IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ඕස්ට්‍රේලියා අගමැතිට දෙහි කපයි

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බොන්ඩි බීච් මුහුදු වෙරළේ යුදෙව් ආගමික සැමරුම් උත්සවයකට එල්ල වූ වෙඩි ප්‍රහාරය මුල්කොට ගනිමින්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු, ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස්ට දොස් නගා ඇත. ඒ, යුදෙව්වන්ගේ ආරක්ෂාව ගැන සැලකිල්ලක් නොදැක්වූ බව පෙන්වා දෙමිනි.

බොන්ඩි බීච් වෙරළේ යුදෙව්න්ගේ ‘හනුක්කා’ ආගමික සැමරුම් උත්සවය පැවැත්වෙමින් තිබුණු අතර, වෙඩික්කරුවන් දෙදෙනකු එම සැමරුම් උත්සවයට සහභාගී වෙසමින් සිටි යුදෙව්වන්ට ඉවක් බවක් නොමැතිව වෙඩි තැබූහ. 

වෙඩි තැබීම් කළේ පිය පුතු දෙපළක් බව පොලිසිය පසුව අනාවරණය කළේය. පොලිසිය පෙරළා කළ වෙඩි තැබීම්වලින් 24 හැවිරිදි නවීඩ් අක්‍රම් බරපතල තුවාල ලැබුවේය. ඔහු මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබයි. 
50 හැවිරිදි පියා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්විය. නවීඩ් අක්‍රම්ග් පවුලේ අය පාකිස්තානයේ සිට ඕස්ට්‍රේලියාවට පැමිණ එරට පදිංචි වූවන් යැයි පැවැසෙයි. 

පිය පුතු දෙපොළ කළ වෙඩි තැබීම්වලින් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 40 ක් යැයි රෝහල් ආරංචි මාර්ග පැවැසීය. එය ත්‍රස්ත ප්‍රහාරයක් බවත්, යුදෙව්වන් ඉලක්ක කර ගනිමින් එල්ල කළ කුරිරු ම්ලේච්ඡ ප්‍රහාරයක් බවත් ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍යවරයා පැවැසීය.

ඉකුත් සැප්තැම්බර් 21 වැනිදා ඕස්ට්‍රේලියා රජය, නිල වශයෙන් පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගත්තේය. ඒ, මහා බ්‍රිතාන්‍ය, ප්‍රංශය සහ කැනඩාව අනුගමනය කරමිණි. මෙය පලස්තීන මුස්ලිම්වරුන්ට වාසියක් විය. ප්‍රංශය සහ කැනඩාව මෙන්ම ඕස්ට්‍රේලියාව ද පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගත්තේ, ඊශ්‍රායලය පලස්තීනුවන්ට සිදු කරන කෙණෙහිලිකම්වලට විරෝධය පළ කරමිණි.

පලස්තීනය යනුවෙන් හැඳින්වෙන්නේ ගාසා තීරය නමැති කුඩා බිම් තීරුව සහ බටහිර ඉවුරය. පලස්තීනුවන් මුස්ලිම්වරුන්ය. ඕස්ට්රේ ලියා රජය, කැනඩාව, මහා බ්‍රිතාන්‍යය, ප්‍රංශය අනුව යමින්, පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගත්තේ ඊශ්‍රායල, ගාසා තීරයේ පලස්තීන මුස්ලිම් වැසියන් අමුඅමුවේ ඝාතනය කරන බැවිනි. 

ඊශ්‍රායලය ලොව එකම යුදෙව් රාජ්‍යයයි. පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගනිමින්, යුදෙව්වන් තුළ වෛරයක් ඇති කළ බවටත්, එම වෛරයේ ප්‍රතිඵලයක් ලෙස සිඩ්නි නුවර මෙම ප්‍රහාරය සිදුවුණු බවටත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහු චෝදනා නගා ඇත. ‘පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගැනීමට සූදානම් යැයි ඕස්ට්‍රේලියා අග්‍රාමාතයවරයා තීරණය කළ අවස්ථාවේදී, මා ඔහුට ඇමතුමක් දුන්නා. එහ තීරණය ගින්නට පිදුරු දැමීමක් වනු ඇතැයි මම ඔහුට පැහැදිලි කළා. ඕස්ට්‍රේලියාවේ යුදෙව්වන්ගේ ආරක්ෂාව ගැන මීට වඩා අවධානය දුන්නා නම්, මෙවැනි විපතක් සිද්ධ වෙන්නේ නැහැ.’ යැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පැහැදිලි කර ඇත.



අදහස් (0)

ඕස්ට්‍රේලියා අගමැතිට දෙහි කපයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 360 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 215 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site