(ත්‍රිකුණාමලය අමදෝරු අමරජීව)
දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්රාන්තයේදි ජනතා උද්ඝෝෂණයකට එල්ල වු වෙඩි ප්‍රහාරයකින් සාමාන්‍ය වැසියන් 13 දෙනෙකු මියයෑම හෙලා දැක විරෝධතාවක් හා ඔවුන් සිහිකිරිමක් අද (26) ත්‍රිකුණාමලයේදී පැවැත්වුණි.
දෙමළ ජාතික ජනතා සංවිධානය නම් වු සංවිධානයක් මගින් මෙම විරෝධතාවය හා අනුස්මරණය පැවැත්විය. එයට සහභාගි වූ පිරිස් පැවැසුවේ විරොධතා පැවැත්වීම ජනතාවට ඇති අයිතියක් බවත්, එයට වෙඩි තබා මනුෂ්‍ය ඝාතන සිදුකිරීම තරයේ හෙලා දකින බවත්ය. ත්‍රිකුණාමලය විදුලි බලාගාර මාවතේ පැවැති විරෝධතාවයෙන් අනතුරුව මියගිය අය සිහිකර ඉටිපන්දම් දල්වනු ලැබිය.
තමිල්නාඩු ප්‍රාන්තයේ 23දා සිදුවු මෙම වෙඩිතැබිමෙන් මියගිය අය අතර ශ්‍රි ලාංකිකයෙකුද සිටින බව විරෝධතාකරුවෝ පැවසුහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ ජීවත්වන ලංකාවේ කොළඹ විරෝධතා කරන අයට ආණ්ඩුවෙන් ගස්සන එක ගැනත් ඔය විදිහටම ලංකාවේ ආණ්ඩුවට කියන්නකෝ.
මේ තමිල්නාඩුවෙන් ( දකුණු ඉන්දියාවෙන් ) අපට හැමදාම තිබුනෙත්,තිබෙන්නේත් පුදුම කරදරයක්.පුරානයේදී සොලීන් ලෙස මේ රට ආක්ක්‍රමනය කලෙත් තමිල්නාඩු කාරයෝම තමයි.කොටි උවදුරෙදීත් මොවුන් අපට කලේ නිමක් නැති කරදර තමයි.දැන් මෙහෙ ඉන්න මේ කට්ටිය එහෙ වෙච්ච දේට මෙම උද්ඝෝෂණ විරෝධතා පවත්වනවා.මේවා අනාගතයේ නරක දෙයක පෙරනිමිති වගෙයි පෙන්නේ.
මෙහෙ උද්ඝෝෂණය කරන්නේ මොනවටද? තමිල් නාඩුවට ගිහිල්ලා උද්ඝෝෂණය කරන්න!
බැරිද ඔය කට්ටිය ඔක්කොමට තමිල් නාඩුවේ පදිංචියට යන්න? එතකොට එහෙ ඉඳන්ම විරෝධතා කරන්න පුළුවන්...
රටක් නැති ජාතියකට කරන්න පුලුවන් ඔය වගේ වැඩ තමයි.
තමිල්නාඩු කියන්නෙ ඊලාම් රාජ්‍යයේ දිගුව. ඉතින් ෆෙඩරල් ඉන්දියාවේත් දෙමල ජනතාව පීඩාවට පත් වෙනවා කියල පෙන්වන එක බෙදුම්වාදයට වාසිය්.
උතුරා දොරේ ගලායන සන්හින්දියාවේ අසිරිය.
ලංකාවේ දෙමළ මිනිස්සු ඉන්දියන් තමිල්නාඩු රජයට විරුද්ධව උද්ගෝෂණය කරන එක හොඳයි. නැත්නම් මෙයාල එකතුවෙලා අපිටයි කරදර කරන්නේ.