
ඊශ්‍රායලයේ මොසාඩ් බුද්ධි අංශය සහ එරට හමුදාව වෙනුවෙන් ඔත්තු බැලූ බවට චෝදනා ලැබූ පුද්ගලයකුට එරෙහිව ඉරානය මරණ දඬුවම ක්‍රියාත්මක කළේය.
මරා දැමුණේ අගිල් කේෂවර්ස් නැමැති 27 හැවිරිදි තරුණයෙකි. ඉරානවය මොහු ඔත්තුකරුවකු යැයි පැවැසුවත්, මොහු ඉරානයේ සිට ඇත්තේ වාස්තු විද්‍යාව හදාරන සිසුවකු ලෙසය. කෙසේ නමුත්, මොහු මොසාඩ් සංවිධානය සමඟ සමීප සබඳතා පවත්වා ඇති බවට තහවුරු වී ඇතැයි ඉරාන රජය පවසයි.
පසුගිය මැයි මාසයේදී, ඉරානයේ තෙහෙරාන් නුවර සිට කිලෝමීටර් 600ක් වයඹ දෙසින් පඋර්මියා නගරයේ හමුදා මූලස්ථානයක ඡායාරූප ගනිමින් සිටියදී මොහු අත්අඩංගුවට ගැණුනු බව පැවැසෙයි.
රහසිගතව පැවැත්වූ නඩු විභාගයකින් පසුව අගිල් කේෂවර්ස්ට මරණ දඬුවම නියම වූ අතර, ඉරාන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද එම තීන්දුව තහවුරු කෙරුණි.
පසුගිය ජූනි මාසයේදී ඊශ්‍රායලය සහ ඉරානය අතර ඇති වූ දින 12ක යුද ගැටුමින් පසු, ඔත්තු බැලීමේ චෝදනාව මත ඉරානය මරණ දඬුවම ලබා දුන් 11 වැනි පුද්ගලයා අගිල් කේෂවර්ස් ය.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මොසාඩ් ඔත්තුකරුවාට මරණ දඩුවම