වීමක් කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්ත පාලනය විසින් විකාශනය කිරීමෙන් පසු ඊට අප්‍රසාදය පළ කරමිනි. 26 October 2025
ඇමෙරිකාව තවත් යුද්ධයකට අරඅදිනවා ඇමෙරිකාව අලුත් යුද්ධයක් නිර්මාණය කිරීමට සැරැසෙනවා යැයි වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ චෝදනා නගයි. ඇමෙරිකාවේ උදහසට ලක්ව සිටින මදුරෝ මෙසේ චෝදනා කළේ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට හමුදාවට අයත් විශාලත යුද නෞනාව ලෙස සැලකෙන යූ.එස්.එස්. ජෙරල්ඩ් ආර්. ෆෝඩ් වෙනිසියුලාව අසල කැරිබියානු දූපත් ආසන්නයට යැවීමට අණ දීමත් සමඟය. 26 October 2025
තායිලන්තයේ සිරිකිත් රැජින සමුගනී තායිලන්තයේ වජිරාලොන්ග්කෝන් රජුගේ මෑණියන් වන සිරිකිත් රැජින, 93 වැනි වියේදී අභාවප්‍රාප්ත වූවාය. ඇය බැංකොක් අගනුවර රෝහලකදී අවසන් සුසුම් හෙලූ බව පැවැසෙයි. 26 October 2025
අයර්ලන්ත ජනාධිපති ධුරය කැතරින් කොනොලිට අයර්ලන්ත ජනාධිපතිවරණයෙන්, විශිෂ්ට ජයග්‍රහණයක් හිමි කර ගැනීමට කැතරින් කොනොලි සමත් වූවාය. ඇය අයර්ලන්ත ජනරජයේ 10 වැනි ජනාධිපතිනියයි. 26 October 2025
ඉන්දියාවේ බසයක් ගිනිගෙන 25 ක් මරුට ඉන්දියාවේ හයිද්‍රාබාද් නුවර සිට බැංගලෝර් දක්වා ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී පෞද්ගලික බසයක් ගිනි ගැනීමෙන් එහි සිටි මගීන් 25 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 24 October 2025
බටහිර ඉවුර ඊශ්‍රායලයට ඈදා ගනීමේ පනත සම්මතයි බටහිර ඉවුරේ ඊශ්‍රායල පරමාධිපත්‍යය පැනවීම සඳහා වන පනත් කෙටුම්පතක් සම්මත කර ගැනීමට ඊශ්‍රායල පාර්ලිමේන්තුව සමත් විය. සම්මත වූ පනත යටතේ, පලස්තීනුවන් වෙසෙන බටහිර ඉවුර ඊශ්‍රායලය වෙත ඈදා ගැනීමට අවසර හිමිවනු ඇතැයි පැවැසෙයි. 24 October 2025
ඇමෙරිකා කැනඩා වෙළෙඳ සාකච්ඡා අවසන් තීරු බදු සම්බන්ධයෙන්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කැනඩා රජය අතරේ පැවැති සියලු වෙළෙඳ සාකච්ඡා මේවනවිට අවසන් වී ඇත. 24 October 2025
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026