IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


රුසියන් යුක්රේන යුද්ධය නිමා වෙන්න ඔන්න මෙන්න - ට්‍රම්ප්

රුසියන් යුක්රේන යුද්ධය අවසන් වීමට ඉතා ආසන්න යැයි ඇමෙරිකන් ජනාධිපති ඩොලන්ඩ් ට්‍රම්ප් පවසයි. 
ට්‍රම්ප් මෙසේ පැවැසුවේ, ඔහු හඳුන්වා දුන්, සටන් විරාම සාම සැලැස්ම ක්‍රියාත්මක කිරීමට යුක්රේනය සහ සෙසු යුරෝපා රටවල් කැමැත්ත පළ කර ඇති බැවිනි. සටන් විරාම සාම සැලැස්ම සම්බන්ධයෙන් ට්‍රම්ප් සහ යුක්රේන ජනාධිපතිවරයා අතරේ දුරකතන කතාබහක් ද පැවැත්විණි.

කරුණු 28 කින් සමන්විත එම සටන් විරාම සාම සැලැස්ම, මේවනවිට සංශෝධන රැසකට ලක් වී ඇත. යුක්රේනයේ ආරක්ෂාව ගැන වගබලා ගන්නා බවට ඇමෙරිකාව සහ සෙසු යුරෝපා රටවල් ප්‍රතිඥා දී ඇත. යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ද පුනපුනා පෙන්වා දී ඇත්තේ, බටහිර රටවල්, යුක්රේනයේ ආරක්ෂාව තහවුරු කරන්නේ නම්, යුක්රේනය ‘නේටෝ’ සාමාජිකත්වය අපේක්ෂා නොකරන බවත්, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හඳුන්වා දුන් සටන් විරාම සාම සැලැස්ම ක්‍රියාත්මක වනු ඇති බවත්ය.

ජර්මනියේ බර්ලීන් අගනුවරදී, සෙලෙන්ස්කී සහ යුරෝපා රටවල නායකයන් අතරේ ට්‍රම්ප්ගේ සටන් විරාම සාම සැලැස්ම ගැන ඊයේ (15) දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්විණි. හැකි ඉක්මණින් රුසියන් යුක්රේන යුද්ධය නැවැත්විය යුතු යැයි එහිදී තීරණය කෙරුණි.

මේ අයුරින් සාකච්ඡා පැවැත්වෙද්දී පවා, රුසියන් හමුදා දිගින් දිගටම යුක්රේනයට ප්‍රහාර එල්ල කරන බව විදෙස් මාධ්‍ය පවසයි. පෙරේදා (15) රුසියන් හමුදාව යුක්රේනයේ ඉලක්ක 17 කට ඩ්‍රෝන සහ මිසයිල 153 ක් යොදා ගනිමින් පහර දුන් බව යුක්රේන හමුදාව පවසයි. 

රුසියාව, යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් අනුගමනය කළේ 2022 වසරේදීය. ඒ, යුක්රේනය ‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ සාමාජිකත්වය ඉල්ලීම නිසාය. ‘නේටෝ’ යනු යුද සංධානයකි. ‘නේටෝ’ සංධානය පිහිටුවා ඇත්තේ ඇමෙරිකාව, කැනඩාව සහ සෙසු පටහිර යුරෝපා රටවල් එක් වෙමිනි.

‘නේටෝ’ සංවිධානය පිහිටුවීමේ අරමුණ රුසියාවෙන් එල්ල වන තර්ජන පිටුදැකීමය. යුක්රේනය රුසියාවේ අසල්වැසියා වන අතර, යුක්රේනයට ‘නේටෝ’ සාමාජිකත්වය හිමිවීම රුසියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයකි. රුසියාව, යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් අනුගමනය කර ඇත්තේ එ් නිසාය.



අදහස් (0)

රුසියන් යුක්රේන යුද්ධය නිමා වෙන්න ඔන්න මෙන්න - ට්‍රම්ප්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 360 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 215 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site