
වෙනිසියුලා නායක නිකලස් මධුරෝගේ රජය, විදේශීය ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කිරීමට ඇමෙරිකන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කර ඇත. ඒ, ඇමෙරිකන් වත්කම් සොරකම් කිරීම, ත්‍රස්තවාදයට උඩගෙඩිදීම, මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සහ මිනිස් ජාවාරම අනුග්‍රහය දීම යන චෝදනා හේතුවෙනි.
මේ වනවිට වෙනිසියුලාවට ඇතුළු වන සහ එරටින් පිටවන සියලුම තෙල් නෞකා සඳහා පූර්ණ තහනමක් පැනවීමට ද ජනපති ට්‍රම්ප් නියෝග කර තිබේ. ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම නියෝගය පනවා ඇත්තේ, වෙනිසියුලා වෙරළට ඔබ්බෙන් යාත්‍රා කරමින් තිබූ ඉන්ධන ප්‍රවාහන නෞකාවක් අත්අඩංගුවට ගැනීමෙන් සතියකට පසුවය.
ජනපති ට්‍රම්ප්ට ප්‍රතිචාර දක්වමින්, වෙනිසියුලා ජනාධිපති මදුරෝ දිගටම පවසා ඇත්තේ, එල්ල කරන එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවය. වෙනිසියුලාව ඇමෙරිකාවේ කොලනියක් කර ගැනීමට ට්‍රම්ප් උත්සාහ ගන්නා බවට මදුරෝ චෝදනා නගයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd