(රොමේෂ් මධුෂංඛ)
වව්නියාව මලයාපෙරෙත්ති කුලම් ප්‍රදේශයේ පවත්වාගේන ගිය ගල් වළකට යැයි පවසමින් ගෙනා නීතිවිරෝධී පුපුරණ ද්‍රව්‍ය රැසක් සමඟ ගල්වලේ කළමනාකරු අත්අඩංගුවට ගත් බව මාමඩුව පොලීසිය හා පුලියන්කුලම් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් කියා සිටියහ.
පුලියන්කුලම් පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව මාමඩුව පොලීසියේ ද සහය ඇතිව මලයාපෙරෙත්ති කුලම් ප්‍රදේශයේ පිහිටි ගල් වලක සඟවා තිබූ අදාළ බලපත්‍ර රහිත පුපුරණ ද්‍රව්‍ය තොගය හමු වී ඇත.
හමුවූ පුපුරණ ද්‍රව්‍ය අතර ඇමෝනියම් වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 1007 ක් , ජෙලට් නයිට් කූරු 306ක්, ඩෙටනේටර් 774ක් මෙසේ අනවසරයෙන් ළඟ තබාගෙන සිටියදී ගල්වලේ කලමනාකරු සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
බලපත්‍රයට අමතරව මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය ළඟ තබා ගැනීම නිසාවෙන් අත්අඩංගුවට ගත් සැකකරු අද (24) වව්නියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඔන්න අපි සලකනවට සලකන්න පටන් අරන් වගෙයි.
දැන් කට්ටිය නටන්න පටන් ගනිවී. කොටි යලි බෝම්බ හදන්න යනවා කියලා. ගල්වලවල් කරන අය ළග බලපත්‍රවල ප්‍රමාණයට වැඩියෙන් පුපුරණ ද්‍රව්‍ය තියෙන එක සාමාන්‍ය දෙයක් ඒක දකුණේ උනත් දකින්න පුළුවන්. කෙසේ වෙතත් මේ ගැන අවධානයෙන් සිටිම ආරක්ෂක අංශවල වගකිම වේ.