පොලිසියේ ඔත්තුකරුවෙක් අබිරහස් ලෙස මියයයි නීති විරෝධී වැලි ලොරියක් අත්අඩංගුවට ගැනීමට පොලීසියට ඔත්තු ලබා දුන් බව කියන පුද්ගලයකු අභිරහස් ලෙස මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කළ බව කරුවලගස්වැව පොලීසිය කියයි. 28 April 2017
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අසල උල් පිහි රැගත් අයෙක් පස් දෙනකු ජීවිතක්ෂයට පත්වූ වෙස්ට්මින්ස්ටර් ප්‍රහාරයෙන් සති පහකට පසු උල් පිහි සහිත ගමන් මල්ලක් රැගෙන සිටි ආයුධ සන්නද්ධ පුද්ගලයකු පොලිසියේ අත්අඩංගුවට පත් වී ඇත. 27 April 2017
විශේෂ ඒකකයක් ඇති කිරීම කැබිනට් තීරණයක් - ඇමති විජිත් විජේමුණි උසස් පරමාර්ථ පෙරදැරි කරගෙන පත් කරගත් මේ රජයට වගකීම් වලින් කර අරින්න බැරිනිසා සරත් ෆොන්සේකා මහතාට ආරක්ෂක ඒකකය බාර දුන් බවත් එදිනෙදා වැඩට යන මිනිස්සුන්ට දවස කාලකන්නි කරගන්න දෙන්න බැරි බවත් වාරිමාර්ග අමාත්‍ය විජිත් විජේමුණි සොයිසා මහතා පවසයි. 27 April 2017
ගැසට් නිවේදනයෙන් මුලික අයිතිවාසීකම් කඩ වන බවට පෙත්සමක් කැළි කසළ බැහැර කිරීමේ ක්‍රියාවලිය අත්‍යවශ්‍ය සේවාවක් බව සඳහන් කරමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයෙන් ජනතාවගේ මුලික අයිතිවාසීකම් කඩ වන බව සඳහන් කරමින් අද (27) ශ්රේෂ්්යඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කෙරිණි. 27 April 2017
ක්ලැරන්ස්ගේ නිර්මාණ අයිතිය දියණිය අමිලාට සිංහල කණ්ඩායම් සංගීතයේ පෙරැළියක් කළ සංගීත අධ්යක්ෂ සහ ප්‍රවීණ ගායන ශිල්පී ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ ගී පද රචන, ගී තනු ඇතුලූ ගීතවල බලයලත් හිමිකම ඔහුගේ දියණිය වන අමිලා ප්‍රියදර්ශනී විජේවර්ධනට පවරා තිබේ. 27 April 2017
මහාධිකරණ තීන්දුවට අභියෝග කරමින් කොටි සාමාජිකයන්ගෙන් ඇපෑලක් කොටි සංවිධානයේ මිසයිල බලඝනයේ හිටපු ප්‍රබල සාමාජිකයකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරිවරයකුට දුන් පාපොචිචාරණ නීත්‍යානුකූල යයි අනුරාධපුර විශේෂ මහාධිකරණයේ විනිසුරු මහේෂ් වීරමන් මහතා දුන් නියෝගය අභියෝගයට ලක් කරමින් අභියාචානාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කර තිබේ. 27 April 2017
එස්. එෆ්. ලොක්කා 9 වැනිදා දක්වා රිමාන්ඩ් මූල්‍ය ආයතනයක සුඛෝපභෝගි ජීප් රථයක් පැහැර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එස්. එෆ්. ලොක්කා හෙවත් ඉරෝන් රණසිංහ මැයි 9 වැනිදා දක්වා රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුණවෙල මහතා අද (27) නියෝග කළේය. 27 April 2017
වෘත්තීය සමිති තමන්ගේ සීමාව දැනගන්න ඕනා - සරත් ෆොන්සේකා ජනාධිපතිවරයාගේ අවශ්‍යතාවය වැටහෙන බවත් ඒ අවශ්‍යතාව වෙනුවෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. 27 April 2017
ජී.එස්.පී+ තීරුබදු සහනයට දැක්වූ විරෝධය පරාජය වෙයි ශ්‍රී ලංකාවට ජී.එස්.පී + තීරුබදු සහනය ලබාදීමට විරෝධය පළ කරමින් යුරෝපා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෝසම අද (27) පරාජයට පත්විය. ශ්‍රී ලංකාව මානව හිමිකම් ඇතුළු ක්ෂේත්‍ර රැසක ප්‍රමාණවත් ප්‍රගතියක් පෙන්නුම් කර නොමැති බව සඳහන් කරමින් යුරෝපා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 52 දෙදෙනකු විසින් මෙම මෝසම ඉදිරිපත් කරන ලදි. 27 April 2017
ජනාධිපති නීතීඥවරුන් 25 දෙනකු පත්කෙරේ ජ්‍යෙෂ්ඨ නීතීඥවරුන් 25 දෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපති නීතීඥවරුන් ලෙස පත් කරනු ලැබ ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(2) ඉ වගන්තිය යටතේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව නීතීඥ වෘත්තීයේ විශිෂ්ඨත්වයට පත්ව ඇති හා වෘත්තීය කටයුතු පිළිබඳ අවංකභාවයෙන් හා උත්කෘෂ්ඨ පැවැත්මෙන් යුතු නීතීඥවරුන් මෙලෙස ජනාධිපති නීතීඥවරුන් ලෙස පත් කළ හැකිය. 27 April 2017
සිරියාවේ පිපිරීම ආයුධ ගබඩාවකට කළ පහරදීමක්ද? සිරියාවේ ඩමස්කස් ගුවන්තොටුපල ආසන්නයේ විශාල පිපිරීමක් සිදුව ඇතැයි සිරියාවේ මානව හිමිකම් සංවිධාන කියයි. 27 April 2017
උතුරේ හර්තාලයට රජයේ වාහනත් යොදාගෙනලු උතුරු ප්‍රදේශයේ අද පැවැත්වෙන හර්තාල් ව්‍යාපාරයට රජයේ වාහන යොදාගන්නා බවට පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය චෝදනා කරයි. 27 April 2017
පොලිසියට වෙඩි තැබූ සැකකරු පොලිස් වෙඩි පහරින් මරුට කුරුණෑගල මාස්පොතදී පොලිස් නිළධාරියකුට වෙඩි තබා ඝාතනය කළ සිද්ධියේ ප්‍රධාන සැකකරු හම්බන්තොටදී පොලිසිය සමග සිදුවූ බව කියන වෙඩි හුවාමාරුවකින් මියගොස් ඇත. 27 April 2017
ඇමරිකානුවෝ උතුරු කොරියාව මට්ටු කරන්න සැරසෙති න්‍යෂ්ටික සහ මිසයිල වැඩසටහන් නැවැත්වීමට බල කිරීමේ අරමුණින් උතුරු කොරියාවට නව සම්බාධක සහ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ග ගැනීමට ඇමෙරිකා එක්සත් ජනපදය තීරණය කර තිබේ. 27 April 2017
සුරාබදු ආඥා පනත යටතේ නඩු දාන්න පොලිසියටත් පුළුවන් සුරාබදු ආඥා පනත යටතේ නඩු පැවරීමට ශ්‍රී ලංකා පොලිසියට හැකියාව ඇතැයි ගාල්ල මහේස්ත්‍රාත් නිශාන්ත පීරීස් මහතා අද(27) තීරණය කළේය. 27 April 2017
ලුණුගල පොලිස් ස්ථානාධිපතිගෙන් පහර කෑ පොලිස් පරීක්ෂක රෝහලේ ලුණුගල පොලිස් ස්ථානාධිපතිගේ පහරකෑමට ලක්වූ බව කියන පොලිස් පරීක්ෂකවරයකු බදුල්ල මහ රෝහලට ඇතුළු කර ඇතැයි පොලිස් ආරංචි කියයි. 27 April 2017
මඩකලපුවේ සිවු නිවුන් දරු උපතක් මඩකලපුව ශීක්ෂණ රෝහලේදී අයි.විජිතකුමාරි (35) නම් මවක සිවු නිවුන් දරු උපතක් කළ බව මඩකලපු ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ එම් එස් ඉබ්‍රාලෙබ්බේ මහතා පවසයි. 27 April 2017
මුලින්ම පුංචි ඡන්දේ මේ වසරේදී පවත්වන පළමු මැතිවරණය පළාත් පාලන මැතිවරණය මිස ජනමත විචාරණයක් නොවේයැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා කොළඹදී බදාදා (26) පැවැසීය. 27 April 2017
කළුතරදී බන්ධනාගාර බසයට වෙඩිතැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු අත්අඩංගුවට කළුතර බන්ධනාගාරයේ සිට සමයං නමැත්තා ඇතුළු සැකකරුවන් පිරිසක් රැගෙන යමින් සිටි බස් රථයට වෙඩි තබා කිහිප දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු ලෙස සැලකෙන චමින්ද නමැත්තා පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසය මගින් ගම්පහ කිනිගම ප්‍රදේශයේදී අත් අඩංගූවට ගෙන ඇතැයි පොලිසිය කියයි. 27 April 2017
ශ්‍රී ලංකාව - ඉන්දියාව මහාමාර්ගයකින් සම්බන්ධ කිරීමේ සාකච්ඡා ශ්‍රී ලංකාව හා ඉන්දියාව සම්බන්ධ කරමින් මාර්ගයක් ඉදිකිරීම සම්බන්ධයෙන් තමන් ශ්‍රී ලංකාවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කළ බව ඉන්දියාවේ මහාමාර්ග හා නාවික කටයුතු පිළිබඳ ඇමති ගද්කාරී මහතා ට්විටර් පණිවුඩයක් ඔස්සේ ප්‍රකාශ කරයි. 27 April 2017
ඉවසීමෙත් සීමාවක් තිබෙනවා: ෆොන්සේකා පත්කළේ ඒ නිසයි ‘‘කොයි දේටත් ඉවසීමේ සීමාවක් තිබිය යුතුයි. හැම දේටම ඉඩදීමේ ප්‍රමාණයක් තිබෙනවා. සරත් ෆොන්සේකා පත් කළේ ඒ නිසයි. මැයි පළමුවැනිදායින් පස්සේ බලාගනිමු’’ යැයි විදේශසේවා ඇමැතිනි තලතා අතුකෝරල මහත්මිය බදාදා(26) පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවාය. 27 April 2017
උතුරු - නැගෙනහිර හර්තාලයෙන් ජන ජීවිතය අඩාල වෙයි උතුරු නැගෙනහිර අතුරුදන් වූවන්ට සාධාරණය ඉටුකරන ලෙස හා හමුදා බාරයේ ඇති ඉඩම් නිදහස් කරන ලෙස ඉල්ලා උතුරු නැගෙනහිර පළාත්වල අද(27) හර්තාල් ව්‍යාපාරයක් පැවැත්වෙයි. 27 April 2017
ඇමරිකාව පීඩනය වැඩිකරයි උතුරු කොරියාව තම හමුදාවේ 85 වැනි සංවත්සර උළෙල හමුදා අභ්‍යාස ද කරමින් අඟහරුවාදා දිනයේදී සමරනු ලැබීය. කොරියානු අර්ධද්වීපයේ අර්බුදකාරී තත්ත්වය දිනෙන් දින උග්‍ර අතට හැරෙන අවස්ථාවකදී තම හමුදා බලය පෙන්වමින් උතුරු කොරියාව හමුදාව 85ක් ගෙවීමේ සතුට සමරද්දි ඇමෙරිකාව දකුණු කොරියාව වෙත සබ්මැරීනයක් එවීය. 26 April 2017
බැඳුම්කර වංචාකරුවන් පෝරකයට ගෙනයන්න නීතිපතිවරයා හදනවා - ජනාධිපති නීතිඥ ද ලිවේරා බැඳුම්කර වංචාකරුවන් පෝරකයට ගෙන යෑමට නීතීපතිවරයා කටයුතු කරන්නේ යැයි අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා බැදුම්කර කොමිසම හමුවේ අද (26) පැවසීය. 26 April 2017
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගමන් 18 ක කාලය හෙට දිනයේ පමණක් වෙනස් වෙයි ඉන්දියාවේ පරීක්ෂණ ගුවන් ගමනක් නිසා හෙට දින එරට ගුවන් සීමාව තහනම් කරන බැවින් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගමන් 18ක කාලය ද වෙනස් කරන බව එම සමාගම කියයි. 26 April 2017
බැඳුම්කර නිකුතුව සෙවීමට පත්කළ ජනාධිපති කොමිසමේ කාලය මාස තුනකින් දීර්ඝ කෙරේ වත්මන් රජය යටතේ භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති පරීඬණ කොමිසමේ කාලය අද (27) සිට තවත් මාස තුනක් දක්වා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දීර්ඝ කොට ඇත. 26 April 2017
කම්කරු දිනය වෙනුවෙන් සේවකයන්ට සහන මැයි දිනය වෙනුවෙන් වැඩ කරන ජනතාවට සහන රැසක් ලබා දීමට බලාපොරොත්තුවන බව කම්කරු වෘත්තිය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව් ඩී ජේ සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේය. 26 April 2017
මීතොටමුල්ලේ ඛේදවාචකය ගැන සොයන්න ජනාධිපති කමිටුවක් පත්කරයි මීතොටමුල්ල ඛේදවාචකය ඇතිවීමට හේතු වූ කරුණු පිළිබඳ සොයා බලා වාර්තා කිරීමට ජනපති නියමයෙන් ජනාධිපති පරීක්ෂණ කමිටුව පත් කෙරේ . 26 April 2017
තවත් කසල කඳු දෙකක් ඉතාමත් අනතුරුදායක තත්ත්වයේ - ඇමති පාඨලී ඉදිරියේදී අනතුරුදායක තත්ත්වයට පත්විය හැකි කසල කඳු ගණනාවක් ඇති බවත්, මහනුවර දිස්ත්‍රික්කයේ ගොහාගොඩ හා ගම්පොළ කසල කඳු දෙක ඒ අතරින් ප්‍රධාන බවත් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. 26 April 2017
ප්‍රමිත පොදු ජන පෙරමුණේ මැයි රැළියට එක්වෙයි ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුඡන පෙරමුණේ මැයි රැලියට සහභාගි වන්නට තිරණය කළ බව ප්‍රමිත බංඩාර තෙන්නකෝන් මහතා ලංකාදීපයට අද (26) පැවැසිය.රට ගොඩනැගිමට ඇති එකම විසදුම මහින්ද රාඡපක්ෂ මහතා සමඟ එක්ව කටයුතු කිරිම බවද මන්ත්‍රිවරයා පැවැසිය. 26 April 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026