ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ලෝකයේ පවතින පිළිවෙළ වෙනස් කිරීමට උත්සාහ ගන්නා බවත්, එය ලෝකවාසී සියලු දෙනාට අනතුරක් බවත් ජර්මන් ජනාධිපති ෆ්රෑන්ක් වෝල්ටර් ස්ටියින්මයර් චෝදනා නගයි.

‘ලෝකය පවතින පිළිවෙළක් තියෙනවා. තමන් ලෝකයේ බලවතා වූ නිසාම ඒ පිළිවෙළ වෙනස් කරන්න හොඳ නැහැ. ඒක බරපතල ඵලවිපාකවලට හේතුවක් වේවි’ යැයි ජර්මන් ජනාධිපතිවරයා මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත.

‘ඇමෙරිකාව ගෝලීය ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවන් පෙනී සිටිය යුතුයි. ඒත් ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප්ගේ නියෝගයෙන්, වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ සහ බිරිඳ පැහැර ගැනීමට ලක්වුණා. වෙනිසියුලාවේ මදුරෝ පාලනය ඇමෙරිකාව අවසන් කළා. ජාත්‍යන්තර නීති උල්ලංඝනය කළා.’ යැයි ජර්මන් ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.