
මොසැම්බික් ජනාධිපති ඩැනියෙල් චැපෝ සහ ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලෝනී අතරේ හමුවක් පැවැත්විණි. ඒ, චැපෝ ඉතාලියේ නිල සංචාරයකට පැමිණීමත් සමඟය.
චැපෝ සහ මෙලෝනී හමුවී අතට අත දීම මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේත්, විදෙස් මාධ්‍ය ඔස්සේත් කාගේත් අවදානයට ලක් වී ඇත. ඊට හේතුව, මොසැම්බික් ජනාධිපතිගේ උස හේතුවෙනි.
48 හැවිරිදි ඩැනියෙල් චැපෝ, අඩි 6 යි අගල් අටක් උසය. ඔහු ඉදිරියේ සිටින ඉතාලි අග්‍රාමාත්‍ය මෙලෝනීගේ උස අඩි 5 යි දෙකකි. දෙදෙනා එක ළඟ සිටිද්දී බයිබල් කතාවල සඳහන්, ඩේවිඩ් සහ ගොලායත් වැනි යැයි දෙදෙනාගේ ඡායාරූප සහ වීඩියෝ දසුන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී ඇත.
මොසැම්බික් ජනාධිපතිවරයා ඉතාලියට පැමිණියේ ද්වී පාර්ශ්වික සබඳතා තරකර ගනිමින්, වාණිජ කටයුතු සහ බලශක්ති කටයුතු සම්බන්ධයෙන් පවතින ගනුදෙනු පිළිබඳ සාකච්ඡා පැවැත්වීමටය.
මොසැම්බික් රාජ්‍යයට නිදහස ලැබීහෙන් පසු ජනාධිපති ධුරයට පත්වුණු පළමු තැනැත්තා ඩැනියෙල් චැපෝය. ඔහු ජනාධිපති ධුරයට පත් වූයේ සියයට 70 කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් දිනා ගනිමිනි.
2025 දෙසැම්බර් මස 18
360
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
215
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉතාලි අගමැතිනියට යෝධයකු හමුවෙලා