කම්කරු දෙපාර්තුමේන්තු ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ඉබිගමනේ කම්කරු දෙපාර්තමේන්තුව සදහා නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම ආරම්භ කර වසර 10 ක් ගතවී ඇතත් තවමත් එහි වැඩ නිම කර ගැනීමට හැකියාව ලැබී නැතැයි දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සදහන් කරයි. 30 April 2017
මැයි දිනයට රැලි, පෙළපාළි 23ක් ජාත්‍යන්තර කම්කරු දිනය හෙටට (1) යෙදී ඇති අතර ඒ වෙනුවෙන් සංවිධානය කරන කම්කරු දින සැමරුම් රැලි හා පෙළපාළි 23ක් දිවයිනේ විවිධ ප්‍රදේශවලදී පැවැත්වේ. 30 April 2017
ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහසට 141 වැනි තැන දේශසීමා රහිත වාර්තාකරුවන්ගේ සංවිධානය වාර්ෂිකව නිකුත් කරන ලෝක මාධ්‍ය නිදහස පිළිබඳ දර්ශකයේ 141 වැනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ. 30 April 2017
උපකුලපති පත්කළ ආකාරය ගැන කණගාටුව පළකරති යාපනය විශ්ව විද්‍යාලයේ නව උපකුලපති ලෙස මහාචාර්ය ආර්. විග්නේෂ්වරන් මහතා පත් කිරීම ගැන කනගාටුව පළ කරන බව එම විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන් හා සිසුහු පිරිසක් ප්‍රකාශ කරති. 30 April 2017
වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ මධු සාදයක් වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ රැඳවියන් පිරිසක් සිටින සිර මැදිරියක පසුගිය සිකුරාදා රාත්‍රී මත්පැන් සාදයක් පවත්වා ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග කියයි. මෙම වාට්ටුව පරීක්ෂා කරද්දී මත්පැන් බෝතලයක් සහ ජංගම දුරකතනකයක් සහිත පාර්සලයක් සොයා ගත් බව බන්ධනාගාර ප්රකාශයෙක් පැවසීය. 30 April 2017
මැයි දිනයේ මහජන ආරක්ෂාවට පොලිසියෙන් 20,000 ක් මැයි දිනයේදී මහජන ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 20,000 ට අධික පිරිසක් සේවයට යොදවා ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 30 April 2017
නීති විරෝධීව මෙරටට පැමිණි 28 ක් උතුරු මුහුදෙන් අල්ලයි ඉන්දීය ධීවර යාත්‍රාවකින් නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාවට ඇතුලූව සිටි මියන්මාර් ජාතිකයින් 28 දෙනකු හා ඉන්දීය ජාතිකයින් දෙදෙනකු කන්කසන්තුරේට උතුරු මුහුදේදී අද (30) පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි. මෙම ධීවර යාත්‍රාව පදවා ඇත්තේ ඉන්දීය ජාතිකයින් දෙදෙනකු බවද නාවික හමුදාව සදහන් කරයි. 30 April 2017
කර්මාන්ත ශාලාවලට පෞද්ගලික විදුලි ජනනය අනිවාර්ය කරයි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල විදුලිය ජනනය 32% කින් අඩුවී තිබෙන අතර විදුලි ඉල්ලුම 10% කින් ඉහළ ගොස් ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය කියයි. 30 April 2017
ජනමාධ්‍යවේදීන්ගේ මැයි දින රැළිය අම්පාරේදී මස්ත ලංකා ජනමාධ්‍යවේදී සම්මේලනය සංවිධනය කරන මැයි දින පෙළපාලිය සහ රැළිය අම්පාර නගරයේ දි පැවැත්වේ. අම්පාර රීගල් හන්දියෙන් පස්වරු 02.00ට ඇරඹෙන පෙළපාලිය අම්පාර නගර ශාලව වෙත ගමන් කිරිමට නියමිතය. 30 April 2017
ඉන්දීය ශ්‍රමිකයකුට රුපියල් 60,000 ක වේතනයක් ශ්‍රී ලංකාවේ රැකියාවේ නිරත වීම සඳහා විදේශිකයන් වෙනුවෙන් වැඩ බලපත්‍ර විශාල වශයෙන් ආයෝජන මණ්ඩලය වෙත පැමිණෙමින් තිබෙන බව වාර්තා වේ. රැකියා වීසා මත පැමිණි 8,000කට ආසන්න පිරිසක් පසුගිය වසරේදී ඉල්ලුම්පත්‍ර යොමු කර ඇතැයි ද සංචාරක වීසා මත පැමිණි සැලකිය යුතු පිරිසක් ද එලෙස අයඳුම්පත්‍ර යොමු කර ඇතැයි ආයෝජන මණ්ඩලය සඳහන් කරයි. පසුගිය වසරේදී ඒ ආකාරයෙන් ඉදිරිපත් වූ වීසා 5,786කට ආයෝජන මණ්ඩලය අනුමැතිය දී ඇත. 30 April 2017
විදේශිකයෝ ලක්ෂ දෙකක් ශ්‍රී ලංකාවේ රැකියාවල ශ්‍රී ලංකාව තුළ දැඩි ශ්‍රම හිඟයක් නිර්මාණය වී ඇතැයි මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. රැකියා වීසා පත්‍ර ඇතිව හෝ නැතිව මෙරටට පැමිණෙන විදෙස් ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ ගොස් ඇති බව පෙන්වා දුන් අමාත්‍ය රණවක මහතා දැනට මෙරට සිටින විදෙස් ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව ලක්ෂ දෙකක් (200,000ක්) ලෙස ඇස්තමේන්තු කර ඇති බව ද කීවේය. 30 April 2017
ෆෙඩරල් ගැන අපට ඇත්තේ වැරදි අවබෝධයක් - ඇමති රාජිත ‘ෆෙඩරල් ගැන අපට ඇත්තේ වැරදි අවබෝධයක්. දේශපාලනඥයින් ලෙස අපි අපේ දැක්ම වෙනස් කළ යුතුයි. අපට අවශ්‍ය වන්නේ උතුර දකුණ නොඛෙදුනු සාමකාමී හා ස්ථාවර රටක්.‘ යැයි සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය. 30 April 2017
ඇලන් ඩොනල්ඩ් වේග පන්දු යවන්නන්ගේ පුහුණු උපදේශක තනතුරට ශූරයන්ගේ කුසලාන තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නන්ගේ උපදේශක පුහුණුකරු වශයෙන් ඇලන් ඩොනල්ඩ් මහතා පත්කරනු ලැබ තිබේ. 30 April 2017
ශූරයන්ගේ කුසලාන තරගාවලිය වර්ජනයට ඉන්දියාව සැරසෙයි ජූනි මස 1 වැනිදා එංගලන්තයේදී ආරම්භ වීමට නියමිත ශුරයන්ගේ ක්‍රිකට් තරගාවලිය වර්ජනය කිරීමේ හැකියාව ඉන්දියාවට ඇතැයි ඉන්දීය පිලේ හිටපු නායක සුනිල් ගවස්කාර් මහතා කියයි. 30 April 2017
අතුරුදන් දැරියගේ සිරුරේ කොටස් කිඹුලාගේ උදරයෙන් හමුවේ මුලංනටුව ඇළේ දිය නාමින් සිටියදි කිඹුලකු විසින් ඩැහැගත් 13 හැවිරිදි ගිම්හානි අනුෂිකා ගේ යැයි සැකකරන ශරීරයේ කොටස් කිඹුලාගේ උදරයේ තිබී සොයාගත් බව පොලිසිය කියයි. 30 April 2017
ගම්පහ ඔස්මන්ට වෙඩිතැබූ තවත් දෙදෙනෙක් අත්අඩංගුවට ගම්පහ ව්‍යාපාරික ඔස්මන් ගුණසේකර මහතාට වෙඩි තැබූ බවට සැකකරන කළු අජිත් ඇතුළු දෙදෙනෙක් පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. 29 April 2017
ඉන්දීය අගමැති එන්නේ වෙසක් සැමරුම් උත්සවයට පමණයි - ජනපති තමන්ගේ නිල ආරාධනයක් පරිදි මෙම මැයි මස දිවයිනට පැමිණෙන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ සංචාරය තුළදී එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උත්සවයට සහභාගීවීම හැර වෙනත් කිසිදු රාජකාරී කටයුත්තක් සිදු නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. 29 April 2017
සයිටම් ජනසතු කරන්න‘යි රජයේ වෛද්‍යවරු තවත් වර්ජනයකට සැරසෙති සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කිරීම සඳහා තවදුරටත් රජයට බලකිරීමේ අදහසින් මැයි මස 3 වැනිදා සහ 5 වැනිදා අතර එක්දින වර්ජනයක් ආරම්භ කිරීමට රජයේ වෛද්‍ය නිලධාරී සංගමය සැරසෙයි. 28 April 2017
ශ්‍රී ලංකාවේ කළ යුතු සංවර්ධන ව්‍යාපෘති ගැන පින්ලන්ත සෞඛ්‍ය ඇමතිනිය විමසයි පින්ලන්තය ලබාදෙන ආධාර වලින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්රයේ කළ යුතු සංවර්ධන ව්‍යාපෘති පිළිබද යෝජනා කඩිනමින් ලබාදෙන ලෙස පින්ලන්ත පින්ලන්තයේ සමාජ කටයුතු සහ සෞඛ්‍ය අමාත්‍ය පිර්කෝ මතිලා මහත්මිය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියාය. 28 April 2017
නාවික නිලධාරී වීරසිංහට මිලියනයක රක්ෂණ වන්දියක් ශ්‍රී ලංකා නාවික හමුදා රාජකාරියේ නිරතව, ඉන්දියාවේ විදේශීය පුහුණු පාඨමාලාවක් හදාරමින් සිටියදී අභාවයට පත් වයි.පී.එන්.ආර්. වීරසිංහ යන ජ්‍යෙෂ්ඨ නාවිකයා වෙනුවෙන් ˝නැවිරු සවිය˝ නාවික සුවසහන රක්ෂණ අරමුදල මගින් රුපියල් මිලියනයක රක්ෂණ වන්දි මුදලක් අද ප්රදානය කරන ලදී. 28 April 2017
සහල් පාලන මිල නොසලකාහරින්නන්ට නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලති වෙළෙඳපොලේ දැනට පාලන මිල ඉක්මවා සහල් අලෙවි කරන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට රජය වහා මැදිහත් විය යුතු බව සමස්ත ලංකා ක්‍රියාකාරී සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයින්ගේ සංගමය කියයි. මේ සඳහා පාරිභෝගික සේවා අධිකාරිය හෝ වෙනත් අදාළ ආයතන සතු නිලධාරීන් ප්‍රමාණවත් නොවන්නේනම් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව හෝ පොලිසිය යොදවන ලෙස ජනාධිතිවරයාගෙන් ඉල්ලා සිටින බවද සහල් මෝල් හිමියෝ පැවසූහ. 28 April 2017
ශ්‍රී ලංකා - ඉරාන ආරක්ෂක සහයෝගීතාවක් ශ්‍රී ලංකාව හා ඉරානය අතර පවතින පූර්ණ ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කිරීමට දෙරට අතර සූදානමක් පවතින බව ඉරානයේ මාධ්‍ය වාර්තා කරයි. ඉරාන ආරක්ෂක අමාත්‍ය හොසේන් දෙගෑන් සහ ශ්‍රී ලංකාවේ සහකාර ආරක්ෂක ලේකම් සරත් කුමාර මහතා අතර මොස්කව්හිදී පැවති සාකච්ඡාවක දී මේ බව කතාබහට ලක්වී ඇත. 28 April 2017
කම්කරු දිනයේ මැයි රැළි 16ක් අන්තර්ජාතික කම්කරු දිනය නිමිත්තෙන් මැයි 01 වැනි දා කොළඹ සහ මහනුවර රැළි 16ක් පැවැත්වීමට නියමිත ය. 28 April 2017
ජනපතිතුමා සැහැල්ලූවෙන් කී කථාවක් දුරදිග ගිහින් - කම්කරු ඇමති ‘‘ජනාධිපතිතුමා කැබිනට් රැස්වීමෙදි බොහොම සැහැල්ලූවෙන් කියපු කථාවක් දුරදිග ගිහින්. මේ වර්ජන රැල්ල ගැන කථා කරද්දි එතුමා විහිළුවට අහල තියෙන්නේ සරත් ෆොන්සේකා මහත්තයාට බැරිද මේ වැඩේ පාලනය කරන්න කියලා. එහෙම කරන්න ජනාධිපතිතුමා හීනෙන් වත් හිතල නැහැ.’’ යැයි කම්කරු සහ වෘත්තිය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව් ඞී. ජේ. සෙනෙවිරත්න මහතා පවසයි. 28 April 2017
මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයට දේශපාලන හිතෛෂීන් මුළු ජාතියටම බලපාන තීරණ ගන්නා ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ සාමාජිකයන් ලෙස දේශපාලන හිතෛෂීන් පත් කරන බවත් එලෙස පත්වෙන සමහර සාමාජිකයන් න්‍යාය පත්‍රය ගැනවත් කිසිවක් දන්නේ නැති බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය මණ්ඩලයට සාමාජිකයන් පත් කීරීමේදී විධිමත් වැඩපිළිවෙළක් තිබිය යුතු බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ සාමාජිකයන් තාක්ෂණික විශේෂඥයන්ගෙන් සමන්විත විය යුතු බවත් බැඳුම්කර කොමිසම හමුවේ විශේෂඥ සාක්කියක් දෙමින් ශ්‍රී ලංකා මහා බැංකුවේ 28 April 2017
මැයි දිනයට ජනතාව ගෙනයන්න බස්රථ 12,000 ක් මෙවර මැයි දිනය වෙනුවෙන් පැවැත්වෙන රැළි සහ පෙළපාලි සඳහා සහභාගීවන ජනතාව ප්‍රවාහනය කිරීමට දේශපාලන පක්ෂවල ඉල්ලීම අනුව ශ්‍රී ලංගම බස් රථ හා පෞද්ගලික බස් රථ 12,000ක් ලබාදීමට ශ්‍රී ලංගම හා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පියවර ගෙන ඇත. 28 April 2017
උතුරු නැගෙණහිර අධිවේගී මාර්ග ඉදිකිරීමට ඉන්දියාවේ සහාය යාපනය, මන්නාරම හා ත්‍රිකුණාමලය සහ දඹුල්ල-ත්‍රිකුණාමලය අධිවේගී මාර්ග ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකාවට සහය දැක්වීමට ඉන්දියාව පොරොන්දු වූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි. ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අවස්ථාවේදී ඉන්දියානු රජය වෙනුවෙන් ඉන්දියානු මහාමාර්ග අමාත්‍ය නිතින් ගද්කාර් මහතා මෙලෙස පොරොන්දු වී තිබේ. 28 April 2017
කරදියානට කුණු දැමීම නැවැත්වීමට අධිකරණ නියෝගයක් කොළඹ කණු කරදියානට දැමීම නවත්වන්නැයි කැස්බෑව ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් රණවක මහතා අද (28) නියෝග කළේය. 28 April 2017
පිල්ලෙයාන් 37 වැනි වතාවටත් රිමාන්ඩ් නැගෙනහිර පළාත් හිටපු මහ ඇමති සිවනේසදුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් මැයි 12 වැනිදා වන තෙක් තවදුරටත් රිමාන්ඩ් කරන ලෙස මඩකලපුව මහේස්ත්‍රාත් එම් ගනේෂරාජා මහතා අද නියෝග කළේය. 28 April 2017
ණය අයැදුම්පත් වංචනිකව විකුණූ අයෙක් අත්අඩංගුවට ස්වශක්ති ණය යෝජනා ක්රමයේ අයඳුම්පත්‍ර 35 ක් රුපියල් 2000/- බැගින් විකුණා වංචනික ලෙස ආදයමක් ඉපයු බව කියන උඩපුස්සැල්ලාව ප්‍රදේශයේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි. 28 April 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026