
පෘථිවිය අසලින්, පෘථිවිය පසු කර ගිය 3අයි.ඇට්ලස් නමැති පිටසක්වළ අබිරහස් වස්තුව, පිටසක්වළ යානාවක් නොව, වල්ගා තරුවක් බව ඇමෙරිකාවේ නාසා ආයතනය මේ වනවිට තහවුරු කර ඇත.
මහත් ආන්දෝලනයක් ඇති කළ 3අයි.ඇට්ලස් නමැති ආකාශ වස්තුව, පිටසක්වළ යානයක් යැයි විද්‍යාඥයන් පවා සැක කරන්න වූයේ එහි අසාමාන්‍ය පෙනුම, වර්ණය, ගමන් මඟ සහ වේගය සැලකිල්ලට ගනිමිනි.
මෙම වස්තුව, පසුගිය ජූලි මාසයේ දී අප සෞරග්‍රහ මණ්ඩලයට ඇතුළු වී ඒ හරහා ගමන් කිරීමට පටන් ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයට ඔබ්බෙන් ඇති නොදන්නා තාරකා මණ්ඩලයක සිටය.
මේ අයුරින් ඈත තාරකා මණ්ඩලයකින් පැමිණ අප සෞරග්‍රහ මණ්ඩලයට ඇතුළු වී ගමන් කළ තෙවැනි 'පිටසක්වළ' වස්තුව ලෙස 3අයි.ඇට්ලස් සැලකෙයි.
3අයි.ඇට්ලස් වල්ගාතරුව, එසේත් නැතිනම් ධූම කේතුව පෘථිවිය අසලින් ගියේ පෘථිවියේ සිට කිලෝ මීටර් මිලියන 270 ක් දුරින් යැයි ද නාසා ආයතනය වැඩි දුරටත් පවසා ඇත.
අභ්‍යවකාශයේ රඳවා ඇති දුරේක්ෂවලින් මෙන්ම, පෘථිවියේ ඇති දුරේක්ෂවලින් ද විද්‍යාඥයෝ, 3අයි.ඇට්ලස් වල්ගාතරුව නිරීක්ෂණය කළ අතර එහි දත්ත රැස් කිරීමට යුහුසුළු වූහ. ලබාගත් දත්ත අනුව, 3අයි.ඇට්ලස් වල්ගාතරුව, සෞරග්‍රහ මණ්ඩලයට වඩා පැරණි බව පැවැසෙයි. සෞරග්‍රහ මණ්ඩලය යනු අප සූර්යයා සහ ග්‍රහ මණ්ඩලයයි.
2025 දෙසැම්බර් මස 30
98
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
365
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පෘථිවිය අසලින් ගිය අමුත්තා පිටසක්වළ යානයක් නොවෙයි