
ඔස්ට්‍රියානු රජය එරට පාසල්වල වයස අවුරුදු 14 ට අඩු දැරියන් සඳහා හිස් වැසුම් (බුර්කා) පැළඳීම තහනම් කරන නව නීතියක් සම්මත කරගෙන තිබේ.
මෙම නීතිය රාජ්‍ය සහ පෞද්ගලික පාසල් යන දෙකටම අදාළ බව පැවැසෙයි.
මෙම නව නීතිය මගින් වයස අවුරුදු 14 ට අඩු ගැහැනු ළමයින්ට හිජාබ් හෝ බුර්කා වැනි සාම්ප්‍රදායික මුස්ලිම් හිස් වැසුම් පැළඳීම තහනම් වන බව ද පැවැසෙයි.
මෙම තහනම උල්ලංඝනය කරන සිසුවියන් පාසල් බලධාරීන් සහ ඔවුන්ගේ නීතිමය භාරකරුවන් සමඟ සාකච්ඡා කිහිපයකට මුහුණ දිය යුතු අතර, නැවත නැවත උල්ලංඝනය කිරීම් සිදුවුවහොත් ළමා හා යොවුන් සුබසාධන ඒජන්සිය දැනුවත් කළ යුතු වෙයි.
පවුල්වලට හෝ භාරකරුවන්ට යුරෝ 800 ක් දක්වා දඩ නියම කළ හැකි බව ද පැවැසෙයි.
මෙම තහනම දරුවන් 12,000 ක් පමණ වෙත බලපානු ඇතැයි ලිබරල් නියෝස් පක්ෂයේ පාර්ලිමේන්තු නායක යානික් ෂෙට්ටි මාධ්‍ය හමුවේ පවසා ඇත.
ඔස්ට්‍රියා විපක්ෂයේ ග්‍රීන් පක්ෂය මෙම නව නීතිය පැහැදිලිවම ව්‍යවස්ථා විරෝධී බව ප්‍රකාශ කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
360
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
215
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඔස්ට්‍රියාවේ හිජාබ් තහනමක්