IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ග්‍රීන් කාඩ් අත්හිටුවයි

‘ග්‍රීන් කාඩ්’ වීසා වැඩසටහන අත්හිටුවීමට ඇමෙරිකන් ජනාධිපති ඩොලන්ඩ් ට්‍රම්ප් තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ‘ග්‍රීන් කාඩ්’ යනු ඇමෙරිකන් පුරවැසියකු නොවන අයකුට ඇමෙරිකාවේ ස්ථිර පදිංචිය සඳහා ලබාදෙන නිල අවසර පත්‍රයයි. 

ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් මෙම වසරේ ජනවාරියේ සිය දෙවැනි ධුර කාලය ආරම්භ කළ අවස්ථාවේ පටන් කියා සිටියේ, ඇමෙරිකාවට පැමිණෙන සංක්‍රමණිකයන් සීමා කිරීමේ අරමුණින්, ‘ග්‍රීන් කාඩ්’ වැඩසටහන නැවැත්වීමට පියවර ගන්නා බවය.

ට්‍රම්ප්ගේ එම තීරණය ඉක්මන් වී ඇත්තේ, පසුගිය දා එරට රෝඩ් අයිලන්ඩ් ජනපදයේ, ප්‍රොවිඩන්ස් නගරයේ බ්‍රවුන් විශ්වවිද්‍යාලයේ සිදු වූ වෙඩිතැබීම සැලකිල්ලට ගනිමින් යැයි ද පැවැසෙයි. 

එම වෙඩි තැබීමෙන් සිසුන් දෙදෙනකු මරණයට පත් වූ අතර, නව දෙනෙක් තුවාල ලැබූහ. 

ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් එරට බලධාරීන්ට නියෝග කර ඇත්තේ, ඇමෙරිකාවේ පුරවැසිභාවය ලබාදෙන මෙම වීසා වැඩසටහන නවතා දමන ලෙස යැයි මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබේ. 

මෙම ‘ග්‍රීන් කාඩ්’ වීසා වැඩසටහන මගින් ලොව පුරා පුද්ගලයන් 50,000කට සෑම වසරකම නිත්‍යානුකූල ලෙස අමෙරිකාවට ඇතුළු විය හැකිය. මෙම වසරේ ද 'ග්‍රීන් කාඩ්' සඳහා මිලියන 20කට ආසන්න පිරිසක් අයදුම් කර ඇති බව සඳහන් වෙයි.



අදහස් (0)

ග්‍රීන් කාඩ් අත්හිටුවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 218 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site