
තුර්කියට පැමිණ, තුර්කි හමුදා ප්‍රධානීන් හමුවී සාකච්ඡා පවත්වා ආපසු යද්දී, ලිබියා හමුදාපති මොහම්මද් අල් හාඩාඩ් රැගත් පෞද්ගලික ගුවන් යානය කඩා වැටුණි.
යානය කඩා වැටුණේ යාන්ත්‍රික දෝෂයක් නිසා යැයි මුලික විමර්ශකවලින් අනාවරණය වූ බව තුර්කි බලධාරීහු පවසති. යානය කඩා වැදේදී, හමුදාපති මොහම්මද් අල් හාඩාඩ්ට අමතරව, ඉහළ පෙළේ හමුදා නිලධාරීහු සිවු දෙනෙක් සිටියහ.
නියමුවන් දෙදෙනා ද ඇතුළු යානයේ සිටි සියලු දෙනා ද අනතුරින් ජීවිතක්ෂයට පත්වුණු බව පැවැසෙයි. ගුවන් යානය කඩා වැටී ඇත්තේ තුර්කියේ අන්කාරා අගනුවරට නුදුරිනි.
හමුදාපතිවරයා සහ පිරිස රැගත් ගුවන් යානය කඩා වැටුණු බවත්, අනතුරින් යානයේ සිටි සියලුම දෙනා ජීවිතක්ෂයට පත්වුණු බවත් ලිබියානු අග්‍රාමාත්‍ය අබ්දුල් හමීඩ් දිබෙලිබා තහවුරු කර ඇත.
‘එය ඉතා කනගාටුදායක බවත්, හමුදාපතිවරයා සහ සෙසු නිලධාරීන් අහිමිවීම ලිබියාවට දැරිය නොහැකි පාඩුවක් බවත් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී ඇත.
කර්නල් මුවම්මාර් ගඩාෆි 2012 දී, ඝාතනයට ලක්විය. ඒ, එරට ජනතා නැගී සිටීමේ ප්‍රතිඵලයක් ලෙසය. ලිබියාවේ ජනතා කැරැල්ල උත්සන්න වූයේ, ගඩාෆි විරෝධී බටහිර රටවල් වන ඇමෙරිකාව සහ ප්‍රංශය උසි ගැන්වීමෙනි.
ගඩාෆි ඝාතනයෙන් පසු ලිබියාව දේශපාලනික වශයෙන් අස්ථාරව විය. ඒ, ගඩාෆි පාලනය පරළා දැමීමට අවි අතට ගත් සන්නද්ධ කණ්ඩායම් අවි බිම තැබීම ප්‍රතික්ෂේප කළ බැවිනි. ඒ අනුව, ලිබියාවේ සිවිල් යුද ගැටුමක් නිර්මාණය විය.
ලිබියාව බටහිර සහ නැගෙනහිර ලෙස දෙකඩ වී ඇති අතර, ගුවන් අනතුරින් මියගිය හමුදාපති මොහම්මද් අල් හාඩාඩ්, බටහිර ලිබියාවේ බලවත්ම තැනැත්තා ලෙස කටයුතු කරමින් සිටියේය. හමුදාපති මොහම්මද් අල් හාඩාඩ්, තුර්කියට පැමිණියේ තුර්කි හමුදා ප්‍රධානීන් හමුවී, සබඳතා ශක්තිමත් කර ගැනීමටය.
අනතුරට ලක් වෙද්දී, ගුවන් යානයේ, ලිබියාවේ ගොඩබිම් හමුදා ප්‍රධානී ජෙනරාල් අල්-ෆිතූරි ග්රයිබිල්, යුධෝපකරණ නිෂ්පාදන අධිකාරියේ ප්‍රධානී බි්‍රගේඩියර් ජෙනරාල් මහමුද් අල්-කටාවි, මාණ්ඩලික ප්‍රධානියාගේ උපදේශක මොහොමඩ් අල්-අසාවි දියාබ් සහ හමුදා ඡායාරූප ශිල්පී මොහොමඩ් ඕමාර් අහමඩ් මහජුබ් ද සිටියහ.
2025 දෙසැම්බර් මස 18
521
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
267
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1065
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගුවන් අනතුරින් ලිබියා හමුදාපතිවරයා මරුට