යුක්රේනයේ ඩොලර් මිලියන 100 ක වංචාවක් රුසියාව සමඟ පවතින යුද ගැටුම් මැද යුක්රේනයේ බලශන්ති අංශයට අදාළව ඇමෙරිකන් ඩොලර් මිලියන 100 ක වංචාවක් සිදුවී ඇතැයි ඊට යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීගේ සමීපතයන් සම්බන්ධ බවත් අනාවරණය වී ඇත. 19 November 2025
සංක්‍රමණිකයන් රැගත් බෝට්ටු 2 ක් මූදේ ගිලෙයි ලිබියාවේ සිට ඉතාලිය දක්වා අනවසර සංක්‍රමණිකයන් රැගෙන යාත්‍රා කරමින් තිබූ කුඩා බෝට්ටු දෙකක් මුහුදේ ගිලී යෑමෙන් සිවු දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පැවැසෙයි. 17 November 2025
බිහාර් මැතිවරණ ජය: අගමැති මෝදි සතුටින් බියාර් මැතිවරණයෙන්, ‘ජාතික ප්රජාතන්ත්රවාදී සන්ධානය’ ලැබූ විශිෂ්ට ජයග්‍රහණය සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය සතුට පළ කර ඇත. මෝදි මේ බව පවසා ඇත්තේ සමාජ මාධ්‍ය ඔස්සේ සිය පක්ෂ නියෝජිතයන්ට සුබ පතමිනි. 17 November 2025
දිල්ලි බෝම්බකරුගේ සහායකයා අත්අඩංගුවට නවදිල්ලි අගනුවර කාර්බෝම්බ පිපිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවකු අත්අඩංගුවට ගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. අත්අඩංගුවට ගත් මෙම සැකකරු බෝම්බය පුපුරුවාගත් උමාර් මොහොමඩ් නමැති මුස්ලිම් වෛද්‍යවරයාගේ සහායකයා යැයි පැවැසෙයි. 17 November 2025
හසීනාට මරණ දඬුවම මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාට මරණ දඬුවම නියම විය. 17 November 2025
ඉරානයේ ප්‍රථම සංධ්වනි මෙහෙයවන්නිය ඉරානයේ ප්‍රථම සංධ්වනි මෙහෙයවන්නිය ලෙස වේදිකාවට පිවිසෙමින්, පනිස් ෆාර්යූසෙෆි ටෙහෙරානයේ සුප්‍රසිද්ධ වදාට් ශාලාවේදී විශිෂ්ට වාද්‍ය වෘන්දයකට නායකත්වය දෙමින් ඉතිහාසයට එක් වී සිටී. 15 November 2025
පාකිස්තානයේ ඉල්ලීම් ප්‍රතික්ෂේප වෙයි සාම සාකච්ඡාවලදී පාකිස්තානය ඉදිරිපත් කළ ඉල්ලීම් ඇෆ්ගනිස්තානය විසින් දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ. 15 November 2025
චීනයේ පුරාණ විහාරයක් ගින්නේන වැනසෙයි චීනයේ වසර 1500 ක් පැරණි විහාරස්ථානයක කොටසක් ගිනිගෙන විනාශ වී තිබේ. විනාශවී ඇත්තේ ෂැංජියාගෑං හි ප්‍රතිසංස්කරණය කරන ලද ඓතිහාසික යොංකිං විහාරස්ථානයේ මණ්ඩපයකි. 15 November 2025
ජාවා දූපතේ නායයෑමක් ඉන්දුනීසියාවේ, ජාවා දූපතේ සිදු වූ නායයෑමකින් දෙදෙනකු මියගොස් තවත් 21 දෙනකු අතුරුදන්ව තිබේ. අතුරුදන්වූවන් සෙවීම සඳහා එරට ආපදා කළමණාකරණ අංශ විසින් සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 15 November 2025
රුසියාවෙන් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර යුක්රේනයේ කීව් අගනුවර ඉලක්ක කර ගනිමින් රුසියාව එල්ල කළ ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරවලින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇතැයි පැවැසෙයි. 15 November 2025
කාශ්මීරයේ පොලිසියක පිපිරීමක් ඉන්දියාවේ ජම්මු කාශ්මීරයේ, ශ්‍රීනගර් නුවර නව්ගම් පොලිස් ස්ථානයේ ඊයේ (14) රාත්‍රියේ පිපිරීමක් සිදුවිය. පොලිස් ස්ථානය ගබඩාකර තිබූ අත්අඩංගුවට ගත් පුපුරණ ද්‍රව්‍ය තොගයක් පරීක්ෂාකිරීමට යාමේදී මෙම පිපිරීම සිදුවී ඇතැයි පැවැසෙයි. 15 November 2025
ගාසාව දෙකට කඩන්නයි හදන්නේ දිගුකාලීන පදනමක් මත, ගාසා තීරය, කලාප දෙකකට බෙදීම සඳහා ඇමෙරිකාව විසින් සැලසුම් සකස් කරමින් සිටින බව, එරට හමුදා සැලසුම් ලේඛන සහ අදාළ මූලාශ්‍ර මඟින් අනාවරණය වී තිබේ. 15 November 2025
ජපන් චීන අර්බුදයක් චීනය තායිවානයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගක් අනුමානය කරන්නේ නම්, චීනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් අනුමානය කරන බවට ජපාන නව අග්‍රාමාත්‍ය සානේ ටකයිචි කළ ප්‍රකාශය මුල්කොට ගනිමින් ජපානයත් චීනයත් අතරේ නොසන්සුන්තාවක් වර්ධනය වී ඇත 15 November 2025
බොට්ස්වානා චීටා ඉන්දියාවට චීටා සතුන් 8 දෙනකු ඉන්දියාවට පරිත්‍යාග කරන බව අප්‍රිකානු රාජ්‍යයක් වන බොට්ස්වානා ජනාධිපතිවරයා පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 15 November 2025
AI මනාලා සමඟ විවාහ වෙයි ChatGPT භාවිතයට ගනිමින් AI මනමාලයකු නිර්මාණය කර, එම මනාලයා සමඟ විවාහ වූ තරුණියක ගැන පුවතක් වාර්තා වෙයි. 15 November 2025
කාන්තාවන්ට ඔසප් නිවාඩු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්ත රජය, විධිමත් රැකියාවල නියුතු වැඩකරන සියලු කාන්තාවන්ට වැටුප් සහිත ඔසප් නිවාඩු ලබා දීමට තීරණය කර තිබේ. ඒ අනුව එරට මෙවැනි නිවාඩුවක් ලබාදෙන පළමු ප්‍රාන්තය බවට පත්වන්නේ ද කර්ණාටක ප්‍රාන්තය වීම විශේෂයකි. 14 November 2025
බෝම්බකරුගේ නිවස කඩා විනාශ කරයි නවදිල්ලියේ රතු බලකොටුව අසල පුපුරා ගිය කාර් බෝම්බය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ උමර් මොහොමඩ් නොහොත් උමර් උන්-නබි නම් වෛද්‍යවරයාගේ ඉන්දු කාශ්මීරයේ පිහිටි නිවස ඉන්දීය ආරක්ෂක අංශ විසින් අද (14) අලුයම කඩා දැමූ බව පැවැසෙයි. 14 November 2025
ඉන්දුනීසියාවේදී චීන ජාතිකයන් අනතුරේ ඉන්දුනීසියාවේ බාලි ප්‍රදේශයේ වෑන් රථයක් පෙරළීයෑමෙන් සිදුවූ අනතුරකින් චීන සංචාරකයන් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 8 ක් යැයි පැවැසෙයි. 14 November 2025
ඔබට බිරියන් කී දෙනක් ඉන්නවාද? ට්‍රම්ප් සිරියානු ජනාධිපතිගෙන් අහලා සිරියානු අන්තර්වාර රජයේ, අන්තර්වාර ජනාධිපති අහ්මද් අල් ෂාරා පසුගිය දා ධවල මන්දිරයට ගොස් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවිය. ඒ, සිරියාවත්, ඇමෙරිකාවත් අතරේ සුහඳත්වය වර්ධනය කර ගැනීමේ අරමුණින්ය. 13 November 2025
පේරු බස් රථ අනතුරින් 37 ක් මරුට ලතින් ඇමෙරිකාවට අයත් පේරු රාජ්‍යයේ මගී බස් රියක් ප්‍රපාතයකට පෙරළීමෙන් 37 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල්ගත කල ගණන 24 කි. 13 November 2025
කාර් බෝම්බය ‘ත්‍රස්ත ප්‍රහාරයක්’ ඉන්දියාවේ නවදිල්ලි අගනුවර රතු බලකොටුව ආශ්‍රිතව පුපුරා ගිය කාර් බෝම්බ ප්‍රහාරය, ත්‍රස්ත ප්‍රහාරයක් යැයි ඉන්දීය රජය නිල වශයෙන් තහවුරු කළේය. 13 November 2025
ආර්ථික අවුල විසදූ අරමුදල් පැකේජයට ට්‍රම්ප්ගේ අස්සන ඇමෙරිකන් රජයේ කටයුතු යළි යථා තත්වයට පත් කිරීමේ අරමුණින් එරට නියෝජිත මන්ත්‍රී මණ්ඩලය හමුවේ සම්මත කර ගැණුනු ෆෙඩරල් රජයේ වියදම් පනතට, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අස්සන හිමිවිය. 13 November 2025
ඉරාන වැසියන්ට බොන්න වතුර නෑ ඉරානය දැඩි වියළි කාලගුණයකින් බැටකයි. ඉරාන මාධ්‍ය වාර්තා කළේ එරට තෙහෙරාන් අගනුවර පමණක් නොව, සෙසු ප්‍රධාන නගරවලත්, සෙසු ප්‍රාන්තවලත් වැසියන් දැඩි පානීය ජල අර්බුදයකට මුහුණ පා සිටින බවය. 13 November 2025
ට්‍රම්ප් ඊශ්‍රායල අගමැති නෙදන්යාහුට සමාව ඉල්ලයි දූෂණ චෝදනා එල්ල වී සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුට සමාව දෙන්නැයි, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායල ජනාධිපති ඇයිසැක් හර්සොග්ගෙන් නිල වශයෙන් ඉල්ලීමක් කර ඇත. ඒ, ඊශ්‍රායල ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමිණි. 13 November 2025
තුර්කි හමුදා ගුවන් යානයක් කඩා වැටී 20 ක් මරුට අසර්බයිජානයේ සිට තුර්කිය බලා පියාසර කරමින් තිබූ, තුර්කි හමුදාවට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අනතුරට පත් වී කඩා වැටුණි. 12 November 2025
බෝම්බයට සම්බන්ධ කිසිවකුට කිසිදු සමාවක් නෑ - මෝදි ඉන්දියාවේ නවදිල්ලි අගනුවර රතු බලකොටුව ආසන්නයේ පුපුරා ගිය කාර් බෝම්බයට වගකිව යුතු සියලු දෙනා නිසැකවම නීතිය හමුවට රැගන ඒමට වගබලාගන්නා බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අවධාරණය කර ඇත. 12 November 2025
චීනයේ අලුත් පාලමක් කඩා වැටේ චීනයේ නිරිතදිග සිචුවාන් පළාතේ, අලුතින් ඉදි කළ පාලමක කොටසක් කඩා වැටුණි. පාලම කඩා වැටෙන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් මේවනවිටත් විදෙස් මාධ්‍ය ඔස්සේත්, සමාජ මාධ්‍ය ඔස්සේත් ප්‍රසිද්ධියට පත් වී තිබේ. 12 November 2025
පාකිස්තානයට ත්‍රස්ත තර්ජන ඉස්ලාමාබාද් අධිකරණය ඉදිරියේ පුපුරා ගිය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ වගකීම බාර ගනිමින්, පාකිස්තාන තලේබාන් ත්‍රස්ත සංවිධානය පාකිස්තාන රජයට අනතුරු ඇඟවීමක් කළේය. ඒ, දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බව පවසමිනි. 12 November 2025
දිල්ලි බෝම්බකරු වෛද්‍යවරයෙක් නවදිල්ලි අගනුවර මරාගෙන මැරෙන කාර් බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු දිගටම සිදුවෙමින් පවතී. ප්‍රහාරයට සම්බන්ධ මරාගෙන මැරෙන බෝම්බකරු හඳුනා ගැනීමට හැකිවුණු බවත්, බෝම්බකරු මුස්ලිම් වෛද්‍යවරයකු බවත් ඉන්දීය ආරක්ෂක අංශ සවස පැවැසීය. 11 November 2025
පාකිස්තානයේ බෝම්බයක් පිපිරේ පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර අධිකරණයක් ඉදිරිපිට පුපුරා ගිය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට 12 දෙනෙක් බිලි වූහ. බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ ගණන 27 ක් යැයි පාකිස්තාන අභ්‍යන්තර කටයුතු අමත්‍යාංශය නිවේදනය කළේය. 11 November 2025
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026