
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර යුදෙව්වන් ඉලක්ක කර ගනිමින්, එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ශෝකය පළ කරමින්, ඉන්දීය අග්‍රාමාත්‍යය නරේන්ද්‍ර මෝදි, ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස්ට දුරකතන ඇමතුමක් ලබා දී ඇත.
එම ඛේදජනක සිදුවීම සම්බන්ධයෙන් දැඩි ශෝකය පළ කරමින්, ආදරණීයයන් අහිමි වූ පවුල්වලට, ඉන්දීය ජනතාව වෙනුවෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හෘදයාංගම ශෝකය පළ කර ඇතැයි වාර්තා වේ.
මෙම ශෝකජනක අවස්ථාවේ, ඉන්දියාව, ඕස්ට්‍රේලියානු ජනතාව සමඟ පූර්ණ සහයෝගීතාවයෙන් සිටින බව ද මෝදි පැහැදිලි කර ඇත. ඉන්දියාව ත්‍රස්තවාදය කෙරෙහි නොඉවසන බව සහ ත්‍රස්තවාදයේ සියලු ආකාර සහ ප්‍රකාශනයන්ට එරෙහි ගෝලීය සටනට ස්ථිර ලෙස සහාය දෙන බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd