IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


නවීඩ් අක්‍රම්ට සිහිය ඇවිල්ලා

ඕස්ට්‍රේලියාවේ, ‘බොන්ඩි බීච්’ වෙරළේ, යුදෙව් ආගමික උත්සවයක් පැවැත්වෙද්දී ඊට සහභාගී වූ යුදෙව්වන් ඉලක්ක කර ගනිමින් වෙඩි තැබූ වෙඩික්කරුවන් දෙදෙනාගෙන් බරපතල තුවාල ලබා සිහිසුන්ව කෝමා තත්ත්වයෙන් රෝහල්ගත කළ 24 හැවිරිදි නවීඩ් අක්‍රම් පියවි සිහිය ලැබූ බව පොලිසිය පැවැසීය.

ඉකුත් ඉරිදා එම වෙඩි තැබීම කළේ පියකු සහ පුතෙකි. නඩීඩ් අක්‍රම් යනු පොලිසිය පෙරළා එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ වෙඩික්කරුවාය. සජීඩ් අක්‍රම් නමැති 50 හැවිරිදි පියා පොලිස් වෙඩි පහරින් එම ස්ථානයේදීම මියගියේය. අක්‍රම් පියවි, පියවි සිහිය ලැබුවේ, ඔහු සහ ඔහුගේ පියා කළ වෙඩි තැබීමෙන් මියගිය අයගේ අවමංගල කටයුතු සිදුවෙමින් පවතිද්දීය.

සජීඩ් අක්‍රම්, පාකිස්තානයේ සිට ඕස්ට්‍රේලියාවට පැමිණ, එරට පදිංචි වූ අයකු යැයි මුලින් පැවැසුණත්, මේ වනවිට තහවුරු වී ඇත්තේ ඔහු ඉන්දියාවේ සිට ආ මුස්ලිම්වරයකු බවය. පොලිසිය වැඩි දුරටත් පවසා ඇත්තේ, සජීඩ් අක්‍රම්, 1998 දී හයිද්‍රාබාද් නුවර සිට ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ අයකු බවය.

ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමෙන් පසු, සජීඩ් අක්‍රම් 6 වතාවක් ඉන්දියාට ගොස් ඇති බවත් පැවැසෙයි. කෙසේ නමුත්, ඉන්දියාවේ සිටින ඥාතීන් සජීඩ් අක්‍රම් සහ නවීඩ් අක්‍රම්ගේ මෙම කුරිරු ප්‍රහාරය ගැන කිසිවක් නොදන්නා බව ද පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත. නවීඩ් අක්‍රම් උපත ලබා ඇත්තේ ඕස්ට්‍රේලියාවේය. මොවුන් සිඩ්නි නුවර පදිංචිකරුවන්ය.

සජීඩ් අක්‍රම් සහ නවීඩ් අක්‍රම් පිලිපීනයේ සංචාරය කර ඇති බවත්, ඔවුන් අයි.එස්. සාමාජිකයන් සමඟ සබඳතා පවත්වා ඇති බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. අයි.එස්. ධජයක් ද සජීඩ් අක්‍රම් සතුව තිබී පොලිසියට හමුවුණු බව ද පැවැසෙයි.

පිලිපීන බලධාරීන් පවසා ඇත්තේ සජීඩ් අක්‍රම් පිලිපීනයට පැමිණ ඇත්තේ ඉන්දීය ගුවන් ගමන් බලපත්‍රයකින් බවත්, නවීඩ් අක්‍රම් පිලිපීනයට පැමිණ ඇත්තේ ඕස්ට්‍රේලියානු ගුවන් ගමන් බලපත්‍රයකින් බවත්ය. පිලිපීන බලධාරීන්ට අනුව, මොවුන් දෙදෙනා 2025 නොවැම්බර් පළමු වැනිදා මැනිලා අගනුවරට පැමිණි බවත්, නොවැම්බර් 28 වැනිදා දෙදෙනා ආපසු ඕස්ට්‍රේලියාව බලා පිටව ගොස් ඇති බවත්ය.

පිලිපීනයට පැමිණි ගමනේ දී මොවුන් දෙදෙනා පිලිපීනයේ මින්ඩනාඕ දූපතේ ඩාවෝ නමැති නගරයට ගොස් ඇතැයි දඕස්ට්‍රේලියානු පොලිසිය අනාවරණය කරගෙන ඇත. ඕස්ට්‍රේලියා පොලිසිය විමර්ශන පවත්වන්නේ පිලිපීන පොලිසියේ ද සහාය ඇතිවය.

සජීඩ් අක්‍රම් සහ නවීඩ් අක්‍රම් පිය පුතු දෙපළ අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්තවාදීන්ගේ මතවාදවලට අනුගත වූවන් යැයි ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් ද මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත.



අදහස් (0)

නවීඩ් අක්‍රම්ට සිහිය ඇවිල්ලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site