ට්‍රම්ප් මෝදි කතා කළේ නෑ: ඒක බොරු - ඉන්දියාව කියයි
රුසියාවෙන් තෙල් මිලදී ගැනීම නවත්වනවා යැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි තමන්ට සහතික වූ බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසුවත්, ඉන්දීය විදේශ කටයුතු අමත්‍යාංශය ඊට ප්‍රතිචාර දක්වමින් පවසා ඇත්තේ, ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි, ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප්ට එවැනි සහතිකයක් ලබා දී නැති බවය.