IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මදුරෝගේ රජය ත්‍රස්ත සංවිධානයක් - ජනපති ට්‍රම්ප්

වෙනිසියුලා නායක නිකලස් මධුරෝගේ රජය, විදේශීය ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කිරීමට ඇමෙරිකන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කර ඇත. ඒ, ඇමෙරිකන් වත්කම් සොරකම් කිරීම, ත්‍රස්තවාදයට උඩගෙඩිදීම, මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සහ මිනිස් ජාවාරම අනුග්‍රහය දීම යන චෝදනා හේතුවෙනි.

මේ වනවිට වෙනිසියුලාවට ඇතුළු වන සහ එරටින් පිටවන සියලුම තෙල් නෞකා සඳහා පූර්ණ තහනමක් පැනවීමට ද  ජනපති ට්‍රම්ප් නියෝග කර තිබේ. ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම නියෝගය පනවා ඇත්තේ, වෙනිසියුලා වෙරළට ඔබ්බෙන් යාත්‍රා කරමින් තිබූ ඉන්ධන ප්‍රවාහන නෞකාවක් අත්අඩංගුවට ගැනීමෙන් සතියකට පසුවය. 

ජනපති ට්‍රම්ප්ට ප්‍රතිචාර දක්වමින්, වෙනිසියුලා ජනාධිපති මදුරෝ දිගටම පවසා ඇත්තේ, එල්ල කරන එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවය. වෙනිසියුලාව ඇමෙරිකාවේ කොලනියක් කර ගැනීමට ට්‍රම්ප් උත්සාහ ගන්නා බවට මදුරෝ චෝදනා නගයි.



අදහස් (0)

මදුරෝගේ රජය ත්‍රස්ත සංවිධානයක් - ජනපති ට්‍රම්ප්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 33 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 123 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site