ගාසා තීරයේ ආරක්ෂාව සඳහා විදෙස් රටවල සහාය ඇතිව ආරක්ෂක බලකායක් නිර්මාණය කිරීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යෝජනා කර ඇති අතර, ඒ සඳහා ට්‍රම්ප් පාකිස්තානයට ද ඇරැයුම් කර තිබේ.
ගාසා තීරයේ ආරක්ෂාව සඳහා විදෙස් රටවල සහාය ඇතිව ආරක්ෂක බලකායක් යෙදවීම, ගාසා තීරය සඳහා සකස් කළ සටන් විරාම සාම සැලැස්මේ ප්‍රධාන අංගයකි.
ඊශ්‍රායල හමුදා ගාසා තීරණයෙන් ඉවත් වී යා යුතු අතර, ඉන්පසු ගාසා තීරයේ ආරක්ෂාව සඳහා අසල්වැසි කලාපීය රටවල ද සහභාගී කර ගනිමින් ආරක්ෂක බලකායක් පිහිටුවිමට ට්‍රම්ප් කළ යෝජනාවට පලස්තීන පාලන අධිකාරිය, ඊශ්‍රායලය, කලාපීය මුස්ලිම් රටවල් සහ බටහිර රටවල් ද කැමැත්ත පළ කර ඇත.
එම ආරක්ෂක බලකායට එක් වෙන්නැයි ට්‍රම්ප්, පාකිස්තාන හමුදාපති ෆීල්ඩ් මාෂල් අසීම් මුතීර්ගෙන් ඉල්ලා ඇත. ට්‍රම්ප් සහ ෆීල්ඩ් මාෂල් අසීම් මුතීර් අතරේ සමීප මිතුදම් පවතී. පාකිස්තානයේ බලගතුම තැනැත්තා වන්නේ ද ෆීල්ඩ් මාෂල් අසීම් මුතීර්ය.
අසීම් මුතීර්, පසුගිය කාලයේ අවස්ථා කීපයකදී වොෂින්ටන් අගනුවරට ගොස් ට්‍රම්ප් හමුවී ඇත. පවතින මිතුදම් හේතුවෙන්, ට්‍රම්ප් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම කළ නොහැකි වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසය. එසේ කළහොත්, ට්‍රම්ප් සමඟ පවතින සුවිශේෂි මිත්‍රත්වය පළුදු වනු ඇතැයි ද දේශපාලන විශ්ලේෂකයෝ පැහැදිලි කරති.
ඊට අමතරව, ට්‍රම්ප් යෝජිත එම ආරක්ෂක බලකායකට පාකිස්තානය සම්බන්ධ වීම, පාකිස්තාන වැසියන්ගේ විරා්ධයට හේතුවක් වනු ඇතැයි පැවැසෙයි. මේ හේතුව නිසා, අසීම් මුතීර්, දැඩි අර්බුදයකට මුහුණ පා සිටින බව ද විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
මුස්ලිම් පලස්තීනුවන් වාසය කරන ගාසා තීරයේ බලය ඇත්තේ හමාස් සංවිධානයටය. ඊශ්‍රායලය, ත්‍රස්තවාදීන් සේ සලකා පහර දෙන්නේ හමාස් සටන්කාමීන්ටය. හමාස් සංවිධානය දේශපාලන අංශයකින් ද සන්නද්ධ අංශයකින් ද සමන්විතය. හමාස් සංවිධානයට ගාසා තීරය පාලනය කිරීමට බලය හිමිවී ඇත්තේ ගාසා වැසියන්ගේ ඡන්දයෙනි.
මේ වනවිට ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතරේ සටන් විරාමයක් පැවැත්වෙයි. ඒ, ට්‍රම්ප්ගේ සටන් විරාම සහ සාම සැලැස්මට අනුවය. සටන් විරාමය අතරතුරේ පවා ඊශ්‍රායල හමුදා ගාසා තීරයට පහර දෙනවා යැයි පලස්තීන පාලන අධිකාරිය චෝදනා කරයි.
ට්‍රම්ප්ගේ සාම සැලැස්මට අනුව, හමාද් සංවිධානය නිරායුධ විය යුතුය. එසේ නිරායුධ වන්නේ නම්, හමාස් සාමාජිකයන්ට පොදු සමාවක් ලැබෙනු ඇතැයි ද ට්‍රම්ප් අවධාරණය කර ඇත. කෙසේ නමුත්, මෙම අදහසට හමාස් සංවිධානය කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බව ද පැවැසෙයි.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගාසා තීරයේ ආරක්ෂක බලඇණියට එක් වෙන්න