නීති විරෝධීව ගෙන්වූ ලොකු ළූණු තොගයක් සිලාවතුරෙන් අල්ලයි ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද ලොකු ලූණු බීජ ඇසුරුම් 20 ක් හා ඒවා ප්‍රවාහනය සදහා යොදා ගැනීමට නියමිතව තිබූ වාහන දෙකක් සමග සැකකරුවන් පස් දෙනෙකු මන්නාරම සිලාවතුර මුහුදු තීරයේ දී අද(26) අත්අඩංගුවට ගත්බව ථේරපුත්ත නාවුක ආයතනය කියයි. 26 April 2017
ප්‍රධානීන් 14 ක් මාරු කිරීමෙන් මානව සම්පත් අධ්‍යක්ෂවරිය තිගැස්සෙයි ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපතිවරයා ලෙස අර්ජුන් මහෙන්ද්‍රන් මහතා පත්වී එහි පැමිණි විට මගේ වැඩිමහල් සහෝදරයා පැමිණෙනවා වැනි හැගීමක්, ශ්‍රී ලංකා මහා බැංකුවට නව යුගයක් උදාවීගෙන එනවා කියලා හැඟීමක් මට ඇති වුණා යැයි බැදුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් ශ්‍රී ලංකා මහා බැංකුවේ මානව සම්පත් අධ්‍යක්ෂකවරිය ලෙස කටයුතු කළ කල්‍යාණි ගුණතිලක මහත්මිය පැවසුවාය. 25 April 2017
තරුණයෙක් කල්පිටිය මුහුදේ ගිලෙයි කල්පිටිය කප්පල් අඩිය මුහුදේ අද (25 ) සවස දිය නෑමට ගිය තරුණයන් සිව් දෙනකු දියේ ගිලී ඇතැයිද ඉන් තරුණයන් තිදෙනකු විදේශීය යුවලක් විසින් බේරාගත් නමුත් විසි දෙහැවිරිදි තරුණයෙකු අතුරුදහන්ව ඇතැයි ද කල්පිටිය පොලිසිය පවසයි. 25 April 2017
නුවරඑළියේ උෂ්ණත්වය සෙල්සියස් 24ට නගී ගෙවුනු දශක දෙකක කාලයක සිට නුවරඑළියේ පාරිසරික පද්ධති වල ඇති වු වෙනස්කම් හේතුවෙන් දිවා කාලයේ මෙන්ම රාත්‍රී කාලයේදීද උණුසුම් තත්ත්වයක් දකින්නට තිබිණ. 25 April 2017
මීතොටමුල්ලේ තවත් පවුල් 65 කට නිවාස මීතොටමුල්ල කසළ කන්ද නාය යාමෙන් නිවාස අහිමි වූවන්ට නිවාස ලබාදීමේ වැඩසටහනේ දෙවන අදියර යටතේ පූර්ණ හානියට පත් නිවාස 65 ක පදිංචි කරුවන්ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආපදා කළමනාකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද (25) නව නිවාස පිරිනැමිණි. 25 April 2017
මේ වසරේ ජනමත විචාරණයක් - කැබිනට් ප්‍රකාශක යහපාලන රජය මේ වසරේ මුහුණ දෙන පළමු මැතිවරණය ජනමත විචාරණයක් බව රජයේ සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා අමාත්‍යංශයේ අද (25) පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය. 25 April 2017
අප්පච්චි නැති කඳවුරක මට තනතුරු දරන්න බෑ අප්පච්චි නැති කඳවුරක හෘද සාක්ෂියට එකඟව තනතුරක් දැරිය නොහැකි නිසා තමා මධ්‍යම පළාත් සභාවේ යෞවන කටයුතු ඇමතිධුරයෙන් ඉල්ලා අස්වූ බව මධ්‍යම පළාත් සභා මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ලංකාදීපයට පැවසීය. 25 April 2017
ශ්රීලනීපයට වෙන්නේත් මීතොටමුල්ලේ කුණු කන්දට වෙච්චදේමයි - ජනක බණ්ඩාර තෙන්නකෝන් තමාගේ පියා ජීවතුන් අතර සිටියේ නම් ඔහු මිය යන්නේ අද දිනයේදී බව දඹූල්ල ආසනයේ ‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂ‘ ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කරනු ලැබූ හිටපු ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ලංකාදීපයට පැවසීය. 25 April 2017
තාත්තා අස්කළාට විරෝධයපා ප්‍රමිතත් ඉල්ලා අස්වෙයි මධ්‍යම පළාත් සභාවේ යෞවන කටයුතු ,ග්‍රාමීය සංවර්ධන හා වනිතා කටයුතු ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අද(25) එම ධුරයෙන් ඉල්ලා අස්වීය. 25 April 2017
වායු සමීකරණය නැතිව කෝටි 10 ක යන්ත්‍රයක් වසර එකහමාරක් ඇසුරුමේ ගාල්ල කරාපිටිය රෝහලේ පිළිකා ඒකකයට මීට වසර එකහමාරකට පෙර ගෙන්වන ලද කෝටි 10 ක් පමණ වටිනා ලීනියා ඇක්සලරේටර් යන්ත්‍රයෙන් මේ වන තෙක් කිසිදු ප්‍රයෝජනයක් ගෙන නැතැයි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී අනාවරණය විය. 25 April 2017
ජනක බණ්ඩාර - ලොහාන් ශ්‍රීලනිප තනතුරු වලින් දොට්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජ්‍යෙෂඨ උප සභාපතිවරයකු ද වන හිටපු ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා දඹුල්ල ආසන සංවිධායක ධුරයෙන් ද පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්ත මහතා පාතදුම්බර ආසන සංවිධායක ධුරයෙන් ද ඉවත් කර ඇත. 25 April 2017
බැසිල්ට නඩේසන්ට එරෙහි අධිචෝදනා මල්වානේ අක්කර 16 ඉඩම සම්බන්ධයෙන් හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා හා තිරුකුමාර් නඩේසන්ට පවරා තිබු නඩුවේ වැඩිදුර විභාගය පුගොඩ මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු නිලුපුලී ලංකාපුර මෙනවිය ඉදිරියේ අද (25) මහාධිකරණයේ තැබුවාය. 25 April 2017
පිළිකා ඖෂධ හෘද ස්ටෙන්ට් මිල අඩු කරන්න යයි ඉදිරියේ පිළිකා ඖෂධ සහ හෘද සැත්කම්වලට යොදාගන්නා ස්ටෙන්ට් මිල අඩු කිරීම සඳහා කටයුතු කරන ලෙස සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න ජාතික ඖෂධ නියාමන අධිකාරියට දැනුම් දෙයි. 25 April 2017
වවුනියාවේ වෙළෙන්දෝ හර්තාලයට වෙළෙඳසල් වසන්න බෑ කියති ලබන 27 වැනිදා උතුරු නැගෙනහිර පළාත්වල ක්‍රියාත්මක කිරීමට නියමිත හර්තාලය වෙනුවෙන් සිය වෙළඳාම් කටයුතු වලට බාධා වන බැවින් වෙළෙඳසැල් වැසීමට නොහැකි බව වවුනියාවේ වෙළෙඳ සංගම් කිහිපයක් දැනුම් දී ඇත. 25 April 2017
ලක්ෂ 70 ක හෙරොයින් සමඟ පාකිස්තානුවෙක් අත්අඩංගුවට ලක්ෂ 70 ක් වටිනා හෙරොයින් ග්‍රෑම් 708 ක් යට ඇදුම්වල සඟවා ඩුබායි සිට මෙරටට පැමිණි පකිස්ථාන ජාතිකයකු අද (25) අලුයම අත්අඩංගුවට ගත් බව ගුවන් තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය පවසයි. 25 April 2017
විග්නේෂ්වරන් හර්තාලයකට සැරසෙයි උතුරු නැගෙනහිර පළාත්හි යුද සමයේදී අතුරුදන් වූවන්ගේ ඥාතීන් විසින් මේ වන විට ආරම්භ කොට ඇති සත්යග්රහයන්ට වත්මන් රජයෙන් විසඳුමක් නොලැබීම නිසා එලඹෙන 27 වැනි දා ඔවුන්ට සහය වීමක් වශයෙන් උතුරු නැගෙනහිර පළාත්හි පූරණ හර්තාලයක් සිදු කිරීමට දෙමළ ජනතා සභාව පියවර ගෙන ඇත. 25 April 2017
බෙන්තොට රිය ගැටුමකින් 15 කට තුවාල කොළඹ - ගාල්ල මහා මාර්ගයේ බෙන්තොට දී අද (25) පෙරවරු 4.30 ට පමණ ලොරි රථයක් හා පුද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් ගැටීමෙන් බෙන්තොට බෝධීන් වහන්සේ පිහිටි බිමේ ආරක්ෂිත තාප්පයේ ද හැපීමෙන් සිදුවූ අනතුරෙන් වාහන දෙකේම රියදුරන් ඇතුළු 15 දෙනෙකු පමණ තුවාල ලැබූ බව බෙන්තොට පොලිසිය පවසයි. 25 April 2017
අලි පිටේ ගමන් යාමට නීති ගේන්න යයි සත්ව හිංසාව වැළක්වීම සදහා අලි පිටේ ගමන් කරන සෆාරි ක්‍රමය නැවතීම හෝ ඊට දැඩි නීති රීති ක්‍රියාත්මක කිරීමට වනජීවී දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවී තිබීමත් සමඟ ලංකාවේ අලි සෆාරි කර්මාන්තයේ නියැලෙන ජනතාවට බලවත් අසාධාරණයක් සිදුවන බව එම සංවිධාන චෝදනා කරති . 25 April 2017
ඔරුගොඩවත්ත වැසියෝ විරෝධතා දක්වා කුණු එකතු කරවති නිවෙස්වල එක්රැස්වෙන කුණු එකතු නොකිරීමෙන් තමන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බව සඳහන් කරමින් ඔරුගොඩවත්ත ප්‍රදේශවාසීන් විසින් කොළඹ අවිස්සාවේල්ල මාර්ගය අවහිර කරමින් පැවැත්වු විරෝධතාවයක් හේතුවෙන් දැඩි රථ වාහන තදබදයක් ඇති වු බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි. 25 April 2017
ඇමති පුතා ගමන්ගත් රිය හැපී යතුරු පැදියේ ගිය පවුලම රෝහල් රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බංඩාර මහතාගේ පුතා ඇතුළු පිරිසක් ගමන් ගත් කැබ් රථයක ගැටුන යතුරු පැදියක ගමන් ගත් එකම පවුලේ මව පියා සහ දරුවන් දෙදෙනා බරපතල ලෙස තුවාල සිදුව අද සවස ආණමඩුව දිසා රෝහලට ඇතුලත් කිරිමේන් පසුව කුරුණැගල ශික්ෂණ රෝහලට මාරු කර තිබුනි. 24 April 2017
මීතොටමුල්ලට ආ ලිපි, තැපැල් භණ්ඩ කොලොන්නාව තැපැල් කාර්යාලයේ හිරවෙයි මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටී විපතට පත් ජනතාව වෙත බෙදිය යුතු ලිපි හා තැපැල් භාණ්ඩ සියල්ල කොලොන්නාව තැපැල් කාර්යාලයේ රඳවා ගෙන ඇතැයි වාර්තා වේ. 24 April 2017
ඛණිජ තෙල් සේවකයෝ වර්ජනය අතහරිති අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවැති සාකච්ඡාවකදී ලැබුණු ලිඛිත පොරොන්දුවක් මත ඛණිජ තෙල් සේවකයන් ආරම්භ කළ වැඩ වර්ජනය අද රාත්‍රී අත්හිටුවන බව ලංකා ඛණිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රංවල මහතා කියයි. 24 April 2017
මාර ගසක් කඩා වැටී බදුල්ල මහියංගණ මාර්ගය අවහිර වෙයි බදුල්ල මහියංගණ මාර්ගයේ මීගහකිවුල ප්‍රාදේශීය සභාව ආසන්නයේ මාර්ගය අයිනට වන්නට පිහිටි දැවැන්ත මාර ගසක් අද (24) සවස 5.40 ට පමණ මාර්ගය මතට කඩා වැටිමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු මුලුමනින්ම ඇන හිට ඇති අතර එම ස්ථානයේ පිහිටි විදුලි හා දුරකතන රැහැන් රැසකටද බරපතල හානි සිදුව ඇත. අනතුර සිද්වන අවස්ථෘවේ ඒ අසල සිටි කීප දෙනෙකු දිවි ගලවාගෙන ඇත්තේ දේව හාස්කමකින් මෙන් බම ප්‍රදේශයේ ජනතාව පවසති. කෙසේ වෙතත් අනතුරින් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැත. 24 April 2017
සුනිල් හඳුන්නෙත්තිගේ සාක්කි විමසීම කල්දමයි තිස් අවුරුදු කාලයකට බැඳුම්කර නිකුත් කිරීමට ගත් තීරණය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත් කළ කෝප් කමිටුවේ සභාපතිධුරය දැරූ සුනිල් හඳුන්නෙත්ති මහතාගේ සාක්කි විභාග කිරීමට බැඳුම්කර කොමිසම විසින් තීරණය කර තිබුණත් හඳුන්නෙත්ති මහතා විදේශ ගතවීම නිසා ඔහුගේ සාක්කි විමසීම කල් තැබීමට කොමිසම අද (24) තීරණය කළේය. 24 April 2017
ශාක්‍ය රාජධානියේ අනුරුවක් ඉදිකිරීමට කෝටි 50 ක් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ වෙසක් දින උත්සවයට සමගාමීව ශාක්‍ය රාජධානියේ අනුරුවක් ඉදිකිරීමට නියමිතය. ‘සමාජ සාධාරණත්වය සහ තිරසාර සාමය සඳහා බෞද්ධ ඉගැන්වීම්‘ යන තේමාව යටතේ මැයි 12 වැනි දා සිට 14 දක්වා පැවැත්වීමට නියමිත එම උත්සවය නිමිත්තෙන් පිළියන්දල කහපොල අක්කර 78ක භූමියක ශාක්‍ය රාජධානියේ අනුරුවක් ඉදිකරන බව බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය. 24 April 2017
විදේශ විනිමය පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගයේ තීන්දුව කතානායකට විදේශ විනිමය පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගයේ තීන්දුව ඉදිරි කාලයේදී කතානායකවරයා වෙත දැනුම් දෙන බව ශ්‍රේෂ්ඨාධිකරණය නිවේදනය කළේය. මෙම පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් තුනක් අද (24 වැනිදා) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගැනිණ. 24 April 2017
ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 74 ක් ශ්‍රී ලංකාව - ඉන්දියාව අතර හවුල් ව්‍යාපාරයකට ත්‍රිකුණාමල තෙල් ටැංකිවල මූලික අයිතිය ලංකා රජයට හිමිවන පරිදි එයින් 14 ක් ඉන්දියානු තෙල් සමාගමටත්, 10 ක් ලංකා ඛතිජ තෙල් නීති ගත සංස්ථාවටත්, ඉතිරි 74 දෙරට අතර හවුල් ව්‍යාපාරයක් හැටියට පවත්වාගෙන යාමටත් එකඟතාවයකට පැමිණ ඇතැයි රාජ්‍ය ව්‍යාවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පැවසීය. 24 April 2017
යාචකයන්, සුනඛයන්, ගවයන් මාස 3 ක් ඇතුළතදී කොළඹින් ඉවතට කොළඹ නගරය සංවර්ධනය කර නඟා සිටුවිමේදි එහි වෙසෙන යාචකයන්, ගවයන් හා සුනඛයන් ලබන මාස 3 ඇතුළතදි ඉවත් කරන බව මහනගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා මහනුවරදි පැවැසීය. 24 April 2017
රියැදුරු බලපත්‍ර නැතිව වසර 6ක් ලොරියෙන් මාළු වෙළඳාමේ මට රිය පැදවීමේ බලපත්‍රයක් නොමැති වුවත් මට දැනට වසර හයක කාලයක සිට මේ කුඩා ලොරි රථයෙන් මාළු වෙළඳාම කරනවා. රිය පැදවිමට හොඳට පුළුවන් නිසා රියදුරු බලපත්‍රයක් නොමැති වුවත් මෙම ලොරි රථයෙන් ගමන් බිමන් යනවා. 24 April 2017
වාලච්චේනෙයි අධිකරණය ඉදිරිපිට විරෝධතාවක් මඩකලපුව කල්කුඩාවේ ඉදිකරන මත්පැන් නිෂ්පාදනාගාරයක් ගැන වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් දෙදෙනෙකුට පහර දීමට විරෝධය පාමින් හා සාධාරණ පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා වාලච්චේනෙයි මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී අද (24) විරෝධතාවක් පැවැත්විණි. 24 April 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026