
මැලේසියාවේ 1MDB රාජ්‍ය ආයෝජන අරමුදලට අදාළව බිලියන ගණනක මූල්‍ය වංචාව සම්බන්ධයෙන් වැරදිකරු වූ එරට හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක්ට, වසර 15ක සිර දඬුවමක් නියම කිරීමට මැලේසියා මහාධිකරණය පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
බලය අවභාවිත කිරීමේ චෝදනා හතරක් සහ මුදල් විශුද්ධිකරණය සම්බන්ධ චෝදනා 21 ක් මුල්කොට ගනිමින්, නජීබ් රසාක් මෙලෙස වැරදිකරු වී ඇති බව විදෙස් මාධ්‍ය පැහැදිලි කර ඇත.
වසර 2009 සිට 2014 දක්වා කාලය තුළ අදාළ අරමුදලෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 700කට අධික මුදලක් සිය පෞද්ගලික බැංකු ගිණුම් වෙත බැර කරගැනීම ඔහුට එල්ල වූ ප්‍රධාන චෝදනාවය.
වසර 15ක සිර දඬුවමට අමතරව, මැලේසියානු රින්ගිට් බිලියන 11.4ක (ඇමෙරිකන් ඩොලර් බිලියන 2.8ක) දැවැන්ත දඩයක් ද අධිකරණය විසින් නියම කර ඇත.
72 හැවිරිදි නජීබ් රසාක්, 1MDB වංචාවේ තවත් අනුකොටසක් වූ SRC Inteational නඩුවට අදාළව මේ වනවිටත්, සිර දඬුවම් විඳිමින් සිටින අතර, නව තීන්දුවට අනුව, දැනට විඳින දඬුවම් කාලය අවසන් වීමෙන් පසු, වසර 15 ක නව සිර දඬුවම ආරම්භ වීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
586
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
289
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1089
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැලේසියා හිටපු අගමැතිට තවත් අවුරුදු 15 ක සිරදඬුවමක්