නිමල කොඩිතුවක්කු
ඒකාබද්ධ විපක්ෂය ඇතුලු පක්ෂ සමඟ එක්ව ඉදිරි මැතිවරණවලදී එක්සත් ජාතික පක්ෂයට එරෙහි දැවැන්ත සන්ධානයක් ගොඩනගන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා කොළඹදී අද (24) පැවසීය.
මේ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ඉදිරි ප්‍රතිසංවිධාන වැඩ පිළිවෙළ තුල ක්‍රියාත්මක කරන බවද ඔහු කියා සිටියේය.
නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාගේ බොරුල්ල නිවසේ පිහිටි නිදහස් මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා මෙසේද කීවේය.
“අපේ මන්ත්‍රීවරුන් 16 දෙනාගේ කණ්ඩායම මහින්ද රාජපක්ෂ මහතා හමුවීම බොහෝ පුවත් පත් වල වාර්තා වුණා. විදේශ ගතවූ අනුර යාපා මන්ත්‍රීතුමා හැර අනෙකුත් මන්ත්‍රීවරුන් 15 දෙනාම මෙම හමුවට සහභාගී වුණා.
එහිදී මහින්ද රාජපක්ෂ මහතා අපිව බොහෝම උණුසුම් අයුරින් පිළගනු ලැබුවා. එතුමාගේ නිවසේ ආලින්දයේ සිට පැය තුනකට ආසන්න කාලයක් අපි මෙම සාකච්ඡාව ගෙන ගියා. වර්තමාන සහ අතීත දේශපාලන සිදුවීම් පිළිබඳව අපි බොහෝ දේ එහිදී කතා කළා. ඇත්තටම එම හමුවීම ඉතාම රසවත් වුණා.
අපේ ඊළඟ දේශපාලන ගමන් මග ගැන කථා කරන විට අපි එතුමාට අවධාරණය කර සිටියේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරගෙන යන වැඩ පිළිවෙළ ගැනයි. එක්සත් ජාතික පක්ෂයට මුක්කු ගහලා යන වැඩ පිළිවෙළ නවත්වන්න ඊළඟ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ප්‍රතිසන්විධාන වැඩ පිළිවෙළ තුල කටයුතු කරනවා කියන කාරණාවත් අපි අවධාරණය කළා.
මේ රටට හරියන්න ඕනනම් රනිල් වික්‍රමසිංහ අගමැතිකමින් යන්න ඕන, ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට හරියන්න ඕන නම් දුමින්ද දිසානායක මහතා ලේකම් කමින් යන්න ඕන කියන කාරණාව මීට අවුරුද්දක පමණ කාලයක සිට මම දිගින් දිගටම කියපු දෙයක්.
ඒ නිසා මේ ප්‍රතිසංවිදාන වැඩ පිළිවෙළ තුළ පක්ෂය උඩු යටිකුරු කරන ප්‍රතිසංවිධානයක් සිදු කරගෙන යන්න පුලුවන් කියලා අපි විශ්වාස කරනවා .
මේ ප්‍රතිසංවිධානයත් සමඟ පක්ෂයෙන් ඈත් වෙච්ච උදවිය එයට සම්බන්ධ කරගෙන පක්ෂය ශක්තිමත් කරගතතොත් අනාගතයේදි එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව ගොඩ නැගෙන ඒ මහා බලවේගය තුල ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට සක්‍රීය වැඩපිළිවලක් එක්ක කටයුතු කිරීමේ හැකියාවක් තියෙනවා.
ඒකාබද්ධ විපක්ෂය තුල පක්ෂ ගණනාවක් ඉන්නවා. ඒ අය පසුගිය මැතිවරණයේදී ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සිටිමින් සහයෝගය දුන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණටයි. මේ සියලු දෙනා සමඟ එකතු වී අපි එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව දැවැන්ත සන්ධානයක් ගොඩනගනවා.‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාට පුලුවන්ද එහෙම සන්ධානයක් ගොඩදාගන්න..............පසුගිය මහ මැතිවරණයේදී තරග කරන්න බය වුණා..... පළාත් සභා ඡන්දෙදි මෙයාගේ ආසනය සහ දිස්ත්‍රික්කය පැරදුණා..... ඉතින් කොාහොමද මෙයා සන්ධානයක් ගොඩනගන්නේ.........
කොරයි. ඕක කරන්න කලින් බදුල්ලෙන් ඡන්දෙට ඉල්ලලා දිනලා පෙන්නන්න. ඒක කරන්න බෑ බදුල්ලෙන් මෙයාට ඡන්දෙ නැහැ.
අනේ ජනතාවනි අයෙත් රැවටෙන්න එපා වදින්නම්!
කාලයක් ජාතිවාදයට විරුද්ධව පෙළපාලි ගියා. කාලයක් උතුරු නැගෙනහිර ප්‍රශ්නයක් ඇතිබව කියමින් ඒ සඳහා එකම විසඳුම බලය බෙදීම කියා කියා ගියා. තවත් කාලයක් හැටන් පැත්තෙන් එක කොටසකුත් රත්නපුර පාරෙන් එකකොටසකුත් කැන්දන් ඇවිත් නල්ලතන්නියේදී දෙගොල්ලම එක්කාසු කරන බව කියා කියා ගියා. තව කාලයක් දැන් ඔය එලවන්න හදන එක්සත් ජාතික පක්ෂය සම්බන්ධ සම්මුතිවාදී ආණ්ඩුව කරේ තියාගෙන ඇමති කමකුත් ඇතුව කිසිම දෙයක් නොදන්නවා වගේ හිටියා. දැන් දැවැන්ත සන්ධාන හදනබව කිය කියා යනවා. ඒ හදන්න හදන කට්ටියගෙන් එක කොටසක් හිටපු අමතිවරයෙක් ඔනෑ කියනවා. තවත් කොටසක් හිටපු ලේකම් වරයෙක් ඕනෑ කියනවා. තවත් කොටසක් ඒ කවුරුත් එපා ඉන්න කෙනාම හොඳයි කියනවා. වෙන සන්ධාන හදන්න කලින් තියෙන සන්ධානයේ අවුල් ලිහාගන්න බැලුවොත් නරකද?
මම දන්නා තරමින් ඔබතුමාට විරුධව ඔබතුමාගේ පළාතේ ෆොට්ටු කාරයෝ සංවිධානය වෙලා , ඔවුන් කියන්නේ ඔවුන් 2015 ඉඳන් දුක් විදිමින් පොහොට්ටුව ගොඩනගාගෙන එන කොට ඔබතුමාලා ඇමතිකම් දරමින් ඔවුන්ට අවහිර කලා කියල ජනතාව මනාපේ නොගහ ඔබතුමා ගෙදර යැවීමෙන් පෙනෙනවා ඔබට චන්ද නැති බව , ඔබතුමවැනි චරිතයක් පොහොටුවට ගැනීමෙන් පොහොට්ටුවට තිබෙන චන්ද ටිකත් අඩු වෙන්න පුළුවන් බව ඔවුන්ගේ මතය , එකෙන් ඔබට මෙවර පින් මන්ත්‍රීකමක් අනිවාර්යයෙන්ම ලැබෙන්නේ නැත , මහින්ද මහත්මයාගේ ගෙදර පිළිකන්නේ මුල්ලකට වෙලා දෙන දෙයක් කලා වෙන දෙයක් බලාගෙන , ඉඳල හිටලා කඩේ යනවා හැරෙන්නට වෙන විකල්පයක් ඔබට නැත
ඔව් දැන් පිනට කාපු කලේ ඉවරයි.
ඉස්සෙල්ල හාලි ඇල දිනාගෙන එන්නකෝ ...පින් මන්ත්‍රී තුමෝ ඔබ එනතුරු... නල්ලතන්නිය ළඟ ඉන්නවා අපි පින් තුමෝ
කව්රු මොනවා කිව්වත් මිනිස්සු ඊලග ඡන්දෙන් මේ පාලකයෝ ගෙදර යවන බව පුංචි ළමයෙක්ට වුනත් තේරෙනවා. මේ වගේ අය හදන්නේ ඒක එයාල කරපු දෙයක් විදියට උලුප්පන්න
එතකොට ඔතන ඉන්න මිලියනය ගත්ත කෙනා ?
ඒ මහා බලවේගය නම් ගොවි,කම්කරු වේද,සඟ,ගුරු සහ 16 ද?