
නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ සීලියා ෆ්ලෝරස් නිව්යෝර්ක් හි මෑන්හැටන් ෆෙඩරල් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පැවැසෙයි.
මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලිවලට අනුග්‍රහය දීම, සහ ත්‍රස්තවාදී කුමන්ත්‍රණ ඇතුළු බරපතල චෝදනා රැසක් මදුරෝ සහ බිරිඳට එරෙහිව ගොනු කර ඇත.
මේ අතර මදුරෝගෙන් පසු, වෙනිසියුලාවේ ව්‍යවස්ථාවට අනුව, ජනාධිපති ධුරයට පත්වුණු උප ජනාධිපතිනී ඩෙල්සි රොඩ්රීගස් අවධාරණය කර ඇත්තේ, වෙනිසියුලාවේ ජනාධිපති නිකලස් මදුරෝ පමණක් ම බවය.
ඇමෙරිකාව මදුරෝ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්, වෙනිසියුලාවේ කැරැකස් අගනුවර ද විරෝධතා පැවැත්වෙන බව වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd