IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ට්‍රම්ප්ගේ නියෝජිතයාට විරෝධයක්

ආක්ටික් දූපතක් වන ග්‍රීන්ලන්තය, ඇමෙරිකාවට ඈඳා ගැනීමට ඇමෙරිකන් ජනාධිපති ඩොලන්ඩ් ට්‍රම්ප් උත්සාහ ගනිමින් සිටී. ඇමෙරිකන් ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් ග්‍රීන්ලන්තයට විශේෂ නියෝජිතයකු ද පත් කර ඇත. මෙම නියෝජිතයාට ඩෙන්මාර්කයෙන් දැඩි විරෝධයක් එල්ල වමින් පවතී. ඩෙන්මාර්ක රජය ඊයේ (23) එරට ඇමෙරිකන් තානාපතිවරයා කැඳවා මේ ගැන විමසීමක් කළේය.

ග්‍රීන්ලන්තය ඩෙන්මාර්කය යටතේ පවතින ස්වයං පාලන ප්‍රදේශයකි. ජනාධිපති ට්‍රම්ප්, ග්‍රීන්ලන්තය වෙනුවෙන් විශේෂ නිියෝජිතයකු ලෙස පත් කළේ ඇමෙරිකාවේ ලුසියානා ප්‍රාන්තයේ රිපබ්ලිකන් ආණ්ඩුකාර ජෙෆ් ලෑන්ඩ්රිය. 

පසුගිය දා ජෙෆ් ලෑන්ඩ්රි, සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ, ග්‍රීන්ලන්තය එක්සත් ජනපදයේ කොටසක් බවට පත් කර ගැනීමේ ක්‍රියාවලිය අවසන් කිරීමට තමන් අපේක්ෂා කරන බවය.

ජෙෆ් ලෑන්ඩ්රිගේ මෙම ප්‍රකාශය ඩෙන්මාර්කයේ විරෝධයට හේතුවක් වී ඇති අතර, ට්‍රම්ප් රජය සහ ඩෙන්මාර්ක රජය අතරේ අර්බුදයක් නිර්මාණය කිරීමට ද සමත්ව ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පැහැදිලි කරති. 

ඩෙන්මාර්ක විදේශ කටයුතු අමත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, ජෙෆ් ලෑන්ඩ්රි, සිදු කළ එම ප්‍රකාශය සම්බන්ධයෙන් ඩෙන්මාර්කයේ සිටින ඇමෙරිකන් තානාපතිවරයා කැඳවා ප්‍රශ්න කළ බවය.

මෙම ජනවාරියේ සිය දෙවැනි ධුරය ආරම්භ කිරීමෙන් පසු, ට්‍රම්ප් උත්සාහ ගනිමින් සිටින්නේ, ග්‍රීන්ලන්තය මිලදී ගැනීමටය. ග්‍රීන් ලන්තයේ දැනටමත් ඇමෙරිකා කඳවුරු පිහිටුවා ඇත. ග්‍රීන්ලන්තය ඇමෙරිකාව විසින් මිලදී ගැනීම යනු, එය ඇමෙරිකාවේ ජනපදයක් බවට පත් වීමය. 

ග්‍රීන්ලන්ත වැසියන්ගෙන් වැඩි දෙනකු සහ ග්‍රීන්ලන්ත පාලකයන් ට්‍රම්ප් සමඟ ඒක් වීමට කැමැත්ත පළ කර ඇති බව ද පැවැසෙයි. කෙසේ නමුත් ස්වයං පාලනයක් පැවැතියත් ග්‍රීන්ලන්තය ඩෙන්මාර්කය යටතේ පවතින බැවින්, ඩෙන්මාර්කය තරයේ පවසා ඇත්තේ ග්‍රීන්ලන්තය ඇමෙරිකාවට ලබා නොදෙන බවය.‍ ඩෙන්මාර්ක අග්‍රාමාත්‍යවරයා දිගින් දිගටම පවසා ඇත්තේ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ග්‍රීන්ලන්තයේ අඛණ්ඩතාවයට ගරු කළ යුතු බවය. ඩෙන්මාර්කය නේටෝ හිතවාදී රාජ්‍යයකි. 

57,000ක පමණ ජනගහනයක් වෙසෙන ග්‍රීන්ලන්තය, 1979 වසරේ සිට ස්වයං පාලන අයිතියක් භුක්ති විඳිමින් සිටින නමුත් එහි ආරක්ෂක සහ විදේශ ප්‍රතිපත්ති තවමත් පවතින්නේ ඩෙන්මාර්කය යටතේය. බොහෝ ග්‍රීන්ලන්ත වැසියන් ඩෙන්මාර්කයෙන් නිදහස් වීමට කැමැත්ත පළ කර ඇත. ග්‍රීන්ලන්තය මිලදී ගැනීමට උත්සාහ ගන්නා ට්‍රම්ප්ට මෙය වාසියක් බව දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසය.



අදහස් (0)

ට්‍රම්ප්ගේ නියෝජිතයාට විරෝධයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 98 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site