මීතොටමුල්ල කුණු ගොඩ කන්දක හැඩයට සකසන්න නිර්දේශ මීතොටමුල්ල කුණු කන්දෙන් අනාගතයේ සිදු විය හැකි විපත් අවමකර ගැනීම සඳහා කෙටිකාලීන විසඳුමක් ලෙස කන්දේ පදනම සවිමත් කර පොලිතින් වලින් වසා දමන්න‘යි ශ්‍රි ලංකාවට පැමිණි ජපාන විශේෂඥ පිරිස ජනාධිපතිවරයාට බාරදී තිබෙන වාර්තාවේ සඳහන්වේ. ඉදිරි වර්ෂා කාලයට පෙර මෙය කළ යුතු බවත්, එම කසල කන්දක හැඩයට නිර්මාණය කර ගුරුත්වාකර්ෂණයට අනුකූල ලෙස සම්පාදනය කිරිම යෝග්‍ය බවත් එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ. 24 April 2017
ජාතික ළමාආරක්ෂක අධිකාරියේ නව සභාපතිනි නීතීඥ මරිනි ද ලිවේරා ජාතික ළමාආරක්ෂක අධිකාරියේ සභාපතිනිය ලෙස සිටි ආචාර්ය නටාෂා බාලේන්ද්‍ර මහත්මිය සිය ධූරයෙන් ඉල්ලා අස්වූ හෙයින් එහි නව සභාපතිනිය ලෙස නීතීඥ මරිනි ද ලිවේරා මහත්මිය පත්කරනු ලැබ සිටී. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම පත්වීම කරනු ලැබ තිබේ. 24 April 2017
ගල් අරක්කු මිල පහත දමන්නැයි ඇමති ඩබ් ඩී ජේ රජයෙන් ඉල්ලයි රජයේ ආදායම අඩු වුවත් සමාජයේ වැඩි දෙනකු භාවිතා කරන ගල් අරක්කු බෝතලයක මිල අඩු කළයුතු යැයි තමන් රජයට යෝජනා කරන බව කම්කරු හා වෘත්තීය සබඳතා අමාත්‍ය ඩබ්.ඩි.ජේ. සෙනෙවිරත්න මහතා අද(24) රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමේ දි පැවසුවේය. 24 April 2017
ලසිත් මාලිංගගේ සහභාගිත්වය වැට උඩ එංගලන්තයේදී ලබන ජූනි මස පැවැත්වෙන අයි.සී.සී. ‘ශූරයන්ගේ කුසලාන’ එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටින ජ්‍යෙෂ්ඨ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ‘ශූරයන්ගේ කුසලාන’ තරගවලට සහභාගි වීමේ තීරණය පුහුණු තරගවලදී ඔහු පන්දු යවන ආකාරය අනුව රඳා පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියයි. 24 April 2017
ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි ප්‍රධාන දුම්රිය මාර්ගයේ කොළඹ දෙසට ධාවනය වන දුම්රිය බොහෝ වේලාවක් ප්‍රමාද වී ධාවනය වෙයි.දුම්රිය ප්‍රමාද වීම හේතුවෙන් බොහෝ දුම්රිය ස්ථානවල මගීහු රැසක් අපහසුතාවට පත්ව සිටිති. 24 April 2017
හම්බන්තොට ධීවර වරායේ බෝට්ටුවක් ගිනිගෙන අයෙක් මරුට හම්බන්තොට ධීවර වරායේ නතරකර තිබූ බෝට්ටුවක හදිසියේ ඇති වූ ගින්නකින් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් පුද්ගලයෙකු අද (24)මිය ගිය බව හම්බන්තොට පොලිසිය කියයි. 24 April 2017
වවුනියාවේ ගෙවත්තක ජීව අත්බෝම්බයක් වවුනියාව ශාන්ත සෝලෙ ගෙවත්තක තිබී එල්.ටි.ටි.ඊ සංවිධානය විසින් නිෂ්පාදනය කරන්නට ඇති බව කියන එස්.එෆ්.ටි 87 වර්ගයේ ජීව අත්බෝම්බයක් සොයාගත් බව වවුනියාව පොලිසිය පවසයි. 24 April 2017
සිංහල මුස්ලිම් විරෝධය නිසා ෆෙඩරල් යෝජනාව ක්‍රියාත්මක කරන්න බෑ - විග්නේෂ්වරන් දෙමළ ජනතාවගේ එකම විසඳුම වශයෙන් ඉදිරිපත් කළ ෆෙඩරල් යෝජනාවට නැගෙනහිර මුස්ලිම් වැසියන් හා සිංහල වැසියන් මෙන්ම රජයේ සිංහල මැති ඇමැතිවරු විරුද්ධ වීම නිසා ෆෙඩරල් යෝජනාව ක්‍රියාත්මක නොවන බවට උතුරු මහඇමති සී.වී.විග්නේස්වරන් කියයි. 24 April 2017
එට්කා සාකච්ඡා අද නවදිල්ලියේදී ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුම (එට්කා) සම්බන්ධයෙන් ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන සිව්වැනි නිල සාකච්ඡාව අද (24) නව දිල්ලියේදී පැවැත්වීමට නියමිත බව බලධාරීහු පවසති. 24 April 2017
ත්‍රිකුණාමල වරායේ ගිවිසුම ගැන අවසන් තීරණය ලබන සතියේ ත්‍රිකුණාමලය වරාය ඒකාබද්ධව සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාව හා ශ්‍රි ලංකාව අතර අත්සන් කිරීමට නියමිත ගිවිසුම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ලබන සතියේදී ගැනීමට නියමිත බව ඉන්දියාවේ ඩෙකෑන් හෙරල්ඩ් පුවත් සේවය වාර්තා කරයි. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ අරමුණද ඇතිව පස් දින සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නවදිල්ලිය බලා පිටත්ව යාමට නියමිතය. 24 April 2017
මහනුවර නගර සංවර්ධනයට රුපියල් කෝට් 1500 ක් මහනුවර ශ්‍රී දළදා මාළිගාව ඉදිරියෙන් ඇති මාර්ගය විවෘත කිරීමෙන් නගරයේ වාහන තදබදයට කිසිදු විසදුමක් නොලැබෙන බවත් මෙම මාර්ගය විවෘත කළ යුතු බවට හඬ නඟන්නේ මාළිගාවට අභියෝග කරන සුළු පිරිසක් පමණක් බවත් මහා නගර සහ බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා කීවේය. 24 April 2017
ශ්‍රී ලංකාව,ඉන්දියාව, ජපානය අතර ත්‍රෛපාර්ශික ගිවිසුමක් ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘතී ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකාව,ඉන්දියාව හා ජපානය අතර ත්‍රෛපාර්ශික ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 24 April 2017
මෝදිගේ ශ්‍රී ලංකා ගමනට ඉන්දියාවේ පක්ෂයක් විරුද්ධ වෙයි හින්දු ආගම මර්දනය කරමින් ශ්‍රී ලංකා රජය බෞද්ධ ජාතිකවාද ප්‍රතිපත්තියක් ගෙන යන බවත් ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවේ බෞද්ධ උත්සවයකට සහභාගී වීමට විරුද්ධ වන බවත් ඉන්දියාවේ හින්දු මක්කල් කච්චි නායක අර්ජුන් සම්පත් මහතා පවසයි. 24 April 2017
කෝප් කමිටු සභාපතිවරුන් සාක්ෂි විමසීමට කැඳවයි කොප් කමිටුවේ හිටපු සභාපති ඩියු ගුණසේකර මහතා සහ ඉන් පසුව පත් කරන ලද කොප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහත්වරුන් භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත් කර ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සාක්කි විමසීම සඳහා කැඳවීමට මෙම ජනාධිපති පරීක්ෂණ කොමිසම තීරණය කොට ඇති බව වාර්තා වේ. 23 April 2017
ඇමරිකානු නෞකාව ගිල්වා දමන්නට උතුරු කොරියාව සූදානම් තමන්ගේ යුද ශක්තිය තහවුරු කිරීමට අවශ්‍ය නම් ඇමරිකා එක්සත් ජනපදයේ යුද ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් වන යූ.එස්.එස්. කාල් වින්සන් නෞකාව මුහුදුබත් කිරීමට සූදානමින් සිටි බව උතුරු කොරියාව කියයි. උතුරු පැසිපික් සාගරයේ කෙරෙන යුද අභ්‍යාස සඳහා යූ.එස්.එස්. කාල් වින්සන් නෞකාවට තවත් ජපන් නාවික යාත්‍රා දෙකක් එක්වීමෙන් පසුව උතුරු කොරියාව මේ බව කියා සිටියේය. 23 April 2017
පොකිරිස්සන් ඇල්ලූ තිදෙනෙක් අත්අඩංගුවට නිලාවේලි පරවි දූපතට ආසන්න මුහුදු සීමාවේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස පොකිරිස්සන් ඇල්ලූ ලාංකික ධීවරයින් 3 දෙනෙකු නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. 23 April 2017
කසල ප්‍රතිචක්‍රිකරණය යන්ත්‍රය දියුණු කරන්න රාජ්‍ය අනුග්‍රහය ගම්පොළ දොළුවේ අඹකුඹුරේ පදිංචි විකුම් සම්පත් දිඹුල්ගස්තැන්න නිපදවූ කසල ප්‍රතිචක්‍රිකරණය කිරීමේ යන්ත්‍රය සංකල්පමය වශයෙන් ඉතා හොඳ එකක් බැවින් එය දියුණු කිරීම සඳහා වහා උපකාර කිරීමට තීරණය කළ බව විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා ලංකාදීපයට පැවැසීය. 23 April 2017
පේරාදෙණි සරසවියේ ආචාර්ය සුරවීරට අන්තර්ජාතික සම්මානයක් ඇමෙරිකා එක්සත් ජනපදයේ විදුලි හා විද්‍යුත් ඉංජිනේරු ආයතනයේ (IEEE) විද්‍යුත් සන්නිවේදන සංගමය විසින් සංවිධානය කරන සුවිශේෂ ජයග්‍රහණ හා සේවා ඇගැයීමේ උළෙලේදී පිරිනැමෙන ලෙනාඩ් ජී. ඒබ්‍රහම් සම්මානය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විදුලි හා විද්‍යුත් ඉංජිනේරු අංශයේ ආචාර්ය හිමල් සුරවීර මහතාට හිමිවී තිබේ. 23 April 2017
ශ්‍රී ලන්කන් ආරක්ෂක ප්‍රධානියා නෙරපන්න නියෝග ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ නිලධාරීන්ට මරණ තර්ජන කළේ යයි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ආරක්ෂක අංශ ප්‍රධානියා වහාම එම තනතුරින් ඉවත් කරන ලෙස බරපතල වංචා සහ දුෂණ චෝදනා විමර්ශන ජනාධිපති පරීක්ෂණ කොමිසම රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයාට දැනුම් දී ඇත. 23 April 2017
ශ්‍රීලනිප දිස්ත්‍රික් සංවිධායකවරු 7 දෙනෙක් පත්වීම් ලිපි ලබති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව දිස්ත්‍රික් සංවිධායකවරු හත් දෙනෙක් ජනාධිපති නිලනිවසේ දී මෛත්‍රීපාල සිරිසේන ජනපති අතින් පත්වීම් ලිපි ලබාගත්හ. 23 April 2017
තෙල් ටැංකි ඉන්දියාවට පැවරීමට විරෝධය දක්වමින් ඛණිජ තෙල් සමිති වර්ජනයක් චීන වරාය තෙල් ටැංකි 99 ඉන්දීය තෙල් සමාගමට (අයිඕසී) පවරා දීමට රජය ගෙන තිබෙන තීරණයට විරෝධය පළ කරමින් ඛනිජ තෙල් වෘත්තී සිමිති අද (23) මධ්‍යම රාත්‍රියේ සිට අඛන්ඩ වැඩ වර්ජනයක් කරන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඩී ජේ රාජකරුණා මහතා පවසයි. 23 April 2017
රත්හඳුන් කිලෝ 511ක් සමඟ සැකකරුවකු අල්ලයි ඉන්දියාවේ සිට ඩිංගි බෝට්ටු මංගි ලංකාවට ප්‍රවාහනය කරමින් තිබූ රත් හඳුන් කිලෝ ග්‍රෑම් 511ක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි. 23 April 2017
හක්බෙල්ලන් 204 ක් සමග අයෙක් අත්අඩංගුවට කල්පිටිය කුඩාව කලපු තීරයේ,ත්‍රී රෝද රථයකින් ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබුණු, මුහුදු හක් බෙල්ලන් 204 දෙනෙකු සහ සැක කරුවෙකු අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය කියයි. 23 April 2017
කටුගස්තොට කුණු කන්දත් අවදානම් තත්ත්වයේ මහනුවර මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක කැළි කසල බැහැර කිරීමට යොදා ගනු ලබන කටුගස්තොට ගොහාගොඩ තේක්කවත්තේ පිහිටි කුණු කන්ද ද අවදානම් තත්වයේ පවතින බවත් එමගින් දැඩි පරිසරික හානියක් සිදු වන බවත් ප්‍රදේශවාසීහු පවසති. 23 April 2017
තලේබාන් සංවිධානයට ආධාර කිරීම ගැන ඇමරිකානු රුසියානු මත ගැටුමක් ඇෆ්ගනිස්තානයේ තලේබාන් සංවිධානයට ආධාර කරන බවට නේටෝ සංවිධානය එල්ල කරන චෝදනා රුසියාව ප්‍රතික්ෂේප කරයි. ’’රුසියාව ඇත්ත වශයෙන්ම අන්තවාදී කණ්ඩායමට උදව් කරනවා’’ යැයි වොෂින්ටන් නුවරදී ජෙනරාල් කර්ටිස් ස්කැපරොටි පැවැසීය. 23 April 2017
තලේබාන් ප්‍රහාරයෙන් මියගිය පිරිස 140 ඉක්මවයි ඇෆ්ගනිස්තානයේ හමුදා කඳවුරකට කළ ප්‍රහාරයකින් පුද්ගලයන් 140 දෙනකුට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට බලධාරීහූ පවසති. හමුදා ඇඳුම්වලට සමාන ඇඳුමින් සැරසී පැමිණි තලේබාන් සාමාජිකයන් පිරිසක් මෙම ප්‍රහාරය එල්ල කර ඇතැයිද මෙම ප්‍රහාරය මෑතකාලයේ ඇෆ්ගනිස්තානයට එල්ල වූ දරුණුතම ප්‍රහාරය යැයි ද එරට බලධාරිහු සඳහන් කළහ. 22 April 2017
කුණු ලොරිවලට පහර දුන් දෙදෙනකු වත්තලදී අත්අඩංගුවට කොළඹ නගරයේ එකතුවන කැළි කසළ මුතුරාජවෙළ බෝපිටිය රක්ෂිතයට රැගෙන ඒමට විරෝධය පාමින් කුණු ලොරිවලට පහර දුන්නැයි කියන දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 22 April 2017
මැරුණු රෙජී රණතුංගගේ අගේ මහින්ද මහත්තයාට අදවත් තේරුම් යාම ගැන සතුටුයි - අර්ජුන ”අපේ තාත්තා මිය යන විට සිටියේ මන්ත්‍රීකෙනෙක් හැටියට. ඒ කාලේ තාත්තට ඇමැතිකමක්වත් මහින්ද රාජපක්ෂ මහත්තයගෙන් ලැබුණේ නැහැ. එතුමා පාර්ලිමේන්තුවේ සිටියේ අන්තිම පේළියේ මාත් එක්ක. එවැනි නොසලකාහැරීමේ තත්ත්වයක් යටතේයි තාත්තා මිය ගියේ. 22 April 2017
කුණුවලට එරෙහිව කරදියානේ නිහඬ විරෝධයක් වේරහැර - කරදියාන කසළ අංගනයට කුණු රැගෙන ඒමට විරෝධය පා ප්‍රදේශවාසීහු නිහඬ උද්ඝෝෂණයක් වෙරහැර බොරුපන පාලම ආසන්න දී නිහඬ විරෝධයක් කළහ. 22 April 2017
දොම්පෙට කසල ගෙනයාමට බාධා නොකරන්නැයි 10 දෙනකුට නොතීසි කොළඹ මහ නගර සිමාව තුළ දිනපතා එකතු වන කසළ බැහැර කිරිමට නම් කර ඇති දොම්පේ මාළිගාවත්ත ඒකාබද්ධ කසළ කළමණාකරණ මධ්‍යස්ථානය කුණු ගෙනයාමට බාධා නොකරන ලෙස තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු නියෝජ්‍යය අමාත්‍යය ඩුලිප් විජේසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග හා දොම්පේ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මිලාන් ජයතිලක යන මහත්වරුන් ඇතුළු දස දෙනෙකුට පුගොඩ මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු නිලුපුලි ලංකාපුර මෙනෙවිය අද (21) නොතීසි නිකුත් කළාය. 21 April 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026