
සෞදියේ ඉන්දීය තානාපති සුහෙල් අජාස් ඛාන් සහ සෞදි අරාබියේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රොටෝකෝල නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල්මජීඩ් බින් රෂීඩ් අල්ස්මාරි ද්විපාර්ශ්වික වීසා නිදහස් කිරීමේ ගිවිසුමට අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
මෙහි අරමුණ, ඉන්දියා-සෞදි අරාබිය උපායමාර්ගික හවුල්කාරිත්ව කවුන්සිලය යටතේ මෙහෙයවීම පහසු කිරීම යැයි ද විදෙස් මාධ්‍යහ පෙන්වා දෙයි. නිල සංචාර, ද්විපාර්ශ්වික හුවමාරු වැඩි දියුණු කිරීම ද ගිවිසුමේ එක් අරමුණක් බව ද පැවැසෙයි.
ඉන්දීය පාර්ලිමේන්තු කතානායක ඕම් බිර්ලා පසුගිය දා නිවේදනය කර තිබුණේ, ඉන්දීය පාර්ලිමේන්තුව ඉක්මනින්ම ඉන්දියා-සෞදි අරාබි පාර්ලිමේන්තු මිත්‍රත්ව කණ්ඩායම පිහිටුවන බවය.
සෞදියේ ෂුරා කවුන්සිලයේ සෞදි-ඉන්දියා පාර්ලිමේන්තු මිත්‍රත්ව කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් අබ්දුල් රහ්මාන් බින් සන්හාත් අල්-හර්බිගේ නායකත්වයෙන් යුත් ඉහළ පෙළේ දූත පිරිසක් පාර්ලිමේන්තු මන්දිරයේදී කථානායකවරයා හමුවූ අවස්ථාවේදී මෙම නිවේදනය නිකුත් කෙරුණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd