IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඉව අල්ලන සුනඛ කණ්ඩායමක් ඉල්ලයි

‘දිට්වා’ සුළි කුණාටුව සමඟ හටගත් නායයෑම්වලට හසුවී පස් යට සැගවුණු පුද්ගලයන්ගේ සිරුරු සොයා ගැනීම සඳහා සහාය වීමට විශේෂයෙන් පුහුණු කළ ඉව අල්ලන සුනඛ කණ්ඩායමක් එවන මෙන්, රජය යුරෝපා සංගමයෙන් ඉල්ලීමක් කර ඇත.

නායයෑම් හේතුවෙන් අතුරුදන් වුවන් සොයා තවමත් මෙහෙයුම් සිදුවෙමින් පවතී.

දිට්වා සුලි කුණාටුව දිවයිනට කඩා වැදුණේ පසුගිය නොවැම්බර් 28 වැනිදාය. සුළි කුණාටුව හේතුවෙන්, මිලිමීටර් 500 දක්වා දැඩි වර්ෂාපතනයක් ඇද හැලුණි.

සුළි කුණාටුවත් සමඟ හටගත් නායයෑම් සහ ගංවතුර පුද්ගලයන් 600 කට වැඩි පිරිසක් බිලිගත් අතර, මධ්‍යම කඳුකරයේ දිස්ත්‍රික්කවල තවත් බොහෝ දෙනෙක් අතුරුදන් වූහ.

නායයෑම්වලින් මියගිය බවට සැකකෙරෙන පිරිසගේ සිරුරු සොයාගැනීමේ මෙහෙයුම් දිගටම ක්‍රියාත්මක වන බවත්, විශේෂයෙන් පුහුණු කළ සුනඛයන් ලබා දෙන ලෙස යුරෝපා සංගමයෙන් ඉල්ලීමක් කළ බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරියකු ​‘ඩේලි මිරර්’ පුවත්පත සමඟ පවසා ඇත.

පස් තට්ටු යට සිරවුණු පිරිස් සෙවීම අභියෝගයන් බවත්, මෙම විශේෂයෙන් පුහුණු කළ සුනඛයන්ට තියුණු ඉවක් ඇති බවත්, පස් තට්ටු යට සිරවී මියගිය පුද්ගලයන්ගේ සිරුරු සොයා ගැනීම එම සුනඛයන්ට කළ හැකි බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරියා පැහැදිලි කර ඇත.

 ආපදාවට ලක් වී අතුරුදන් වූ පුද්ගලයන්ගේ නිවැරදි සංඛ්‍යාව පිළිබඳව විමසූ විට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරියා ප්‍රකාශ කළේ අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් එම වාර්තා ඉදිරිපත් කළ යුතු බවය.



අදහස් (0)

ඉව අල්ලන සුනඛ කණ්ඩායමක් ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site