(ජුඩ් සමන්ත)
ගංවතුර තත්ත්වය නිසා පීඩාවට පත්ව සිටින ජනතාවගේ සුව දුක් විමසා බැලීම සඳහා ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා නාත්තන්ඩිය ප්රදේශයට පැමිණියේය.
මහවැව ප්රාදේශීය ලේකම් කාර්යාලයේ දී දිස්ත්රික්කයේ දේශපාලන අධිකාරිය සහ නිලධාරීන් සමඟ මුලින්ම සාකච්ඡාවක් පැවැත්වූ ජනාධිපතිවරයා පසුව නාත්තන්ඩිය මැතිවරණ කොට්ඨාසයේ මැදගොඩ ප්රදේශයට ගොස් ගංවතුර හේතුවෙන් සිදුවී ඇති හානිය නිරීක්ෂණය කළේය.
ඉන්පසුව නාත්තන්ඩිය විහාරස්ථානයේ පිහිටුවා ඇති සුරක්ෂිත කඳවුර වෙත ගිය ජනාධිපතිවරයා එහි රැදී සිටි පිරිස සමඟ කතා බහකද නිරත විය.
ගංවතුර හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට කඩිනම් සහන සලසන ලෙසත්,මේ හේතුවෙන් සිදුවී ඇති සියළු හානි යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන ලෙසත් ජනාධිපතිවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා කිව්වත් කෙරුවත් ජනාධිපති තුමා හරිම සරලයි.
ඔව් සෙරෙප්පු කුට්ටමක් වත් නෙතුව ඇවිත් තියෙන්නේ.
බල බල ඉන්න ශාන්ත දාන්තව, රට දවසගානේ ප්රපාතයට