
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට, යුක්රේනය රුසියාව සමඟ සාම ගිවිසුමකට එළඹුණහොත්, යුක්රේනයට අවශ්‍ය පරිදි ආරක්ෂාවක් ලබා දීමට බ්‍රිතාන්‍යයත්, ප්රංශයත් කැමැත්ත පළ කර ඇත.
ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියෙර් ස්ටාර්මර් සහ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී, ඊයේ (7) ප්‍රංශයේ පැරිස් නුවරදී හමුවී, සාකච්ඡා පවත්වා, ඊට අදාළ ගිවිසුමට අත්සන් කළහ.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමෙන් පසු, අනාගතයේ දිනෙක රුසියාව යුක්රේනයට තර්ජනයක් වන්නේ නම්, රුසියන් හමුදාවලට එරෙහිව නැගී සිටීමට යුක්රේනයේ හමුදා බලඇණි ස්ථාපිත කිරීමට ප්‍රංශය මෙන්ම මහා බ්‍රිතාන්‍යය ද මෙම ගිවිසුමට අනුව, එකඟත්වය පළ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd