
රෝද පුටුවක් භාවිත කරන ජර්මන් ජාතික ඉන්ජිනේරුවරියක වන මිකේලා බෙන්තෝස්, ‘බ්ලූ ඔරිජින්’ ගගන කැප්සියුලයෙන්, පෘථිවි කක්ෂයට ගොස් ආපසු පැමිණියාය.
රෝද පුටුවක් භාවිත කරන තැනැත්තියක, උඩු ගුවනට ගොස් ආපසු පැමිණි පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.
මිකේලා, රෝද පුටුවකට සීමා වී සිටින්නේ, මීට වසර 7 කට පෙර, පාපැදි අනතුරකට ලක් වී බරපතල තුවාල ලැබීමෙන් පසුවය. එම අනතුරින්, බෙන්තෝස්ගේ කෂේරුකාවට එසේත් නැතිනම් කොඳු ඇට පෙළට දරුණු ලෙස හානි සිදුවී ඇති බැවින්, ඇයට ඇවිදීම කළ නොහැකිය. මිකේලා, යුරෝපා අභ්‍යවකාශ ආයතනයේ ඉන්ජිනේරුවරියක ලෙස රැකියාව කරමින් සිටී.
‘අනතුරින් පසු මා රෝද පුටුවට සීමා වුණා. මගේ ගමන් බිමන් සීමා වුණා. අභ්‍යවකාශයට ගොස් ආපසු එන්න ලැබේවි මම කවදාවත් හිතුවේ නැහැ’ යැයි මිකේලා සිය අභ්‍යවකාශ වික්‍රමයෙන් පසු මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත.
33 හැවිරිදි මිකේලා, ගගන සංචාරකයකු ලෙස පෘථිවි කක්ෂයට ගොස් ආපසු පැමිණියේ, ‘බ්ලූ ඔරිජින්’ කැපිසියුලය අයත් ‘බ්ලූ ඔරිජින්’ සමාගමේ හිමිකරු වන්නේ, ඇමෙරිකන් බිලියනපති ජෙෆ් බෙසෝස්ය. ගගන සංචාරකයන් ලෙස අතමිට සරු ඕනෑම කෙනකු අභ්‍යවකාශයට ගෙන ගොස් ආපසු ගෙන ඒම මෙම සමාමේ අරමුණ වෙයි. මිකේලා මෙම මෙහෙයුමට සම්බන්ධ කළේ යුරෝපා අභ්‍යවකාශ ආයතනයයි.
‘බ්ලූ ඔරිජින්’ සමාකම හරහාථ අභ්‍යවකාශ සංචාරවලට සහභාගී වන්නන්, උඩු ගුවනට රැගෙන යෑම සිදුවන්නේ ඔවුන්ට කෙටි පුහුණුවක් ලබා දීමෙන් ද පසුවය. එම කෙටි පුහුණුව ඇමෙරිකාවේ නාසා ආයතනයේ දී සිදුවෙයි.
ගගන සංචාරකයන් රැගත්, ‘බ්ලූ ඔරිජින්’ ගගන කැප්සියුලය පෘථිවි කක්ෂය අද්දර, අභ්‍යවකාශයට රැගෙන යෑම සිදු කරන්නේ ‘නිව් ෂෙපර්ඩ්’ රොකට්ටුවේ ආධාරයෙනි. රොකට්ටුවෙන් වෙන් වන කැප්සියුලය, ‘කාමන් රේඛාව’ යන නමින් හැඳින්වෙන කලාපයේ මිනිත්තු 10 ක් රැඳී සිටී.
‘කාමන් රේඛාව’ යනු අභ්‍යවකාශය යැයි සැලකෙන නිල සීමාවය. මෙය ඇත්තේ පෘථිවි පෘෂ්ඨයේ සිට කිලෝ මීටර් 105 ක් ඉහළිනි.
මිනිත්තු 10 ක් ශුන්‍ය ගුරුත්ව අත්දැකීම ලබා ගැනීමට ඒ අනුව ගගන සංචාරකන්ට හැකියාව ලැබෙයි. මෙම අභ්‍යවකාශ සංචාරයට මිකේලා සමඟ තවත් පස් දෙනෙක් සහභාගී වූහ. මොවුන් සියලු දෙනාට කැප්සියුලය තුළ පාවමින්, ශුන්‍ය ගුරුත්ව අත්දැකීම් විඳ ගැනීම හැකියාව ලැබුණි. මිනිත්තු 10 අවසන් වීමෙන් පසු කැස්පියුලය පහළට වැටුණි. ඒ, පැරෂූට් ආධාරයෙන් වේගය පාලනය කර ගනිමිනි.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජර්මන් ඉන්ජිනේරුවරිය රෝද පුටුවෙන් උඩු ගුවනට