
‘මනුෂ්‍යත්වයේ දරුණුතම අපරාධකරු ලෙස ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු හඳුන්වා දෙමින්, ඔහු පැහැරගෙන ගොස් ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නැයි
පාකිස්තාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසීෆ් ඇමෙරිකාවෙන් මෙන්ම 'නොටෝ' සාමාජිකයකු ද වන තුර්කියට දන්වා ඇත.
ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් සහ නෙදන්යාහු අතරේ පවතින්නේ ඉතා සමීප මිත්‍රත්වයක් බැවින්, ට්‍රම්ප්ගෙන් එසේ ඉල්ලීමක් කිරීම විහිළුවක් බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති.
කෙසේ නමුත්, ඒ ගැන ප්‍රතිචාර නොදැක්වුවත්, තුර්කිය, ඒ ගැන සිතා බලනු ඇති බව ද දේශපාලන විශ්ලේෂකයෝ වැඩිදුරටත් පැහැදිලි කරති. පාකිස්තාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසීෆ්, මෙසේ ඉල්ලා ඇත්තේ, පාකිස්තානයේ, 'ජියෝ' රූපවාහිනී නාලිකාව සමඟ පැවති සජීවී සම්මුඛ සාකච්ඡාවකදීය. ඒ, වෙනිසියාලා ජනාධිපති නිකලස් මදුරෝ පැහැර ගත් ආකාරයට, හමුදාව යොදවා නෙදන්යාහු පැහැර ගැනීම කළ යුතු බව අවධාරණය කරමිණි.
ජාත්‍යන්තර අපරාධ අධිකරණය, නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කිරීමක් කර ඇත්තේ, නෙදන්යාහු ගාසා තීරයේ පලස්තීනුවන්ට එරෙහිව කරනව අපරාධ සැලකිල්ලට ගනිමින් යැයි ද පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ට්‍රම්ප්ට කරන්න පුලුවන්නම් ඇයි අනිත් යුධ බලය ඇති රටවලට කරන්න බැරිවෙන්නේ? රුසියාව, චීනය, උතුරු කොරියාව එකතුවෙලා ඉන්දියාවද සම්බන්ධ කරගෙන ට්‍රම්ප් නෙතන්යානු දෙපළ කුදලගෙන ඵන්න ඕන.ඵය ඉතා ඉක්මනින් කලොත් හොඳයි.