
ඉරාන රජයට එරෙහිව විරෝධතා උත්සන්න වී, ප්‍රචණ්ඩකාරී මුහුණුවරක් ගත් ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
විරෝධතා ප්‍රචණ්ඩකාරී වෙද්දී, අන්තර්ජාල සහ දුරකථන සබඳතා සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට ඉරාන බලධාරීහු පියවර ගත්හ. කදුළු ගෑස් ප්‍රහාර, බැටන් ප්‍රහාර සහ ජල ප්‍රහාර එල්ල කරමින් විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසියට අණ ලැබුණි.
එයින් කෝපයට පත් විරෝධතාකරුවන්, ඉරාන රජයේ අධිකාරී බලය විදහා දක්වන ස්ථාන පිහිටි ගොඩනැගිලිවලට කඩා වැදී පහර දී ඒවා ගිනිබත් කළේ යැයි ද පැවැසෙයි. ඉරාන රජයේ මාධ්‍ය ආයතන දෙකක කඩා වැදුණු විරෝධතාකරුවෝ ඒවාට පහර දී ගිනි තැබූහ.
ඉරාන වැසියන් වීදි බැස විරෝධතා පැවැත්වීම ආරම්භ කළේ ජීවන වියදම දරා ගැනීමට නොහැකිවය. ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී මෙන්ම ඉරාන ජනාධිපති මෙෂූඩ් පෙසෙෂ්කියන් ද චෝදනා නගා ඇත්තේ ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානය අස්ථාවර කිරීමේ අරමුණින් ඉරාන වැසියන් උසි ගන්වන බවටය.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අණින්, ඇමෙරිකන් හමුදා වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ සහ බිරිඳ සීලියා කුදලාගෙන ඇමෙරිකාවට රැගෙය යෑමෙන් පසු ඊශ්‍රායලය ඉරානයට පැවැසුවේ, වෙනිසියුලාවට සිදුවුණු දෙයින්, ඉරානය පාඩමක් ඉගෙනගත යුතු බවටය.
ඉරාන පොලිසිය සහ හමුදාව එල්ල කරන ප්‍රහාරවලින් මේ වනවිට විරෝධතාකරුවන් 45 දෙනකු මියගොස් ඇතැයි ද පැවැසෙයි. මියගිය පිරිස අතර බාලවයස්කරුවන් 8 දෙනකු ද සිටින බව ද වාර්තා වේ.
ට්‍රම්ප් ඉරානයට අනතුරු අඟවමින් පවසා ඇත්තේ, ඉරාන විරෝධතාකරුන්ගේ මරණවලට ඉරාන රජයට ගෙවීමට සිදුවනු ඇති බවය. මේ අතර, ඉරාන විරෝධතා උත්සන්න වී, ඉරාන ඉස්ලාමීය රජය බිඳ වැටුණොත් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී රුසියාවට පලා යෑමට සූදානම් වන බව ඊශ්‍රායල බුද්ධි අංශ පවසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිසුන්ගේ ලෞකික නිදහස, මානව නිදහස, භාෂණයේ නිදහස සීමාකරන සියලුම ආකාරයේ අන්තවාදී ආගමික රාජ්‍යයන්, ඒකාධිපතීන් බිඳවැටිය යුතුයි, පිටුදැකිය යුතයි. ඒ සඳහා ලෝක පුරවැසියන්ට ශක්තිය ලැබේවා.