(දයාරත්න ඇඹෝගම)
වාහනයකින් පැමිණි පිරිසක් වයෝවෘද්ධ පුද්ගලයකු අද (27) අනුරාධපුර බැංකු පෙදෙසේ අතුරු මාර්ගයක දමා පලා ගොස් ඇතැයි අනුරාධපුර පොලිසිය කියයි.
ගිනි අව්වේ බිම වැතිර සිටි මෙම පුද්ගලයාට සෙවනක් සාදා දුන් අසල්වැසියන් සිද්ධිය පොලිසියට දැනුම් දිමට පියවර ගත්තේය.
පසුව නගර සභාවේ ගිලන් රථයෙන් මෙම වයෝවෘද්ධ පුද්ගලයා අනුරාධපුර රෝහලට ඇතුළත් කෙරිණි.
මෙම වයෝවෘද්ධ පුද්ගලයා මහමඟ දමා ගිය හඳුනා ගැනීම සඳහා අනුරාධපුර පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න සිංහල බෞද්ධ රටේ..... රෑ දවල් පිරිත්..... සාදු සාදු....ඒත් වෙන දේවල්
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ..බුදුනි කොහේ සැඟවුනිදෝ අපේ මිනිසුන්ගේ මිනිසත් බව.
" මනුසත් බවක් ලැබුණද තිරිසනුන් හට " " තිරිසන් ගති ගුණය එයි පෙර භවයෙ සිට " " කාටත් හොරෙන් දැමුවත් මොහු මහ මඟට " " පාපය ලුහුබඳියි උන් සැම පෙරටු කොට "
වයසක අම්මල තාත්තල ගෙවල් වලින් එලවන්නේ එයාලගේ දූවරුයි ලේලිලයි. පුතාලයි බෑනලයි කරන්නේ කාන්තා පාර්ශවයේ නියම ක්රියාත්මක කරන එක විතරයි. ගැහැනියක් නැතිව ගෙයක් ගෙනියන්න බැරි නිසා ගොඩක් වෙලාවට පිරිමි අසරණ වෙනවා.
රට වටේම පන්සල් වෙහෙර විහාර ආගමික ස්ථාන එහෙත් මිනිස්සු එන්න එන්නම අධර්මිෂ්ට වැඩවලට නැඹුරු වෙනවා වැඩයි. රටේ බහුතරයක් මිනිස්සුන්ට ජාතක කරපු අම්මා තාත්ත සහෝදර නෑදෑ අමතකවීම අපි කොතරම් සැඟවීමට උත්සාහ කලත් රට සහ එරට මිනිසුන්ගේ සැබෑ තතු හෙලිවිමයි..