
බ්‍රසීලයේ හිටපු ජනාධිපති යාර් බොල්සරානෝගේ සිර දඬුවම් කාලය, අඩු කිරීම සඳහා යෝජිත පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින්, බ්‍රසීලයේ ප්‍රධාන නගර පුරා විරෝධතා පැවැත්වෙයි.
විරෝධතා සඳහා දස දහස් ගණනක් සහභාගී වන බව පැවැසෙයි. විරෝධතා පැවැත්වෙන්නේ පසුගිය ඉරිදා (14) දිනයේ සිටය.
බ්‍රසීලයේ විශාලතම නගරය ලෙස සැලකෙන සාඕ පාවුලෝ නුවර පැවැත්වෙන විරෝධතානට සහභාගී වූ විරෝධතාකරුවන් ගණන 15,000 කට වැඩිය.
මෙම පනත් කෙටුම්පත සම්මත වුවහොත්, අන්ත දක්ෂිණාංශික මතධාරියකු වන හිටපු ජනාධිපති බොල්සරානෝගේ සිරදඬුවම වසර දෙකයි මාස හතරක් දක්වා අඩු වීමට ඉඩ ඇතැයි පැවැසෙයි.
බොල්සරානෝ, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හිතවාදී අයෙකි. වත්මන් බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වාට පෙර බ්‍රසීලයේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේ මොහුය.
2022 වසරේ පැවැති ජනාධිපතිවරණයෙන්, බොල්සරානෝ පරාජය විය. ජයග්‍රහණය කළේ වාමාංශික අපේක්ෂක ලූලා ද සිල්වාය. කෙසේ නමුත් බොල්සරානෝ, පරාජය පිළිගත්තේ නැත.
බොල්සරානෝ සිය ආධාරකරුවන් උසි ගන්වමින් දිගටම බලයේ රැඳී සිටීමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා එල්ල වුණු අතර, බොල්සරානෝ ඊට වරදකරු විය.
එදා බොල්සරානෝගේ උසි ගැන්වීමෙන් ඔහුගේ ආධාරකරුවෝ රජයේ ගොඩනැගිලිවලට ද කඩා වැදුණාහ. එම ආධාරකරුවන් අතර, බ්‍රසීලයේ ජනප්‍රිය නළු නිළියන් සහ ගායක ගායිකාවෝ පවා සිටිති.
අධිකරණය බොල්සරානෝට වසර 27 ක සිර දඬුවමක් නියම කළේය. ඒ පසුගිය සැප්තැම්බරයේය. කලහකාරීව හැසිරුණු ආධාරකරුවන්ට ද චෝදනා එල්ල වී සිරදඬුවම් නියම විය.
පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ගන ඒමට බොල්සරානෝට හිතවත් අන්ත දක්ෂිණාංශික දේශපාලන කණ්ඩායම් උත්සාය ගනිමින් සිටින අතර මෙය ජනාධිපති ලූලා ද සිල්වා සහ ඔහුගේ පාලක පක්ෂයේ ද දැඩි විරෝධයට හේතුවක් වී ඇත.
බ්‍රසීල පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතරය කොන්සවර්ටිව්නරුන්ය. ඔවුන් මෙම පනත් කෙටුම්පතට අනුමැතිය දී ඇති අතර, පනත් කෙටුම්පත සම්මත වීමට නම් එය සෙනෙට් මණ්ඩලයට ඉදිරිපත් කළ යුතු වෙයි.
සෙනෙට් මණ්ඩලයේ අනුමැතිය පනත් කෙටුම්පතට හිමිවුවහොත්, එය අධිකරණ තීන්දුව අභිබවා යනු ඇති බවත් හිටපු ජනාධිපති බොල්සරානෝගේ සිරදඬුවම් කාලය අඩු වනු ඇති බවත් පැවැසෙයි.
2025 දෙසැම්බර් මස 18
360
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
215
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බ්‍රසීලයේ ප්‍රධාන නගර පුරා විරෝධතා