
මියන්මාර ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සූ කී ගැන කිසිදු හෝඩුඩාවක් නැතැයි ඇගේ පුතු කිම් ඒරීස් බිය පළ කරයි.
බලයෙන් නෙරපීමෙන් පසු, චෝදනා රැසකට වරදකාරිය වී මියන්මාරයේ යැංගොන් නුවර බන්ධනාගාරගත කළ සූ කී ගැන වසර දෙකකින් කිසිදු ආරංචියක් නොමැති බව කිම් ඒරීස් පවසා තිබේ. ඒරිස් බිය පළ කර ඇත්තේ 80 හැවිරිදි තම මව මියගොස් ඇති බවය.
සූ කී බලයෙන් නෙරපා දැමුණේත්, විවිධ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණේත් 2021 වසරේ සිදුවුණු හමුදා කුමන්ත්‍රණයෙනි. කිම් ඒරීස් වැඩි දුරටත් පවසා ඇත්තේ තම මව හෘද රෝගියකු බවය. වසර දෙකකින්, අවුන් සාන් සූ කීගේ නීතීඥ කණ්ඩායමට පවා ඇය හමුවීමට මියන්මාර හමුදා පාලකයන් ඉඩ දී නැති බව ද කිම් ඒරීස් පැහැදිලි කර ඇත.
නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලැබූ අවුන් සාන් සූ කී, විවාහ වූයේ බ්‍රිතාන්‍ය ජාතික අධ්‍යාපනඥයකු මෙන්ම ඉතිහාසඥයකු ද වන මයිකල් ඒරිස් සමඟය. ඒ 1972 දීය. යුවළට දරුවෝ දෙදෙනෙක් සිටිති. මයිකල් ඒරිස්, 1999 වසරේ දී මියගියේය.
2025 දෙසැම්බර් මස 18
360
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
215
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අවුන් සාන් සූ කී ගැන හෝඩුවාවක් නෑ